Thursday, April 25, 2024

ඒකාබද්ධ සිවිල් සමාජ ලිපියට පොලිස්පති උත්තරය: ටින්කරින් ලසන්ත ඝාතනය ගැන තොරතුරු මදියි! 

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම්වලට ගරු කරන ආයතනයක් බවට පත් කරන ලෙසත් ඉල්ලමින් සංවිධාන 14ක් සහ සිවිල් ක්‍රියාකාරිකයෝ 44 දෙනෙක් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යවන ලද ලිපියට අපුරු පිළිතුරක්  පෙලිස්පති කාර්යාලයෙන් ලැබී තිබේ.

එම පිළිතුර නම් එම ලිපිය ඉදිරිපත් කරන කාරණය ගැන සෙවීමට තමන්ට කරුණු අප්‍රමණවත් බවයි.

එම පිළිතුර ඉහත දැක්වේ.

ඒතාබද්ධ  සිවිල් සමාජ  ලිපිය මෙසේ සඳහන් කර තිබුණි:

“ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජනමාධ්‍යවේදීන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් 25 වැනිදා රාත්‍රියේ ම මේ ඝාතනය නතර කරන ලෙස ඔබට සහ ඔබ ප්‍රධාන ධුරය දරන ශ්‍රී ලංකා පොලිසියේ වගකිවයුත්තන්ට දැනුම් දී තිබියදීත් මේ සැකකරු ඒ කී ආකාරයෙන්ම ඝාතනය කිරීම නීතිය, නීතිය ක්‍රියාක්මක කරන ආයතන හෑල්ලුවට ලක්කිරීමක් මෙන්ම මානව හිමිකම් සහ නීතියේ පාලනය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.”

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. තමන් මෙම ඝාතනය වළක්වන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කළ බව එම ප්‍රකාශය පැහැදිළිව දක්වයි.

එසේ තිබියදීත් පොලිසතිවරයා කියන්නේ මෙමම අනීතික ඝාතනය ගැන පියවර ගැනීමට කරුණූ ප්‍රමණවත් නැති බවයි.

මෙයට පෙර ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර කියා තිබුණේ තමන් යටතේ ඇති පොලීසිය මිනිස් ඝාතන නොකරන බවයි.

Archive

Latest news

Related news