Wednesday, April 24, 2024

අ.පුර සිර ගෙදරට පැන සිරකරුවන්ට පිස්තෝල එල්ල කළේ ලොහන් රත්වත්තේ! ඉල්ලා අස්වනු, පොන්නම්බලම් කියයි.

සැප්තැම්බර් 12 වෙනිදා සවස බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙකු ඔහු ඉදිරියේ දණ ගැස්වූ බව පාර්ගිමේන්තු මංත්‍රී ගජන් පොන්නම්බලම් නායකත්වය දරන  ටීඑන්පීඑෆ් එනම් දෙමළ ජාතික මහජන පෙරමුණ සංවිධානය තහවුරු කළ කරයි.

මෙම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වෙන කවරකුවක් නොව කුප්‍රසිද්ධ ලොහාන් රත්වත්තේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට මෙම තනතුර ලබා දෙන ලද්දේ මහර සිර ගෙදර සිදුවූ මිනීමැරැම් වලින් පසුය. එම ඝාතන වසං කිරීමට ද ඔහු එම අවස්ථාවෙහි උත්සාහ දැරැවේය.

මෙළෙස සිර ගෙදරට පැන ඔහු විසින් පිස්කෝලය හිසට තබා ඇති එක් රැඳවියකු වන්නේ සුලක්ෂන්ය. ඔවුට විරුද්ධව ඇති චෝදනා පිළි නොගන්නේ නම් එකැනම වෙඩ් තබා මරා දමන බවට ලොහාන් රත්වත්තේ තර්ජනය කර තිබේ. සුලක්ෂන් ඒම තර්ජනයට හිස නමා නැත.
ඒළෙස දෙමළ රැදවියන් අට දෙනෙකු ඔහු වීසින් දණ ගස්වා තිබේ.

මෙම සිදුවීම වාර්තා කළ ශ්‍රී ලංතාවේ කිසිදු ජනමාධ්‍යක් ගජන් පොන්නම්බලම්ගේ ප්‍රකාශය කැරෙන තුරු මෙම අනීතික ක්‍රියාව කළ ලොහාන් රත්වත්තේ නම් කිරීමට බිය විය.

 

රාජ්‍ය ඇමතිවරයා ඔවුන්ට ඔහුගේ පුද්ගලික ගිනි අවිය පෙන්වා මෙම දෙමළ සිරකුරුවන්ට එම ස්ථානයේදීම මරා දමන බවට තර්ජනය කර තිබෙන බව ද පොන්නම්බලම් සඳහන් කරයි.

රාජ්ය ඇමතිවරයාගේ මෙම භයානක හැසිරීම හැකි තාක් දුරට හෙළා දකින දෙමළ ජාතික මහජන පෙරමුණ ඉතාමත් දරුණු නීතියෙන් එකක් වන පීටීඒ යටතේ රඳවා තබා ගැනීම ගැන දෙමළ දේශපාලන සිරකරුවන් දැනටමත් කම්පාවට පත් වී ඇතයි ද ප්‍රකාශ කරයි..

ඔවුන්ගේ කටයුතු බලා ගත යුතු ඇමතිවරයා ඔවුන්ව මරා දමන බවට තර්ජනය කිරීම නිසා ඔවුන්ගේ මානසික කම්පනය තවත් නරක අතට හැරවිය නොහැක! ටීඑන්පීඑෆ් ඉල්ලා සිටින්නේ ඇමතිවරයා වහාම ඉල්ලා අස්වන ලෙසත් ඔහුට සියළුම ඇමතිධූර අහෝසි කරන ලෙසත් ය.

මේ අතර මේ සිදුවීම පිළිබඳව අද දහවල් පුවත් පත් සාකච්ජාවක් පවත්වා රාජ්‍ය ඇමැතිවරයා‍ට විරුද්ධව පොලිස්පතිවරයාට පැමිණිළි කිරීමට බලාපොරෙත්තු වන බව සිරකරු අයිතීන් සුරුකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

පසුගිය 06දා වැලිකඩ සිර ගෙදරට ටමටළස කඩා වැදුණූ ලොහාන් රත්වත්තේ සියලුම බන්ධනාගාර නියාමකයින් කැඳවා රැසවීමක්ද පවත්වා තිබේ.

Archive

Latest news

Related news