Saturday, April 20, 2024

චීනයෙන් ගෙනා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 අනතුරුදායක ක්ෂුද්‍ර ජීවී බැක්ටීරියා

චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වී තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් අගෝස්තු 31 වනදා මෙම සාම්පල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන අංශය වෙත යොමු කර තිබිණි. ඒ අනුව නොම්බර 388 දරන සාම්පලයේ gram negative සහ positive බැක්ටීරියා අඩංගු බව නිරෝධායන අංශය වාර්තා කර ඇත. එහි Erwinia හා Bacillus ක්ෂුද්‍ර ඡීවීන් අඩංගු බවත් ඒවා මෙරට ශාකවලට අහිතකර බවත් විද්‍යාගාර පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එසේම නොම්මර 389 දරන සාම්පලයේ gram positive Bacillus වර්ග අඩංගු වී තිබිණි. එම පොහොර වර්ග මෙරට පසට මිශ්‍ර වුවහො මෙරට ශාක හා වගාවන් සඳහා ඉතා අහිතකර බලපෑමක් ඇති වනු ඇති බව සදහන් වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ වාර්තාව සැප්තැම්බර් 08 වැනිදා ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත ලබා දී තිබිණි. කෙසේ වෙතත් මෙරට පර්යේෂණාගාර ප්‍රතිඵල නොසලකා චීන වාර්තා මත පදනම්ව මෙරටට මෙම පොහොර ආනයනය කිරීම සඳහා සූදානමක් පවතින බවද වාර්තා වේ.

( ලංකා ට්රුත්)

Archive

Latest news

Related news