Thursday, April 25, 2024

මාධ්‍ය සහ නීතිවේදියාගේ අනතුරු හැඟවීම නොතකා කලුතර පොලිසිය ටින්කරින් ලසන්ත ඝාතනය කරයි!

කලුතර පොලිසියේ ප්‍රධානියකු විසින් හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත අත් අඩංඟුවට ගෙන මරා දමන්නට යන බවට බවට 25දා උදෑසන ලංකා දවස වෙබ් අඩවිය වාර්තාවක් පළ කළේය.

ශ්‍රී ලංකාවෙහි තහනම් කර ඇති එම වෙබ් අඩවිය ලංඩනයේ සිටි ක්‍රියාත්මක වෙයි.

එම වාර්තාවෙහි මෙසේ සඳහන් විය.

“කළුතර සහකාර XXXXXXXXX , හා කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ  XXXXXXXXXXXXX යන දෙදෙනා මාතර කැකුණ දුර තරුණයෙකු වන එච්. එල් .ලසන්ත නොහොත් ටින්කරින් ලසන්ත යන පුද්ගලයා  ගෙන ගොස් සඟවා ඇති අවි සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට යාමේ දී වෙඩි තබා මරා දැමීමට  සූදානම් වන බවට අප වෙත තොරතුරක් ලැබී ඇත.

මේ තොරතුර ලද වහාම පුද්ගලිකවම පොලිස් මුලස්ථානය අමතා දැනුම් දුන් නමුත් කිසිදු කිසිදු පුද්ගලයෙකු දුරකථනයට සම්බන්ද නොවිය. ඊට අමතරව කළුතර කොට්ඨාස මෙහෙයුම් මැදිරි අමතා මෙම පුද්ගලයාගේ ඝාතනය වහාම නතර කරන ලෙසත් එසේ කළහොත් ඒ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි (11) දුමින්ද රාජපක්ෂ ඊට වගකිව යුතු බවද පුද්ගලිකවම දැනුම් දී ඇත.අප විසින් කරන ලද මෙම දැනුම් දෙනු පිළිබඳව හඬ පටයක් අප සතුව ඇත.

කළුතර දිසාවද භාරව සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් වීම විශේෂත්වයකි.”

එම අනාවැකිය සනාථ කරමින් 25වනදා මාතර බලා ගිය කලුතර පොලිස් කන්ඩායමක් ලසන්ත, ඔහුගේ බිරිඳ සහ දරුවා ඊයේ රාත්‍රී 8.00 පමණ කලුතර පොලිසියට ගෙන එන ලදී.

බිරිද සහ දරුවා නිදහස් කිරීමෙන් පසු ලසන්ත එලියට ගෙන ගොස් මරා දැමීමේ අනතුරක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස පොලිස්පතිවරයාට මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම සිදුවීම කල්තබා වාර්තා කළ “ලංකා දවස” වෙබ් අඩවියේ කර්තෘ,  25 වන දින රාත්‍රියෙහි 0342222227 දරණ කලුතර පොලිසියේ මෙහෙයුම් මැදිරිය අමතා මෙම ඝාතනය කළ හොත් ඊට වගකීමට සිදු වනු  ඇතැයි තමා කියූ සහ ඊට පොලිස් නිලධාරියා දුන් පිළිතුර අඩංඟු හඬපටියක් තමා සතු යැයි ප්‍රකාශ කර තිබේ.

ටින්කරින් ලසන්ත ඝාතනය කරන ලද්දේ පූර්ව සැළසුමක් අනුව බව මෙම සිදුවීම් සියල්ල පරීක්ෂා කරන විට සැකකළ හැකි බව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවෙහි සභාපති නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

ඝාතනය කරන ලද ලසන්තගේ සිරුර

ඔහු ගෙන ඒමට ගිය කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් නම් නිලධාරියාය.හේවා ලුනුගේ ලසන්ත සන්සයින් සුද්දා නම් කුඩු ජාවාරම්  සම්බනදයෙන් ඤෝදනා ලබා සිටි සන්සයින් සුද්දා මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංඟුවට ගෙන ඇප පිට නිදහස් වී සිටි අයෙකි.

සන්ෂයින් සුද්දා පසුගිය සැප්තැම්බර් 3 වැනිදා මාතර, කොටවිල, වරකපිටිය ප්‍රදේශයේදි වාහනය තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංඟුවට ගන්නා ලදී.

සන්ෂයින් සුද්දා නමින් ප්‍රසිද්ධ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා විශාල ව්‍යාපාරිකයකු වූ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු යැයි චෝදනා ලද පොලිස් අත්අඩංඟුවෙහි දී ඝාතනය කරන ලද  මාකඳුරේ මදූෂ්ගේ ළඟම හිතවතකු යැයි කියැවේ. මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම ගැන ඔහුට ද නඩු පැවරී තිබුණි. ඔහු සතුව ටෝලර් යාත්‍රා පහක් තිබුණැයිද  අනෙක් ධිවරයින්ගෙන් කප්පම් ගත්තේ යැයි ද  කියැවේ.

ඊයේ අලුයම පොලිසිය විසින් ඝාතනය කරන ලද ටින්කරින් ලසන්ත ද සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයකු යැයි කියැවේ.

පොලිසිය පරණ පුරුදු කතාන්තරය මේ අවස්ථාවෙහිදීත් ප්‍රකාශ කර තිබේ. එනම් ආයුධ පෙන්වීමට ගොස් පොලිස් නිලධාරීන්ට බෝම්බයක් ගැසීමට සූදානම් වූ අවස්ථාවෙහි දී පොලිසිය ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බවයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ කළුතර උතුර දියගමදී ය.

මෙම පොලිස් ප්‍රකාශයේ යටි අරුත අපරාධකරුවකු වන නිසා ඔහුට වෙඩි තබා මරා දැමූ බවයි. බොම්බ පෙන්වීමට රැගෙන යාම යන්නේ යටි අර්ථය ඝාතනය කිරීම සඳහා ගෙන යෑමය.

නීතිඥවරයකු පෙනී සිටිය දී සහ වෙබ් මාධ්‍ය මගින් මෙම ඝාතනය පුරෝකථනය කර තිබිය දී කිසිදු බියකින් තොරව තමන් භාරයේ සිටි මෙම සැකකරු ඝාතනය කිරීම මගින් පෙන්වන්නේ පොලිසිය අවශ්‍ය නම් ඕනෑම අයකු අත්අඩංඟුවට ගෙන ඝාතනය කිරීමට අවසරය ලබා දී ඇති බව යැයි ද නීතිඥ සේනක පෙරේරා වැඩි දුරටත් පැවසීය.

තමන්ඉට කිසිදු  නීතිමය ප්හ‍රශ්ළිනයක්න් ඇති නොවන බවට ඉහළින් ලැබෙන අවසරයක් නොමැතිව මෙවැනි ඝාතනයක් කිරීමට පොලිස් නිලධරීන් කටයුතු නොකරනු ඇතැයි ද දේශපාලන අංශ දක්වති.

මාකදුරේ මධුෂ් මෙන්ම ටින්කරින් ලසන්ත ඝාතනය කරන ලද්දේ බස්නාහිර පලාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බල වපසරිය තුළය.

(SLB)

 

Archive

Latest news

Related news