Tuesday, May 7, 2024

වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට ගත්තාට ඉන්ධන අර්බුදය විසදෙන්නේ නැත   

රජිත් කීර්ති තෙන්නකෝන්.

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකිමි.  පණිවුඩකරුවාට වෙඩි තැබීමෙන් ‘ආර්ථික අර්බුදය හෝ ඉන්ධන අර්බුදය‘ විසදාගත නොහැකි බව රජය තේරුම් ගත යුතුය.

ලංකාවේ ආණ්ඩුව දැන් මාස 16 කින් තෙල් ආනයනය කිරීමේ ඩොලර් බිල්පත් පියවා නැත. අවසන් බොර තෙල් ටෙන්ඩර  දෙකටම විකුණුම්කරුවන් ඉදිරිපත් වූවේ නැත.  සති තුනකට පෙර මුදල් ගෙවන්නට බැරුව තෙල් නැවක් වාරයෙන් පිට නවතා තිබුණි. සපුගස්කන්ද තෙල් පිරි පහදුවේ දැවි තෙල් හිලව් කිරීමේ පදනම මත පසුව තෙල් නැවත ගොඩබෑවේය.

ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැතිකම සැබෑ අර්බුදයකි. අදත් (22) ලංකාවේ දකුණ, නැගෙනහිර, ඌව ඇතළු පාලත් රැසකට ලාෆ්ස් ගෑස් නැත.  ලාෆ්ස් මිලට සමාන වන ලෙස ලිට්රෝ සමාගම ද ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලා ඇත.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩුවේ. නමුත් තෙල් මිල එයට සාපේක්ෂව අඩුවන්නේ නැත. 2021 මුල් මාස 6 තුල ඉන්ධන ආනයනය සඳහා පසුගිය වසරේ මුල් මාස හයට වඩා ඩොලර් මිලියන 1342.5 ක් (55% ක වැඩිවීමක්) වැය කර ඇත.  ලංකාවේ ආනයන වියදමෙන් 18% ක් ඉන්ධන සඳහා ය.

විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන්, විදුලි නිෂ්පාදන සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන තෙල් සංඛාවට රු. කෝටි 15,350 ණය ය. භාණ්ඩාගාරය ඒ මුදල් සංස්ථාවට දෙන්නේ නැත.

රටේ ගෑස් අවශ්‍යතාව සපුරන්නට නම් දින 2 ½ කට වරක් මෙ.ටො. 3500 ගෑස් නැවක් රටට පැමිණය යුතුය.  දැන් ගෑස් සිලින්ඩරයට පුරවන ගෑස් ප්‍රමාණය අඩු කර ඇති අර්බුදය දින කිහිපයකට කල් දමා ගෙන ඇත. ලිට්රෝ සමාගම මාසයකට රු. බිලියන 1.4 කට ආසන්න පාඩුවක් විදගනී.  ලිට්රෝ සමාගම බිදවැටෙනු ඇත්තේ ශ්‍රී ලංකා රංක්ෂ සමාගම ද සමඟ එකවරය.  රටේ ගැස් නැති විට ආණ්ඩුව අලුත් ගෑස් සමාගමක් ගැන කියා මිඩියා ජිමික් එකක් පෙන්වීය.

මේ එකක්වත් දැන් රහස් පොලිස් අත්අඩංගුවේ සිටින ආනන්ද පාලිත ගේ වැඩ නොව ආණ්ඩුවේ අසමත් බවයි.  ආණ්ඩුව කරන්නේ අර්බුදය දෙසට අත දිගු කරන පණිවුඩකරුවා ට හිරි හැර කිරීමය.

2021 අගෝස්තු 22/ පුවත්පත් නිවේදනයකි.

ආනන්ද පාලිතට ඇප ලැබේ.

ඉන්ධන හිඟයක් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත ට ඇප නියමකර තිබේ.

ඒ අද (22) ඔහුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පසුගිය 19 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශන යටතේ ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගනුණි.

එම මාධ්‍ය හමුවේදී අනාන්ද පාලිත මහතා පවසා තිබුණේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇති බවය.

එමෙන්ම එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.

ඒ පිළිබඳව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශණයේදී අනාවරණ කරගෙන තිබුණේ පසුගිය 19වනදා වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවය.

ඊට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දෛනිකව නිපදවනු ලබන ඩීසල් හා පෙට්‍රල් ඇති බවත්, ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ඛණිජ තෙල් ගෙන්වීම සඳහා අණවුම් භාර දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව ආනන්ද පාලිත මහතා මධ්‍ය හමුවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව මත ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.

ඒ වත්තල, සිංහපාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

අද දෙරණ

Archive

Latest news

Related news