Friday, May 3, 2024

චෝදනා බොරු; අසාත් සාලිට නීතිපති නඩු පැවරැවේ විමර්ශන අවසන් වීමටත් කලින් බව නඩු විභාගයේදී හෙළිවෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිර්ඝ කාලයක් රඳවා සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි  පිළිබඳ නඩුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියෙහි කැඳවන ලද අවස්ථාවෙහි දී නීතිපතිවරයා ඔහුට විරුද්ධව අධි චෝදනා ඉදිරිපත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා ලබා දීමටත් පෙර බව අනාවරණය වී ඇත.
‘සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තියාගෙන ඉඳලා පරීක්ෂණ අවසන් වෙලා උධෘත නීතිපතිට යැව්වා කියලා, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළේ 2021 අගෝස්තු 17 වැනිදා. හැබැයි නීතිපති අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ 2021 ජුනි 23 වැනිදා. විමර්ශන ඉවර වෙන්න කලින් අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ කොහොමද? මේක වෙනත් විදිහකටද සිද්ධ වෙලා තියෙන්නේ?’යැයි අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රශ්ණ  කර තිබේ.

තවද මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ සම්බන්ධයක් නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇතැයි  ප්‍රකාශ කළ  මහේස්ත්‍රාත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී නැති බව නඩු වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන බව ද පවසා තිබේ.

සංස්කරණය කළ හඩ පටිය  බොරුවක්!

එමෙන්ම මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියේ සංස්කරණය නොකළ පිටපත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඔහු ජාතික සමඟිය ගැන ප්‍රකාශ කිරීමක් බව කී මහේස්ත්‍රාත්වරයා, සංස්කරණය කරන ලද පිටපත පරීක්ෂා කරද්දී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයක් අදහස් වන බව ද දැනුම් දී තිබේ.
 එපමණක්අ නොව පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංස්කරණ නොකළ පිටපත පරීක්ෂා කර බලා, එය ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සංස්කරණය කර පළකර පිරිස සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බැවින් මෙම අවස්ථාවේ ඔහු මුදහැරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
 අසාද්සාලි රඳවා සිටින්නේ ත්‍රස්තවාදය   වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ ය.
අසාත් සාලි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ අංක 02හි 2778/21 අංකයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර  තිබේ.  එම නඩුව කැඳවනු ලබන්නේ  ලබන නොවැම්බර් මාසයේ දීය.
මෙම සිද්ධියේ ද සැකකරුට කිසිම සාක්කියක් නොමැති බවට අධිකරණයට පෙනී ගියද , මහාධිකරණයේ ගොනු වී ඇති අධිචෝදනා පත්‍රයක චූදිතයකු වන නිසා මෙම අවස්ථාවේ ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
චෝදනා ව්‍යාජ බව සනාථ වි තිබියදීත් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති චූදිතයකු මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැත යයි නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජේෂ්ඨ රජෙයේ නීතිඥ වසන්ත පෙරේරා කියා සිට තිබේ.
සැකකාර අසාත් සාලි මහතා වෙනුවෙන් නීතිඥ එන්.එම්. සහීඩ්, නීතිඥ රුෂ්බි හබීබ් සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටිති..
ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව යළිත් වරක් රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා කරුණු දක්වමින් මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට සාක්කි නැතැයි වාර්තා කර තිබීම සත්‍ය බව ප්‍රකාශ කඑන ලදී..
 මහාධිකරණයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයී.සී.සී.පී.ආර්. පනත යටතේ අසාත් සාලි මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට නොව, මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අයී.සී.සී.පී.ආර්. පනත යටතේ විමර්ශන කර ඇත්තේ සංස්කරණය කරන ලද පිටපතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.
සංස්කරණය නොකළ පිටපත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බවත්, ඒ අනුව එම පිටපත රහස් පොලිසිය අධිකරණයට බාර දුන් බවත්, සංස්කරණය නොකළ පිටපත සහ සංස්කරණය කළ පිටපත අතර බරපතළ පරස්පරතා ඇති බව පෙනී ගිය බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටි තිබේ.
මහේස්ත්‍රාත්වරයාට අනුව  සංස්කරණය කළ පිටපත පරීක්ෂා කිරීමේදී ජාතීන් අතර අසමගිය ඇතිවන බව කියන ආකාරයේ හැඟීමක් ඇති විය හැකි බවත්, සංස්කරණය නොකළ පිටපත පරීක්ෂා කිරීමේදී ජාතීන් අතර සමඟිය ගැන ප්‍රකාශ කර ඇති බව හැඟී යයි. යම් යම් අය තමන්ට අවශ්‍ය ලෙසට මුල් පිටපත සංස්කරණය කර ප්‍රචාරය කර තිබේ.
නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළේ සංස්කරණය නොකරන ලද පිටපත පරීක්ෂා කර බලා ද යන්න අධිකරණයේදී පැහැදිළ වී නැත.
ජාතීන් අතර යම් සැකයක් හෝ අනාදරයක් ඇතිවන්නේ නම්, එලෙස සිදුවන්නේ ජනමාධ්‍ය මගින් සංස්කරණය කළ පිටපත ප්‍රචාරය කිරීම නිසා බවත්, මෙම සැකකරුට වඩා මෙය සංස්කරණය කර ප්‍රචාරය කළ පිරිස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
යම් යම් අය තමන්ට අවශ්‍ය ලෙසට මුල් පිටපත සංස්කරණය කර ප්‍රචාරය කර ඇතැයි පෙනී යන බව ද ඔහු කීවේය.
මෙම නඩුව සම්සාබන්ක්කිදයෙන් සාක්ෂි ලබා දුන් පිරිස එලෙස කියා ඇත්තේ සංස්කරණය කරන ලද පිටපත දැකීමෙනි. අසාත් සාලි සැකකරුවකු කර ඇත්තේ ඒ අනුවය. මෙලෙස හැඟීම් මත විමර්ශනය කරද්දී සැලකිලිමත් විය යුතුය. යැයිද මහේස්ත්‍රත්වරයා ප්‍රකාශ කර තිබේ. පළ වූ  වාර්තාවක් ඇසුරෙන් සකස් කරන ලදී

medialk.com  පළ වූ  වාර්තාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 

Archive

Latest news

Related news