Saturday, April 27, 2024

දිවයින පුවත්පත සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරයි!

පළ නොකරන ලද තොරතුරක් නිර්මානය කර දිවයින පුවත්පතෙහි යුද විශේෂඥයා වන කිර්ති වර්ණකුලසූරිය විසින් වර්ථමාන ජාතික බුද්ධි තොරතුරු ප්‍රධානියා වන සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි වක්‍ර ලෙස වාර්තා කරයි.

සලේ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරමින් දිවයින මුල්ම පුවත පළ ‌කලේ පසුගිය සැප්තැම්බර් 21 දාය.

එහි මෙසේ කියයි:” පාස්කු ප‍්‍රහාරයට හමුදා බුද්ධි ප‍්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සාලේ සම්බන්ධ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත බොරු පැමිණිලි කීපයක් ඉදිරිපත් කර ඇතැයි රජයට හෙළිවී ඇත. මේ පැමිණිලිවල දක්වා ඇත්තේ සහරාන්ගේ කඳවුරුවලට ගිය සාලේගේ බුද්ධි නිලධාරීන් පුහුණුව ලබාදී ඇති බවය. පාස්කු ප‍්‍රහාරයට සුරේෂ් සාලේ කොටු කිරීමට සැලසුම් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය සමග දැඩි සබඳකම් පවත්වන විදේශ රටක සිටින රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු බව රජයට හෙළිවී ඇත.”

මානව හිමිකම් කවුන්සිලය වෙන කැරෙන පැමිණිළි එය විසින්ම ප්‍රසිද්ධ කරන තාක් කිසිවකුට දැන ගත නොහැත. සාලේ සම්බන්ධයෙන් එම වාර්තාවෙහි සඳහන් පරිදි පැමිණිල්ලක් ඇතැයි මේ තාක් මානව හිමිකම් කවුන්සිලය විසින් ප්‍රසිද්ධ කර නැත. තවද රජයට හෙළි වී ඇතැයි කියන නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි කිසිම තොරතුරක් ප්‍රසිද්ධ කර ද නැත. මෙම පැමිණිල්ල කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයකින් යැයි යන්න ද කිසිසේතම දැන ගත නෙහැකි කරුණක් අතේ පැල කිරීමකි.

මෙම පුවත කීර්ති  වර්ණකුළසූරිය විසින් හදේ ගඩොල් සොයා ගත් වර්ගයේ තවත් නිර්මාණයක් වන අතර ඉන් කැරෙන්නේ  සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි වත්‍ර ලෙස දැක්වීමකි.

තවද අද දින දිවයින පුවත්පත ද එවැනිම තවත් අතේ රොල් පුවතක් මගින් සුරේශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කර තිබේ.

ඒ සුනන්ද දේශප්‍රිය විසින් ලියන ලද ලිපි මගින් සුරෙශ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව දක්වා ඇතැයි කීම මගිනි. එළෙස සාලේ සම්බන්ධ කර ඇති ලිපියක් ඇතොත් එය දැක්වීම මේ යුද්ධ විශේෂඥයාගේ යුතුකම ය. නමුත් එළෙස ලියන ලද ලිපියක් දිවයින පුවත්පත විසින් පෙන්වා දී නැත.

අද දිවයින පුවත්පත මෙසේ වාර්තා කරයි: ” මේ අතර යහපාලන රජය විසින් හමුදා බුද්ධි සේවයෙන් ඉවත් කළ මේජර් ජෙනරාල් සුරේෂ් සාලේගේ නම යළිත් පාස්කු කරලියට පැමිණ ඇත. සුරේෂ් සාලේ ප‍්‍රමුඛ හමුදා බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු බව සනාථ කිරීම සඳහා මේ මෙහෙයුම දියත්වී ඇත. එම තොරතුරු සොයාගෙන ඇති ස්විස්ටර්ලන්තයේ සිටින බොරු ෂර්ලොක් හෝම්ස්ය. ඒ 1991 වසරේ කැරලිකරුවකු වූ රංජි මල්ලි හෙවත් සුනන්ද දේශපි‍්‍රය නමැත්තායි. යහපාලන රජය පාස්කු ප‍්‍රහාරය ගැන සෙවීමට හිටපු රහස් පොලිස් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඉවත්කර රංජි මල්ලිව පත්කළේ නම් ප‍්‍රහාරයේ සුලමුල පමණක් නොව සුරේෂ් සාලේද බෙල්ලෙන් අල්ලා ගැනීමට හැකිවනු නොඅනුමානය. මන්ද පාස්කු ප‍්‍රහාරයේදී දිවි නසාගත් සහරාන්ගේ කඳවුරුවල හමුදා ඔත්තුකරුවන් පුහුණු වූ බව රංජි මල්ලි අලූත්ම තොරතුරු ඉදිරිපත් කිරීමය.”

ඉහත කී ජේදය මගින් නොකියා කියන්නේ සහරාන් කණ්ඩායම සමඟ සමිබන්ධකම් පැවැත්වූ බුද්ධි අංශ සාමාජිකයින් සුරේශ් සාලේ යටතේ සිටි බවයි.

එවැනි හෙළිදරව්වක් දැන් කළ ඇත්තේ මුල්වතාවටය.

” සහරාන්ගේ කඳවුරුවල හමුදා ඔත්තුකරුවන් පුහුණු වූ බව”  කියන එම වාර්තාව එවැනි සඳහනක් කර ඇති තැනක් දක්වා ද නැත. මෙයද නිර්මානයකි.

හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ව සිටි අය විසින් සහරාන්ගේ කඳවුරුවල ආයුධ පුහුණුව ලබා දී ඇති බව සදහන් කරන්නේ ආන්ඩුව විසින්ම ප්‍රසිද්ධ කර ඇති පාස්කු කොමිසමේ පළවැනි පරිච්ජේදය අඩංඟු පිටු 500 ක වාර්තාවෙහිය.

ඇත්ත වශයෙන්ම නම් දිවයින පුවත්පත විසින් කර ඇත්තේ මේ තාක් දුරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ තාක් සාකච්ජාවෙහි  නොතිබුණු සම්බන්ධයක් ඉදිරිපත් කිරීමයි.

Archive

Latest news

Related news