Friday, April 26, 2024

ප්‍රගීත් අතුරුදහන්වීමට අදාල තොරතුරු OMPහි තිබෙනවා; වැඩිදුර තොරතුරු ඉල්ලන්නේ අතුරුදහන්වීම් වහන්නද? – හිටපු කොමසාරිස්වරියක වන නිමල්කා ප්‍රනාන්දු

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, ඇය “අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” OMP වෙත යොමුකර ඇති ලිපියේ පිටපතක් අප වෙතද යොමු කර තිබේ.

ඇය මෙම පිළිතුර යවා ඇත්තේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රමාණවත් කරුණු නැතැයි “අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” ඇය වෙත එවන ලද ලිපියකට පිළිතුරු වශයෙනි.

ප්‍රගීත් ගේ අතුරුදහන් වීමට අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විම්ර්ෂනය ඇරඹ්මට අදල මූලික තොරතුරු එම කාර්යාලයේ පවතින බව එහි හිටපු කොමසාර්ස්වරියක වශයෙන් මට කීමට පුලුවන.

“අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” ව්සින් දැන් කළ යුත්තේ අදල බලධාරීන්ගෙන් මේ අතුරුදන්වීමට අදල විමර්ශනය කටයුතුවල ප්‍රගති වාර්තාවක් ලබා ගැනීමය. ඒ අනුව නඩු කටයුතු සම්බන්ධයෙන් තත්වය පරීක්ෂා කිරීමය.

ඉන්පසුව ව්මර්ෂන නිලධාරියෙක් පත්කර සන්ධ්‍යා එක්නැළිගොඩට ට දන්වා ප්‍රගති වාර්තවක් ඉදිරිපත් කර වෙනත් කරුනු අදාල පරිදි පැහැදිලි කර ගැනීමය.

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉල්ලා සිය ඇති ඇයගේ අවාහ විවාහ තත්වය යනාදි ලේඛන නඩු නිමිති තුල ගොනුවී ඇත. විවිධ ලිපි ලේථන ඉල්ලා සිටීම මගින් වින්දිතයින් තමන් වින්දිත බව නැවත නැවතත් ඇඟවීමේ වෙහෙස කිරීමේ න්‍යාය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමයේ මූලධර්මයන්ට පටහැනිය.

අප, අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙහි කොමසාරිස්වරරියන් ලෙස සෙවය කළ කාලයෙහි මේ මූලික ප්‍රතිපත්ති වලට අනුව ඇය විසින් ලබා දුන් තොරතුරු මත සහ නඩු කටයුතු ද පදනම් කරගනිමින් ප්‍රගිත් එකැනැළිගොඩගේ නම අතුරුදහන් කිරීමට අදලව ලත් පැමිනිලි ලේඛන යේ ඇතුලත් කර ඇත.

දැන් කොමිසම කළ යුත්තේ විමර්ෂනය කිරීමයි. ඒ විනා ඇය ඒ සම්බන්ධව වෙන පුද්ගලයන්ට හෝ ආයතන වලට කර ඇති පැමිනිලි අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අදාළ නැත. අප කාර්යාලය මේ නඩුව අධීක්ෂණය කළ තොරතුරු අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නීති අංශයේ ලිපි ගොනුවල අඩංගුවී තිබිය යුතුය.

එසේම දේශපාලන පළිගැනීමේ කොමිසමේ සභාපති වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මේ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති වශයෙන්  දැන් මැදිහත්වන බැවින් එම කොමිසමේ ලිපි ගොනුවලද මේ සම්බන්ධයෙන් තොරතුරු තිබෙන්නේ නම් ඒවාද ලබා ගෙන එම කොමිසම මේ සම්බන්ධයෙන් යම් තීන්දු ප්‍රකාශයක් ලබා දීමට මූලික වූ කරුනු ද සැලකිල්ලට ගත හැක.

එසේම ප්‍රගීත් එක්නැළිගොඩ  සම්බන්ධයෙන් එම විමර්ශනය පැවත්වුනේ  අතුරුදහන්සවීම ගැන පැමිණිළි කළ සන්ධයාගේ සාක්ෂි විමසීමක් ද නොමැතිව බව සඳහන කළ යුතුය. එය නිවැරදි නැත.

