Friday, April 26, 2024

ඡායාරූපමය කතාව: දිර්ඝ කාලීන සිරදඩුවම් වීදින සිරකරුවන්ට යුතු සහ නිසි සහන ලබා දෙන්න; සීපීආර්පීය ජනාධිපතිගෙන් ඉල්ලයි.

මෙරට බන්ධනාගරයනහි මරණ දඩුවම ඇතුළු දීර්ග කාලින සිරදඩුවමි විදින සිරුකරුවනට සහ සිරකාරියනට පනැත්ථාපනය කිරීමේ් මූලධර්මය යටතේ සහන ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් ඊයේ එනම් 09දා කොළඹ ජනාධිපති කාර්යාලය අසල පවත්වන ලදී.

මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.

දෙසියකට ආසන්න සිරකරුවන්ගේ ඥාතීන් සිය කැමැත්තෙන්ම පැමිණ මෙම උද්ඝෝෂණයට සහභාගි විමෙන්ම මෙම ඉල්ලීමෙහි ඇති සාධාරණත්වය සහ වැදගත්කම පෙනේනනේ යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

සමහර රැදවියන් මේ වන විට වසර 25ක් පමණ සිරගෙදර ගත කර ඇති බවත් නිසි සමා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් ඔවුනට නිදහස ලැබිය යුත් බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

ජනාධිපතිවරයා වෙත ඊයේ බාර දෙන ලද ලිපියෙහි සදහන් වන වැදගත් කරුණක් නම් යහපත් කල්ක්‍රියාව වෙනුවෙන් සිරකරුවට හිමිවිය යුතු සමා කාලයන් පවා නිසි සමාලෝචනයක් නැති කම නිසා සිරකරුවනට නොලැබෙන බවයි.

දුමින්දට දුන් සමාව අපට අහිමි ඇයි යනුවෙන් පැමිණ සිටි ඥතීහු සටන් පාඨ ප්‍රදර්ශණය කළහ.

එම ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

Related news