Saturday, April 20, 2024

වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරනු! එක්සත්ව කොවිඩ් වසංගතය පරාජය කරමු – කරු ජයසුරිය, NMSJ

ඡායාරූපය එක්සත් ජාතීන් අනුග්‍රහයෙනි.

දේශය ඊළඟ පරපුරට රැකදීම වෙනුවෙන් කෙරෙන ජාතික ආයාචනයයි.සියළු රටවැසියන් මෙහි ඇති වැදගත්කම වටහාගනිත්වා !!!

මේ වන විට අපගේ මාතෘ භූමිය ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයකට මුහුණ දී සිටියි.

මාරාන්තික කොවිඩ් වෛරසය ඉතාමත්ම සීඝ්‍රයෙන් ජනතාව අතර පැතිර යන අතර මරණ සංඛ්‍යාවද ඉතාමත් ඉහල අගයක් ගනී.

එය කොතෙක්ද යත් ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ අනුපාතය ඇති රට ශ්‍රී ලංකාවයි.

මෙය අපට හඩගා කියා සිටින්නේ අපි ජාතියක් ලෙස එක්සත්ව නිසි පියවර දැන්වත් කඩිනමින් ගත යුතු බවයි.
මුලු රටම එක විට නිසි සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් ගත යුතු බවයි.

මෙහිදි මුහුණු ආවරණ පැලදීම, විෂබීජ හරණ දියර පාවිචිය, භෞතික දුරස්තභාවය පවත්වා ගැනීම සහ රෝග ලක්ෂණ ගැන සැක පහල කරන අය ස්වයං නිරෝධායනය කිරීම යන කාරණා ජනතාව ලෙස අප විසින් කල යුතු වෙයි.

රජය විසින් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වල දායකත්වයෙන් එන්නත්කරණය වේගවත් කර ඇති අතර ඒ ක්‍රියාදාමය අපි අගය කරමු!

නමුත් සීඝ්‍රයෙන් පැතිර යන නව කෝවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ව්‍යාප්තිය අඩාල කිරීම සදහා එන්නත්කරණය සිදුකරනුයේ 50% ක පමණ දායකත්වයක් බව විශේෂඥ මතයය.

එබැවින් ඉතිරි 50% ආවරණය කර ගැනීම සදහා ඉහත කී මහජන දායකත්වය අත්‍යාවශ්‍ය වෙයි.

මේ සදහා මුහුණු ආවරණ, විෂබීජ නාශක දියර සහ නිරෝධායන කට්ටල කට්ටල මිලදි ගත නොහැකි ජනතාව සදහා රජය විසින් නොමිලේ ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කල යුතුය.

මේ සදහා කෝවිඩි අරමුදල, සහ අවශ්‍ය නම් ජනාධිපති අරමුදල ඉතාමත් පාරද්‍රෘෂ්‍ය ආකාරයෙන් භාවිතා කිරීමට ජනතාව කැමැත්ත දෙනු ඇත.

එසේම වෛරසය පැතිරීම වැලැක්වීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කල දැඩි සංචරණ සීමා ඇතලු නිර්දේශයන් ඉක්මනින් ක්‍රියාත්මක කරණ ලෙස අපි රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

එසේ නොකලහොත් ජාතියට අහිමි වන මනුෂ්‍ය ජීවිත ගනන 2022 ජනවාරි වන විට 30,000 ඉක්මවනු ඇතිබව විශේඥ මතයයි.

එමෙන්ම මෙම වසංගත තත්වයට අදාලව ජනතාවට නිවැරදි තොරතුරු හා දත්ත දැනගැනීමට සැළැස්වීම රජයේ වගකීමක් වන බවද අවධාරණය කරමු. තොරතුරු සැඟවීම මගින් හා නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් රටට හා ජනතාවට සිදුවිය හැකි හානිය වගකිවයුත්තන් තේරුම් ගතයුතුව තිබේ.

ඒ සමඟම ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සඳහා පුද්ගලික රසායනාගාර ගෙවීමට වන මුදලෙන් 50%හෝ රජය මඟින් දැරිය යුතුව තිබේ.

එබැවින් වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික සභාවකින්”  ජයසූරියයැයි අපි රජයට බල කරමු.

මෙයින් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නෙත් මරණයට පත් වෙන්නෙත් සමාජයේ ආන්තීකරණයට ලක්ව ඇති පිඩිත ජන කොටස් නිසා ඔවුන්ගේ එදිනෙදා ජිවිතය තහවුරු කරනු වස් ආපදා සමාජ-ආර්ථික ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

මේ සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් කොන්දෙසි විරහිතව ලබාදීමට සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය කැපවෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙයට,

දේශබන්දු කරු ජයසූරිය,
සභාපති,
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
(හිටපු කථානායක)

Archive

Latest news

Related news