Thursday, May 2, 2024

එක්සත් ජාතීන්ගේ මහ සමුලුවට ඩයිනෝසරයෙක් කඩා වැදී අනතුරු හඟවයි: “විනාශය තෝරා ගන්න එපා!” (වීඩියෝ)

දේශගුණය රැක ගැනීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය වන්නේ කුරුල්ලන් සඳහා යැයි  තවමත් සිතන සියලු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුටම විශේෂ අනතුරු ඇඟවීමක් කරමින් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පිහිටි මහා සභා රැස්වීම් ශාලාවට රුදුරු සහ කතා කරන ඩයිනොසෝරයෙක් කඩා වැදුණි.

“අඩුම තරමින් අපි  විනාශ වුණේ  ඇස්ට්‍රොයිඩ් එකක් ආව නිසා” යැයි මාංශ භක්ෂක සත්වයා අනතුරු අඟවන්නේ මීට වසර මිලියන 70කට පෙර ඩයිනෝසරයන් වඳ වී යාම පැහැදිලි කරන ජනප්‍රිය න්‍යාය ගැන සඳහන් කරමිනි.

අනතුරුව ඩයිනෝසරයා  මෙසේ විමසයි: “ඔබේ නිදහසට කරුණ කුමක්ද?”

ඩයිනොසෝරයා පසුව ව්‍යාකූල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පවසන්නේ දේශගුණික අර්බුදය විසඳීම සඳහා “මිනිසුන් නිදහසට කරුණු දැක්වීම නවතා වෙනස්කම්  ඇති කිරීමට කාලය පැමිණ ඇති බවයි”

මෙය ඇත්ත වශයෙන්ම සැබෑ සිදුවිමක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මෙම අඟහරුවාදා දියත් කරන ලද පරිගණකයෙන් ජනනය කරන ලද  නව කෙටි චිත්‍රපටයකි.

එහි තේමාව ‘වඳවීම තෝරා නොගන්න’ යනුය.

මෙම ව්‍යාපාරයේම කොටසක් ලෙස නිකුත් කරන ලද UNDP පර්යේෂණයෙන් පෙන්නුම් කරන්නේ, ලෝකයේ සෑම පුද්ගලයෙකුටම COVID-19 එන්නත ආවරණය කිරීමට ප්‍රමාණවත් වන , නැතහොත් ගෝලීය අන්ත දරිද්‍රතාවය තුරන් කිරීමට අවශ්‍ය වාර්ෂික මුදල මෙන් තුන් ගුණයක මුදලක්  එනම් ඩොලර් බිලියන 423ක්  ෆොසිල ඉන්ධන සඳහා සහනාධාර ලෙස ලබා දීම සඳහා ලෝකය වාර්ෂිකව වැය කරන බවයි.

“ඒ මුදලින් ඔබට කළ හැකි අනෙකුත් සියලුම දේවල් ගැන සිතන්න. ලොව පුරා මිනිසුන් දරිද්‍රතාවයේ ජීවත් වෙනවා.. ඔබේ  සමස්ත මානව ජීවී විශේෂයේම අභාවයට  යැවීමට වැය කරනවාට වෙනුවට  ඔවුන්ට උදව් කිරීම අර්ථවත් වනු ඇතැයි ඔබ සිතන්නේ නැද්ද? ” ඩයිනෝසෝරයා  එක්සත්  ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් විමසයි .

( යූඑන් නිව්ස් ඇසුරෙනි)

 

 

 

Archive

Latest news

Related news