හමුදාව, මුලතිව් මාධ්‍යවේදියකුට කටුකම්බි ඒතූ පොල්ලකින් පහර දුන් බවට සාක්ෂි ඉදිරිපත් වේ; විරෝධය පා ජනයා පාරට

967
මුලතිව්හිදී මාධ්‍ය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙකුට යුද හමුදාව විසින් සිදුකර ඇති අමානුෂික ප‍්‍රහාරය ඒරෙහිව අද මුලතිව් නගර මධ්‍යයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන්,සිවිල් ක්‍රියාකාරින් ,අතුරුදන්වුවන්ගේ පවුල වල සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

අද (27) පෙරවරුවේ මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව දැනට රෝහල්ගත කර ඇති මාධ්‍යවේදියාට හමුදාව පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව හෙළිවේ .

මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුප සාක්ෂිද සහිතව මේ බව පොලිසියට දැනුම් දි ඇතැයි වාර්තාවේ .

මුලතිව් මාධ්‍ය සමාජය‌ේ භාණ්ඩාගාරිකද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.මුල්ලිවෛක්කාල නාමපුවරුව ඡායාරූප ගනිමින් තිබියදි මෙම තිරිසන් ප්‍රහාරය සිදුව ඇත.

මෙම පහර දිම අද පෙරවරු 10 ට පමණ සිදුව තිබේ.

මුලතිව්හිදී මාධ්‍ය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙකුට යුද හමුදාව විසින් සිදුකර ඇති අමානුෂික ප‍්‍රහාරය ඒරෙහිව අද මුලතිව් නගර මධ්‍යයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන්,සිවිල් ක්‍රියාකාරින් ,අතුරුදන්වුවන්ගේ පවුල වල සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

මේ ප්‍රහාරයට එක්ව සිටි හමුදාවේ පිරිසගේ ඇදුම්වලට මඩතැවරි ඇති අතර මුලතිව් මාධ්‍ය සගයන් විසින් ඒ සියලු ඡායාරුප දැනටමත් සමාජය වෙත මුදා හැර තිබේ.ප්‍රහාරය එල්ල කළ සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් දක්නට ලැබිණි
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මුලතිව් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ කියා සිටියේ මේ සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ අරභා ඇති බවය.

මේ ප්‍රහාරය අදාල විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකගෙන් විස්තර දැනගත හැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය .

කටුකම්බි ඒතු කිතුල් පිත්ත
පහරදුන් අයගේ ඇදුම්වලත් ලේ පැල්ලම්
ප්‍රහාරයට ලක්වු විශ්වලිංගම්ගේ ඇග පුරාම මඩ
පොලිසිය විසින් මාධ්‍යවේදියාව රෝහල්ගත කිරිමට ගෙන යයි
මඩ තැවරි ඇති හමුදා ඇදුම්

ඡායා – තවසිලන් ෂන්මුගම් -මුලතිව් මාධ්‍ය සමාජය

WebNews