Saturday, April 27, 2024

සිය පුතා අනීතිකව ඝාතනය කිරීම වළක්වන්නැයි පොඩි ලැසීගේ මව එක්සත් ජාතීන්ට ආයාචනා කරයි.

ඡායාරූපය: නීතිඥ සේනක පෙරේරා සහ පොඩි ලැසී ගේ මව දිල්හානි තනෝජා ඒක්සත් ජාතීන් වෙත ලිපි බාරදීමෙන් පසු.

‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි රදවා සිටින ජනිත් මධුසංඛ නම් සිය පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඔහුගේ මව වන ඒ.ඒච්.දිල්හානි තනෝජා කොළ ඹ එක්සත් ජාතීන් හමුවට ගොස් අද ඉල්ලා සිටියාය.

මෙම අවස්ථාවට ඇය සමඟ එක්ව සිටි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද එක්සත් ජාතීන් වෙත ලිපියක් බාර දී තිබේ. සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව වෙනුවෙන් එහි සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් ඇය සමග එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ සිටියේය.

පොඩි ලැසී

ඹධුසංකගේ මව සිය පුතාට භයානක මරණ අනතුරක් ඇති බව තමන්ට දන්වා ඇති බව  ප්‍රකාශ කරන ඒම ලිපිය කියා සිටිනනේ රජයේ පාර්ශවයන් විසින් පතාල අපරාධරකරුවන් ලෙස හදුන්වන ලද කිහිප දෙනෙකුම පසුගිය කාලයේ අත්අඩංඟුවෙහි දී ඝාතනය කර ඇති බවයි.

ජනිත් මධුසංඛ යනු පොඩි ලැසී නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධයන්ට සම්බන්ධ යැයි පෙලිසිය චෝදනා කර ඇති පුද්ගලයාය.

හික්කඩුව සංචාරක හෝටලයකදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා  2015 මාර්තු 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසී චෝදනා ලබා තිබේ.

මෙරට එක්සත් ජතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වෙත ඉදිරිපත් කර ඇති ඇයගේ ලිපියෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මානිව හිමිකම් කොමිසමට හෝ පොලීසියට මේ ගැන කියා සිටීමෙන් පලක් නොවන බව පසු දාක ටින්කරින් ලසන්ත ඝාතනය කිරීමෙන් පෙනී යන බවයි.

සිය පුතා වන මධුසංඛ වෙත පනවා ඇති රිදවුම් නියෝගයමෙම මස 16වනදා අවසන් වන බව ඇය එම ලිපියෙහි සඳහන් කරයි. අනතුරුව ඔහු කොලඹ අපරාධ විමර්ශන එ්කකයට මාරු කරන බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත් ඉන්පසු ආයුධ පෙන්වීමට ගෙන යන මුවාවෙන් ඔහු ඝාතනය කිරීමට ඉඩ ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත් ඇය තවදුරටත් එම ලිපියෙහි සඳහන් කරයි.

පොඩි ලැසී සමග එක්ව සංවිධානාත්මක අපරාධ කළ බවට කියැවෙන දැනට ඩුබායි හි ජීවත් වන කොස්ගොඩ සුජී විසින් පොඩි ලැසී ඝාතන කොන්ත්‍රත්තුවක් දී ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා පළ වී තිබේ. කොස්ගොඩ සුජීගේ සහෝදරියක් බලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණූ මංත්‍රීවරියක් ලෙස තේරී පත්ව සිටින බවද කියැවේ.

පොඩි ලැසී ගේ මව විසින් මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත බාරදුන් ලිපිය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news