ඊයේ තවත් මැරතන් සල්ලි අච්චු ගැසීමක්

986

ආණ්ඩුව ඊයේ (සැප්. 16) රු. මිලියන 27,808 ක් මුද්රණය කර ඇත. එය පෙරේදා (15) දිනය හා සැසඳීමේ දෙගුණය වැඩිවීමකි)

ඊයේ වන විටමුදල් මුද්රණයේ මුහුණත අගය ( FVMP – Face value money printing – FVMP) රු. මිලියන   1,577,610.13 (ට්‍රිලියන 1.5776) දක්වා වැඩි වූ අතර, පෙරේරා (සැප්.15) එය රු. මිලියන  1,556,004.13 (රු. ට්රිලියන 1.5560) ක් විය.

ඊයේ වන විට අඛණ්ඩව 14 දිනයටත් මුදල් අච්චු ගැසීම ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කර ඇත.

අගෝස්තු 30 දින රු. ට්රිලියන 1.3177 ක් වූ අච්චු ගැසූ මුදලදින 17 ක දීරු. ට්රිලියන 0.2599 කින් වැඩිවී ඇත.

රජයකට මුදල් අච්චු ගැසිය හැකි නමුත් පාන්, හාල්, සීනි, ගෑස්, අච්චු ගැසිය නොහැකිය.  අච්චු ගසන සල්ලි අනුභව කළ නොහැකි බැවින්, එම මුදල් වැය කර පාන්, හාල්, සීනි වැනි භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයෝ පෙළඹෙති. දෛනිකව, බඩු මිල ඉහළ යන්නේ වටිනාකමක් නැති මුදල් නොට්ටුව දෛනිකව අච්චු ගැසීම නිසාය.

රජිත් කීර්ති තෙන්නකෝන්