Tuesday, May 7, 2024

පාස්කු ප්‍රහාරය: උද්දච්ඡ කතා එපා! ඇත්ත සොයනු, ඇත්ත කියනු!! – පුරවැසි සංවිධාන ගෝඨාභයට කියති.

අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ නිසිලෙස කි‍්‍රයාත්මක නොකිරීම ගැන ප‍්‍රශ්න කරමින් අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප‍්‍රමුඛ කතෝලික සභාවේ ප‍්‍රකාශක කමිටුව විසින් මාසයක් තුළ පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් ජූලි 13 වනදා යවන ලද ලිපියට අවසානයේදී ජනාධිපති වෙනුවෙන් වගකීමක් නොදරන, කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි ”කොහෙද යන්නෙ මල්ලෙපොල්” වැනි පිළිතුරක් ඇපෙන් බේරීම සඳහා එම කමිටුව වෙත නිකුත්කර තිබුනි.

එම ලිපිය පිළිතුරක් ලෙස කිසිසේත් පිළිනොගන්නා බවත්, නිශ්චිත පිළිතුරු ලබාගැනීමට සහ අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයේ කුමන්ත‍්‍රණය හෙළිදරව් කර මහමොළකරු කරළියට ගෙන ඒම අතනොහරින බව ඒ සම්බන්ධව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ දී අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප‍්‍රකාශ කලේ අගෝස්තු 21 කළු හර්තාල් දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කරවමින්ය.

කතෝලික සභාවේ එම කමිටුවේ ප‍්‍රශ්න වූයේ ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ නම් කරන ලද පොලිස් නිලධාරීන්හට නඩු නොපැවරීම, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ පිළිබඳව ගනුලැබූ කි‍්‍රයාමාර්ග ඇතුළු හමුදා බුද්ධි අංශයේ මෙම ත‍්‍රස්තවාදීන් සමග තිබුනායැයි කියන සම්බන්දතා ගැන සහ තවත් බොහෝ සැක සහිත සිද්ධීන්ය.

ඒවාට අමතරව අපටද මෙම ප‍්‍රහාරය පිළිබඳව සැක උපදවන තැන් බොහෝය.
– වරින්වර මතුකරවන ”නාමල් කුමාර” චරිතය විසින් හිටපු ජනාධිපති සහ එවකට සාමාන්‍යය පුද්ගලයෙකු වූ ”ගෝඨාභය රාජපක්ෂ” ඝාතනය කිරීමට එවකට ”සහරාන්ලා” පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරීන් නාලක සිල්වා සිරගත කිරීම මගින් සහරාන්ලා හට රිසි සේ හැසිරීමට ඉඩ හැරීම.

– මෙම කුමන්ත‍්‍රණය පිළිබඳව එවකට පරීක්ෂණ පවත්වමින් සිටි ශානි අබේසේකර ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ම වාගේ ස්ථාන මාරුකර යැවීම.

– ශානි අබේසේකර සිරගත කර උපරිම ලෙස හිරිහැර පැමිණවීම.

– නිර්දේශ වූ ලෙස නඩු පැවරීම වෙනුවට උසස්වීම් ලද පොලිස් නිලධාරී නිලන්ත ජයවර්ධනගේ කි‍්‍රයාකලාපය.

– ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපන ආයතනයේ”හිටපු ප‍්‍රධානී අසංග අබේගුණසේකර මෙම කෲර ප‍්‍රහාරයෙන් වාසි ලැබුවේ ජාතික ආරක්ෂාව පිළිබ`දව කථා කළ දේශපාලන බලවේග බවට කරන ලද ප‍්‍රකාශය.

අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව රුපියල් මිලියන 650කට ආසන්නව ජනතා මුදල් වැයකරමින් විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් මූලිකව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක නොවී වෙනත් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ තනි උවමනාවන්වලට අනුව අපේ‍්‍රල් 21 සම්බන්ධව කි‍්‍රයාත්මක වන බවට සැක මතුවන්නේ අද අප රටේ ”කොවිඞ් මර්දනය” , ”අධ්‍යාපන අර්බුදය” වැනි ගැටලූ සම්බන්දව විශේෂඥ දැනුම තුට්ටුවකට මායිම් නොකරමින්, පාර්ලිමේන්තුවද නොසලකා සිදුවන කාගේ හෝ උද්දච්ඡ කි‍්‍රයා පිළිවෙත නිසාමය.

– 1989 කළු ජූලිය සහ යුද්ධය නිසා මලවුන්ගේ දේශය ලෙස හැඳින්විය හැකි අප දේශයට අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයද සම්බන්ද වූ විට නැවත මෙවැනි භීෂණ තත්ත්වයන් අනාගතයේදී යලි සිදුනොවීමට නම්, මෙම කුමන්ත‍්‍රණය සහ එය පිටුපස සිටි මහමොළකරු හෙලිදරව් කර ගැනීමේ කතෝලික සභාවේ උත්සාහයට අපේ උපරිම දායකත්වය අපි ලබා දෙන්නෙමු.

– ඒ සඳහා කතෝලික සභාවේ යෝජිත අගෝස්තු 21 කලු කොඩි හර්තාලය සාර්ථක කිරීමට අපි උපරිම සහය දක්වමු.

– පසුගිය සිද්ධීන් පිළිබඳව කතෝලික සභාවේ කි‍්‍රයාකාරීත්වය සම්බන්දව විවේචන ඇතත් මෙම ප‍්‍රහාරයට අදාලව සභාව ගනිමින් ඉන්නා කි‍්‍රයාකලාපය අතනොහැර විසඳුම් ලැබෙන තෙක් ඉදිරියට ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

– පුරවැසියන් ලෙස සාධාරණත්වය යුක්තිය ඉල්ලා ගෙන යන මෙම අරගලය කිසිසේත් අත්නොහරින බවට අපි, ආණ්ඩුවට සහ කතෝලික සභාවටද දැනුම්දෙමු.

මෙයට,

1. මීගමු පුරවැසි එකතුව
2. අපේරල් 21 යුක්තියට – පදනම සහ
3. සමාජය හා සාමයික කේන්ද්රය

Archive

Latest news

Related news