ඒ නිසාම මේ තොරතුරු ඉල්ලා ලිපි ගැන අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙහි හිටපු කොමසාරිස්වරියක ලෙස මා තුල ඇත්තේ කුකුසකි.

පෙනන විදිහට සිදුවන්නේ මේ තොරතරු ඇය ලබා නොදෙන්නේ නම් ප්‍රගීත්ගේ නමත් ඒ අතුරුදන් ලැයිස්තුවෙන් අතුරුදන් කිරීමකට අර ඇඳීමකි.

මෙය හුදෙක් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පමණක් නොව අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ලැබී ඇති සියලුම පැමිණිලි වලට අදාල වන බව පෙනේ.

එසේම කොමිසම දැන් කළ යුත්තේ ඒ පැමිණිලි මත පැමිණිලිකරුවන් ගෙන්වා විමර්ෂන කටයුතු කිරීමය. ඒ විමර්ශනය ට ඥතීන් එන විට අදාල සාක්ෂි රැගෙන එන ලෙස දැන්වීම සාධාරණ  වනු ඇත. ඔවුන් යම් ආර්ථික ආධාර පතන්නේ නම් ඒ බවද තොරතුරු එම පත්‍රිකාවේ ඇත. මෙය කාර්‍යාලයේ දත්ත වලින් සොයා ගත හැකි බව මම දනිමි.

ඒ අනුව කන්ඩායම් රැස්වීම් පවත්වා දිස්ත්‍රික්ක අනුව කටයුතු කළ හැක. මේ ලිපි ගනුදෙනුව මගින් සිදුවන්නේ විසඳුමක් සෙවීම දීර්ඝකාලීනව ඇදී යාමකි. නැතහොත් පිළිතුරක් නොලැබුනු නිසා පැමිණිල්ල කුනුකූඩයට දමන ලැයිතුවට යවනු ඇත.

මෙම ක්‍රියාවළිය මගින් සිදුවනු ඇත්තේ වර්ත්මාන රජයේ අවශ්‍යතාව ඉටු කරමින් අතුරුදන් සිතියම සැකසීමය. ඔවුන් මෙය ලිපි ගොනු ගනුදෙනුවක්  බවට ලුහු කලද ඒ ඥතීන් විසින් කවරකු හෝ යම් දිනෙක අතුරුදන් කළ බවට මිහිතලයේ සටහන් කර ඇත.

14,000කට ආසන්න පැමිනිලි අප සේවය කාලය තුළ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ලැබිනි. ඒ ලැයිස්තුව දැන් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට  වෙබ් අවකාශයෙන් ඉවත් කර ඇත.

ත්‍රිවිධ හමුදාවේ දෙමාපියන් පවා සිය දරුවා අතුරුදන් වූයේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස ඉල්වා ඇත. අතුරුදහන්වූවන් පිළිබද සත්‍ය ඉල්ලා සිටින්නේ සන්ධ්‍යා පමනක්ම නොවේ. සිය පුතු ගැන විමසූ පියාට අප ඒ සම්බන්දයෙන් හමුදාවෙන් දැන්වූ  තොරතුර සඳහන් ලිපිය යොමු කළ පසු ඔහු අප සමඟ උරණ වූයේය.

ඔහු මෙසේ ඇසුවෙිය: “එහෙමනම් මේ කොමීසමේ ඇති වැඩේ මොකක්ද? උන් දෙන උත්තරේ අපිට ලියන්න ද ඉන්නෙ…? ඇයි හොයල බලන්න බැරි.” එය සාධාරණ ප්‍රශ්නයකි.

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වත්මන් ප්‍රධානීන්  කරන්නට යන්නේ සෙවීම වෙනුවට සැඟවීමක්ද යන ප්‍රශ්ණය මෙම ලිපි ගනුදෙනුවෙන් ගම්‍ය වන ප්‍රශ්ණයයි.

Archive

Latest news

Related news