Thursday, May 2, 2024

ගිනි අවි ලබා ගත් පාර්ලිමේන්තු මංත්‍රීවර-වරියන් කව්රුන්දැයි පාර්ලිමේන්තුවට තොරතුරු ඉල්ලීමක්

නිල වශයෙන් පාර්ලිමේන්තුව හරහා ගිනි අවි ලබා ගෙන ඇති මෙරට මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන්ගේ ලැයිස්තුව ඉල්ලා තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ලෝක දිනය වූ සැප්තැම්බර් 28වන දිනය.

එය ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ සේනක පෙරේරා විසින් පාර්ලිමේන්තුවෙහි තොරතුරු නිලධාරී වන ටිකිරි කේ ජයතිලක වෙතය.

සේනක පෙරේරා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති ද පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥයකුද වේ.

ඔහු විසින් ඉල්ලා ඇති තොරතුරු මෙසේය:

  1. මෙවර පාර්ලිමේන්තුවට පත්වූ සියලු මංත්‍රීවරුන්ට ගිනි අවි ලබා දී තිබේද?
  2. ගිනි අවි නිකුත් කර නැති මංත්‍රීවරුන් සිටී ද?
  3. එසේ නම් ඔවුන් කව්රුන්ද ?
  4. පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ගිනි අවි නිකුත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් පමණක්ද?
  5. මංත්‍රීවරයෙක් බලපත්‍ර ගිනි අවියකින් වරදක් සිදු කළ හොත් ඔහුට එකී ගිනි අවියට බලපත්‍රක් තිබීම විත්ති වාචකයක්ද?

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද ලෝක දිනය නිමිත්තෙන් මාර්ග ගත සාකච්ඡා සභා ගණනාවක් පැවැති අතර ඒවාට සැළකිය යුතු පිරිස් සහභාගි වූහ.

Archive

Latest news

Related news