Sunday, May 5, 2024

කරන්නාගොඩ නිදහස් කිරීමට ලියූ රහස් වාර්තාව අධිකරණය වහාම ඉල්ලයි.

ඡායාරූපය https://www.dailypioneer.com වෙතිනි.

හිටපු නාවික හමුදාති වසන්ත කරන්නාගොඩ තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවෙන් ඉවත් කිරීීමට තීරණයක් නැතැයි පසුගිය සිකුරාදා අධිකරණයට කී නීතිපති දෙපාර්තමේන්තුව අද (01) කියා සිටියේ එවැනි තීරණයක් ගත් බවත් එම තිරණය ගත්තේ රහස්‍ය වාර්තාවක් පදනම් කොට ගෙන යැයි කියාය.

මේ බව කියා සිටියේ කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට විරුද්ධව අතුරුදන්වූ තරුණයින්ගේ ඥාතීන් පිරිසක් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම අද දින කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ විසිනි.

එම පෙක්සම ගොනු කර තිබුණේ මෙම මා පියන් වෙනුවෙන් දිගටම පෙනී සිටි නීතිඥ අචලා සෙවිරත්න මගිනි.

යට කී රහස්‍ය වාර්තාව  හෙට (02) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ ය.

මෙම වාර්කාව සකස් කරන ලද්දේ කුමන නීතිඥයා විසින්දැයි ද එහි අන්තර්ගතය කුමක්දැයි ද හෙය හෙළි දරව් වනු ඇත.

Archive

Latest news

Related news