Thursday, May 2, 2024

බීමත් නියෝජ්‍ය පොලිස්පති මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි (විඩියෝ)

මෝටර් රථයකින් මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු නවතා ඔහුට පහර දෙන පොලිස් නිලධාරියෙකුගේ  වීඩියෝවක්  අද මෙරට සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ රත්නපුර කිරිඇල්ල මාර්ගයේ දී බව කියැවේ.

නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු

මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා ඔහුට පහර දෙමින් පොලිස් ජිප් රථයෙන් ඔහු රැගෙන යාමට අදාල ඉහළ පොලිස් නිලධාරියා උත්සාහ දරන උත්සාහය ඔහු සමඟ ගමන් කරමින් සියි බව පෙනෙන වැඩිමහල් කාන්තාවක් විසින් නතර කරනු ද වීඩියෝවෙහි පෙනේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා හොඳටම බීලා සිටින බවත් ඔහු තමාට පහර දෙන බවත් අදාළ පුද්ගලයා කියනු වීඩියෝවෙහි ඇසේ.

වාර්තාවන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධ වන්නේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින ගණනාව පුරාම පොලිස් නිලධාරීන්ගේ මෙවැනි දාමරික ක්‍රියා සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය විය.

 

Archive

Latest news

Related news