Friday, April 26, 2024

ප්‍රගාස් ඥණප්‍රගාසම්: ජවසම්පන්න තරුණ මාධ්‍යවේදියෙක් කලින්ම නික්ම යයි.

26 හැවිරිදි මාධ්‍යවේදියකු වූ ප්‍රගාස් ඥණප්‍රගාසම් සැප්තැම්බර් 01දා සිය ටිවටර් පිටුවෙහි මෙසේ ලිවීය.

“මට කොවිඩ් අසාදනය වෙලා. පස් දිනක් උණ තිබුණට පස්සේ. දැනට තත්වය සාමන්‍යයි.මම මාංශපේශී දුර්තාවලවයෙන් muscular dystrophy පෙළෙන රොගියෙක්. මට එන්නත ලැබුණේ නැහැ.”

Muscular dystrophy යනු ක්‍රමයෙන් මාංශපේශී දුර්වල වන උපතින් ලැබෙන රෝගයකි. එය මාපියන්ගේ ජාන වලට සම්බන්ධය. කුඩා කාලයේදීම සොයා දැන ගතහොත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එයට පිළියම් කළ හැක. එවැනි රෝගීන්ට නිව්මෝනියාවට කල්තබාම එන්නතක් ලබා දෙනු ලැබේ.

ලොව සංවර්ධිත රටවලදී මුලන්ම එන්නත කොවිඩ් එන්නත ලබා දුන්නේ වයස 80ට වැඩි සහ මෙවැනි සෞඛ්‍යමය සංකූලතා ඇති ජනයාටය. නමුත් ශ්‍රී ලංකාවෙහි එවැනි විද්‍යාත්මක එන්නත් කරන පිළිවෙතක් තිබුණේම නැත.

ප්‍රගාස්ට එන්නත නොලැබුණේ ඒ නිසාය.

තමාට කොවිඩ් අසාදනය වි ඇතැයි කී එම ට්වීට පණිවිඩයෙන් පසු ප්‍රගාස්ගෙන් වෙනත් ටීවීට නොලැබුණි. පසුදාම ඔහු මෙලොව හැර ගියේය. තමා යන බව කියා අපට ට්වීටයක් එවීමටවත් වසංගතය ඔහුට ඊඩ දුන්නේ නැත.

ප්‍රගාස් ත්‍යාගලාභී මාධ්‍යවේදියකු විය. 2019 නොවැම්බර් මාසයේදී ඔහුට රවිරාජ් අනුස්මරණ ත්‍යාගය ලැබුණේ සමාජ මාධ්‍ය හරහා සමාජීය ඒකාබද්ධතාවය සඳහා වූ ඔහුගේ මැදිහත්වීම වෙනුවෙනි.

ප්‍රගාස් ඥණප්‍රගාසම් ඉංග්‍රිසි බසින් ටිවිටර් අවකාශයෙහි ප්‍රසිද්ධියට පැමිණියේ මෑතදීය. ඔහු දෙමළ සමාජයේ දේශපාලන සිදුවීම් එසැණින් වාර්තා කිරීමට උනන්දුවක් දැක් වූ මාධ්‍යවේදියකු බව ඉක්මණින්ම වටහා ගත් හැකි විය. උතුරේ පමණක් නොව දකුණෙ දේශපාලන සිදුවීම්ද ඔහු එසැණින් ටිවීටර හරහා වාර්තා කළේය.

යාපනයේ උදයන් ඇතුලු පුවත්පත් ගණනාවකටමද දෙස් විදෙස් වෙබ් මාධ්‍යන්ටද ඔහු පුවත් සැපයීය.

ප්‍රගාස්ගේ බලාපොරෙත්තු පිරි යෞවන ජීවිතය වසංගතයට බිලිවිය.

අප දන්නාවූත් නොදන්නාවූත් සිය ගණන් ජනයා අද මේ බිමෙහි වසංගතයට බිලිවෙති.

ප්‍රගාස් වෙනුවෙන් තැබෙන මේ කුඩා සටහන ඒ සියලු මරණයන් වෙනුවෙන් කැරෙන අනුස්මරණයක් වේවා.

දැන් ඉහත පින්තුරයේ සිංහල පුවරු මැද දෙමළ බසින් සටන් පුවරුවක් ඔසවා සිටින ප්‍රගාස්ගේ මුහුණ දෙස නැවත බලන්න. අපේක්ෂාවෙන් යුතුව දුර බලන ඔහුගේ ඇස් ජීවිතය සහ අරගලය පිළිබඳ බලාපොරොත්තු දල්වනවා නේද?

වසංගතය නොබා ජීවිතයද අරගලද ඉදිරියට යනු ඇති බව ඒ ඇස් අපට කියන පණිවඩයයි.

ජයවේවා, නුදුටුු සගය ප්‍රගාස්!

Archive

Latest news

Related news