Friday, July 19, 2024

කොවිඩ් ‌හොර වෙද එලියන්ත වයිට් කොවිඩ් හැදී රෝහලේ

නාවික හමුදා කොවිඩ් පොකුර , මිනුවන්ගොඩ පොකුර , පෑලියගොඩ කොවිඩ් පොකුර මර්දනය කලේ තමා යයි උදම් ඇනූ එලියන්ත වයිට් කොවිඩ් ආසාදිතව රෝහල් ගතකොට ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ බව කි සහ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය වෛද්‍යවරයා ද වූ ඒලියන්ත වයිට් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර  ඔහුගේ පවුලේ සියලු දෙනාට ම වෛරසය ආසාදනය වී ඇති බව ද තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදනය වූ ඒලියන්ත ‍වයිට් මහතා දැඩිලෙස අසාධ්‍යව මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

නාවික හමුදා නිළධාරීන් හරහා කොවිඩ් වෛසරය රටපුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, කුණ්ඩලිනී යෝගය භාවිතා කරමින් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් සුවපත් කිරීමට ඒලියන්ත වයිට් මහතා කටයුතු කළ බව එම දිනවල දී වාර්තා පළ විය.

ගංගා ජලයේ පැන් කල පා කර යැවීම හරහා කොරෝනා මර්දනය කළ හැකි බව පළමුවරට හඳුන්වා දුන්නේද වයිට් වෛද්‍යවරයායි. ඒ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමතිනිය ඇතිලු මැති ඇමතිවරු කලගෙඩි ගඟට දමා කොවිඩ් ටක්කෙට පාලනය කළේ ය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා දැක්වූ දායකත්වය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආරාධනා ලැබුණු බවද ඒලියන්ත වයිට් මහතා පසුගිය කාලයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

(Yukthiya.lk)

Archive

Latest news

Related news