Saturday, April 20, 2024

මාධ්‍යවේදී  කනගසබේ විමලදාස්ගෙන් ත්‍රස්ත පොලිසිය පොලීසිය පැය හතරක් ප්‍රශ්න කරයි

ඡයාරූපය: කනගසබේ විමලදාස් (JDS)

උතුරු නැගෙනහිර ක්‍රියාධාරීන් හා මාධ්‍යවේදීන් පසුපස නොනවත්වා හඹා යමින් ත්‍රස්ත මර්දන පොලිසිය තවත් දෙමළ සමාජ ක්‍රියාකාරිකයකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ සමාජ කටයුතු වල නිරත කනගසබේ විමලදාස් ඔක්තෝබර් 28 දා වවුනියාවට කැඳවා ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පැය හතරහමාරකට වඩා ප්‍රශ්න කළ බව පලාතේ මාධ්‍යවේදීහු වාර්තා කරති.
තමන් සම්බන්ධ වී සිටින ප්‍රජා සංවිධාන මෙන්ම ෆේස්බුක්, වට්සැප් සහ වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ගිනුම් ද ත්‍රස්ත මර්දන පොලිසියේ විමර්ශනයට පදනම් වූ බව විමලදාස් දෙමළ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
මෙම ප්‍රශ්න කිරීම සිදුවී ඇත්තේ උතුරේ ජන සංයුතිය වෙනස් කිරීමේ අරමුණින් ආණ්ඩුව වවුනියා මායිමේ සිංහලයන් දහස් ගණනක් පදිංචි කිරීමට විරෝධය පාන උද්ඝෝෂණයක් පැවැත්වීමට පෙර දිනයේය.
මීට දින දෙකකට පෙර වව්නියාවේ ප්‍රාදේශීය ප්‍රජා සංවිධානයක් සම්බන්ධයෙන්  ප්‍රදේශයේ දෙමළ මාධ්‍යවේදියකු වන නවරත්නම් කපිලනාත්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකය ප්‍රශ්න කර තිබුණි.
මුස්ලිම් නිදහස් මාධ්‍යවේදියකු හා බීබීසී දෙමළ සේවයේ වාර්තාකරුවකු වන අම්පාර අඩ්ඩාලචේනෛ ප්‍රදේශයේ පදිංචි යූ. එල්. මබ්රූක්ද නොවැම්බර් 8 වැනිදා කොළඹ 5 පිහිටි ත්‍රස්ත මර්දන මර්දන හා විමර්ශන ඒකකයේ ප්‍රධාන කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

Archive

Latest news

Related news