Friday, May 3, 2024

සමරිසි විවාහයන්ට ස්විට්සර්ලන්තයේ තුනෙන් දෙකක අනුමැතිය හිමිවෙයි.

(Image courtesy of Keystone / Salvatore Di Nolfi/Swiss Info)

සමරිසි විවාහයන්ට ඇතුළු සම දෙමාපිය අයිතිවාසිකම් ලබාදීමට ස්විට්සර්ලන්ත ජනතාව පසුගිය 26ද‌ෙ පැවැති ජනමත විචාරනයේදී  තුනෙන් දෙකක අනුමැතියක්  ලබා දුන්නේය.

ඒ සඳහා පැවති ජනමත විචාරණයේ දී ඊට පක්ෂව ජන්ද සියයට 64.1ක්  ද විරුද්ධව ඡන්ද සියයට 35.9ක් ලැබුණු අතර ස්විස් කැන්ටන් 26ම ඊට පක්ෂව ජන්දය ලබා දුන්නේය.

සමරිසි විවාහයන්ට පක්ෂ පොස්ටර් ව්‍යාපාරයක් රට පුරා දියත් විය.

2017 වසරෙහි සිය සිමරිසි ස්ත්‍රීන්ට සහ පිරිමින්ට සිවිල් විවාහයන්ට ඇතුලත් වීමට ස්විස්ටර්ලන්තයේ ඉඩ තිබුණි.

එනමුත් දරුවන්තම භාරයට ගෙන හදා වඩා ගැනීම හෝ දරුවන් පිළිසිද ගෙන ඇති දැඩි කර ගැනීමට අවසර තිබුනේ නැත.

සමරිසි ස්ත්‍රී පවුල්කට ශුක්‍රාණු බැංකුවකින්  නිරිනාමික ශුක්‍රාණු ලබා ගෙන දරුවකු පිලිසිඳ ගැනීමට අවසර ලැබෙන අතර එම ශුක්‍රාණු හිමිකරුගේ නම අවශය නම් දරුවා වසය 18ක් වූ පසු දැනගත හැකිය.

මෙලෙස සමරිසි කාන්තාවන් දෙදෙනෙකු විසින් හදා ගනු ලබන දරුවාගේ මව ලෙස අදාල කාන්තාවන් දෙදෙනාගේම නම් යොදාගැනෙනු ඇත. පියවරුන් සම්බන්ධයෙන්ද තත්වය එයම වේ.

ස්විට්සර්ලන්ත පුරවැසියෙකු විදේශීය සහකරුවෙකු හෝ සහකාරියක් විවාහ කර ගැනීමේදී ද පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ද සමරිසි සබඳතා සහ විවාහ නිතිමය පිලිගැනීමක් ලැබෙනු ඇත.

“පුරවැසියන් ඔවුන්ගේ ජීවිත ගත කළ යුතු ආකාරයේ නීති රජය විසින් පනවන්නේ නැති බව” අධිකරණ ඇමැතිනිය ජනමත විචාරණ ප්‍රතිපලය අගය කරමින් පවසා සිටියාය.

ස්විස්ටර්ලන්තයේ ප්‍රථම සමරිසි විවාහය 2022 ජූලි මාසයේ සිදුවනු ඇත.

මේ වන විට යුරෝපා රටවල් 16කම මෙම සමරිසි විවාහයන්ට නීතිමය තත්වය ලබා දී තිබෙන අතර පැරණි සොවියට් දේශයට අයත් වූ සොවියට් කොමියුනිස්ටි රටවල එම අයිතිය නැත. රුසියාව සමරිසි අයිතිය පිළි නොගන්නා ලෝකයේ දරුණුම රටකි. චීනය සහ ඇතුලු ඉන්දු චීන කොමියුනිස්ට් රටවල්ද සමරිසි අයිතිවාසිකම් පිළි ගන්නේ නැත..

Archive

Latest news

Related news