Friday, May 3, 2024

අත්අඩංඟුවට ගත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප්ට ඇප

එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ඇතුළු දෙදෙනා ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කර  බව වාර්තා වේ.

ඔවුන් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට  ඊයේ එනම් 19දා දහවල් විරෝධතාවක නිරත වීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මත්පැන් අලෙවිසැල් විවෘත කරන්නේ නම් වෙළඳසැල් විවෘත නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්ණ කිරීම එම  උදඝෝෂනයේ අරමුණ විය.

එම උද්ඝෝෂනය මර්දනය කිරීමට පැමිණි පොලිස් ප්‍රධානියකු මේ ලංකාවේ මෙවැනි විරෝධතාවයන්ට ඉඩ නැති බව කියනු මෙම වීඩියෝවෙහි දැක්වේ.

විරෝධතාකරුවන් අතරින් දෙදෙනෙකු පමණක් අත්අඩංඟුවට ගැනීම තේරුම්ගත නොහැකි බව සමාජ ක්‍රියාකාරීහු පවසති.

කොටුව පොලීසිය  කියා සිටින්නේ ඔවුනු අත්අඩංගුවට ගනු ලැබුවේ නිරෝධායන නීතියට අනුවය බවයි.

Archive

Latest news

Related news