Saturday, April 20, 2024

උතුරෙහි ජන ගහණ රටාව වෙනස් කීරීමේ රජයේ වැයම නතර කරනු! දෙමළ මංත්‍රීවරු චමල්ට ලියති.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත ලිපියක් යවමින්, දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුවක් උතුරු පළාතේ “ජනගහන රටාව කෘතිමව වෙනස් කිරීම” නතර කරන ලෙස ඉල්ලා තිබේ.

වන්නි දිස්ත්‍රික්කයේ මායිම් වෙනස් කිරීමට රජය  ගනිමින්  තිබෙන උත්සාහ‍ෙ ගැන එම ලිපියේ මෙසේ සඳහන් කරයි.

“පළාත් දේශසීමා වෙනස් කිරීමේ මෙම ප්‍රයත්නයෙහි ඇත්තේ  ජනවිකාස රටාව වෙනස් කිරීමටත් සහ දෙමළ ජනයාගේ දේශපාලන ශක්තිය ක්‍රමානුකූලව දුර්වල කිරීමටත් යටි අරමුණකි.”

මෙම කාර්යය කරමින් සිටින අදාළ නිලධාරීන් කිසිවකු මෙම උතුරු පළාතෙහි පාර්ලිමේන්තු මංත්‍රීවරුන් කිසිවකු දැනුවත් කොට හෝ  විමසීමක් කර නැත.  ලිපිය ඒ ගැන මෙසේ සඳහන් කරයි.

“පළාත් දේශසීමා වෙනස් කිරීම රටේ උපායමාර්ගික තීරණයක් වන අතර එවැනි අවස්ථාවකදී තේරී පත් වූ නියෝජිතයන් ඇතුළු අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කළ යුතුය. නමුත් කිසිම අවස්ථාවක ඒ ගැන කතා කළේ නැත.”

“පළාත් දේශසීමා සහ දිස්ත්‍රික්කවල ජන විකාශන රටාව වෙනස් කිරීමේ සදාචාර විරෝධී උත්සාහය”  මැදිහත් වී නතර  කිරීමට බලධාරීන්ගේ “ක්ෂණික අවධානය” යොමු කරන ලෙස එම ලිපිය ඉල්ලා සිටී.

මෙම ලිපියට අත්සන් කර ඇති දේශපාලනඥයින් අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ටීඑන්පීඑෆ්) ප්‍රධානී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) ජ්‍යෙෂ්ඨ නායකයකු වන එම්.ඒ.සුමන්තිරන් ද වෙති. තවත් දෙමළ ජාතික මංත්‍රීවරුන් හත් දෙනෙකු ඊට අත්සන් තබා තිබේ.

උතුරු පළාතෙහි සිංහල ජනපද ඇති කිරීම මගින් එම පළාතෙහි දෙමළ බහුතරය වෙනස් කිරීම 1948 සිට  දිගින් දිගටම පවතින ක්‍රියාවළියකි.

යුද සමයෙහි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවෙහි ආරක්ෂක ඇමැතිවරයකු වූ ලලිත් ඇතුළත්මුදලි උතුරෙහි සිංහලයින් ලක්ෂ පහක් පදිංචි කළ යුතු යැයි යෝජනාවක්ද ගෙන ආවේය.

මහවැළි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ සංහලයින් බලයෙන් පදංචි කරවීමේ ව්‍යාපාරයක් අන්තවාදී භික්ෂුන් විසින් දියත් කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ යටතේද එම ක්‍රියාදාමය විශෙෂයෙන්ම නැගෙනහිර පළාතෙහි දියත් කර තිබේ.

(SLB)

Archive

Latest news

Related news