Tuesday, July 16, 2024

ටින්කරින් ලසන්ත ඝාතනය දැන දැනත් එයට ඉඩ හැරි පොලිස්පති ඊට වගකිය යුතුයි! – නීතිඥ සංගමය

ටින්කරින් ලසන්ත ඝාතනය  එදින රැයෙහි සිදු වීමට ඉඩ ඇති  බවට ලසන්තගේ නීතිඥ සංජය ආරියදාස කරන ලද අනතුරු ඇඟවීමක් 25 රාත්‍රියේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබියදීම බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

නීතිඥ සංජය ආරියදාස විසින් කරන ලද දදැනුම් දීමෙන් පසු  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වහාම මේ පිළිබදව පොලිස්පතිවරයාට ඊමේල් මගින් හා කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ.

එයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන භාර කොමසාරිස්, කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන අධ්‍යක්ෂ වෙතද ඒ සම්බන්ධයෙන්  දැනුම් දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ද දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩි දුරටත් නිවේදනය කර ඇත. ඒ මානුෂීය නියෝජිතායතන සාමුහිකයේ (CHA) ප්‍රධානී ධුරය ඔහු දරන හෙයිනි.

ත්‍යාගරාජා සහ මානව හිමිකම් කොමිෂන් සභාව නීතිඥ සංගමය වෙත පවසා ඇත්තේ තමන් එම තොරතුර අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවය.

මෙවැනි මැදිහත්වීම් කර තිබියදී එච්.එල් ලසන්ත‌ නොහොත් ටින්කරින් ලසන්ත ‌ පොලිස් අත්අඩංඟුවෙහි දී ඝාතනය කිරීම නීතියට පිටින් කරන ලද මිනීමරුමක ස්වභාවය ගන්නා බව නීතිඥ සංගමය පවසයි.

තවද එම සංගමය පවසන්නේ මෙම ඝාතනය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කරුණු පැහැදිළි කළ යතු බවයි.

එම නිවේදනය පහත දැක්වේ:

Archive

Latest news

Related news