Friday, April 19, 2024

වසංගත පාලනය: ඇස්ට්‍රා සෙනකා උඩට පයිසර්-බයොන්ටෙක් එන්නත දීම හොදම ප්‍රතිපල පෙන්වයි

කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම පිළිබද පැවැති අවිනිශ්චිත තත්වය තුනී කරමින් රටවල තුනකදී කරන ලද පර්යේෂන ප්‍රතිපල දැන් ප්‍රසිද්ධ කර තිබේ.

එම රටවල් නම් බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ස්පාඥයයි.

මෙම රටවල් තුනෙහිම කරන ලද පර්යේෂන පෙන්නම් කරන්නේ ප්‍රථමයෙන් ඇස්ට්‍රා සෙනකා එන්නත ද දෙවනුව පයිසර්-බයොන්ටෙක් එන්නතද ලබා ගත් පුද්ගලයින් තුළ ප්‍රතිදේහ වර්ධනය ඉහළ අගයක් ගන්නා බවයි.

පළමු මාත්‍රාව වශයෙන් ඇස්ට්‍රා සෙනකා එන්නත ලබා ගත් ලක්ෂ පහක ජනකායක් සිටින ලංකාවට මෙමගින් එන්නත් මිශ්‍ර කිරීම ගැන කල්පනා කිරීමට අවස්ථාවක් ලබා දෙයි. පළමු ඇස්ට්‍රා සෙනකා මාත්‍රාව ලබා ගෙන මාස හයක් ගතවෙමින් සිටින අයට දෙවැනි මාත්‍රාව වශයෙන් පයිසර්-බයොන්ටෙක් ලබා දීම ගැන ආණ්ඩුවට කල්පනා කළ හැකිය.

බ්‍රිතාන්‍යයෙහි කරන ලද  (Com-COV study) පර්යේෂනයේ අවසන් වාර්තාව කීර්තිමත් journal Nature හි පළ කරන ලදී. ඒ සදහා ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූ 850ක් යොදා ගන්නා ලදී.

එම පර්යේෂනයට අනුව වැඩිම ප්‍රතිදේහ වර්ධනය වී තිබුණේ පයිසර්- බයොන්ටෙක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයටය. ඊළඟට වැඩිම ප්‍රතිදේහ දක්නට ලැබුණේ පළමුව ඇස්ට්‍රා සෙනකා සහ දෙවනුව පයිසර්- බයොන්ටෙක් ලබා එන්නත් කරන ලද අයටය.

ජර්මනියේ පර්යේෂනය සිදුවූයේ වෙනත් පදනමකිනි. ඇස්ට්‍රා සෙනකා එන්නත නිසා  වයස අව්රුද 50ට අඩු ස්ත්‍රීන් අතර ලේ කැටි ගැසීම් දක්නට ලැබූ නිසා මුල් අවස්ථාවෙහි දී ජර්මනිය වයස 60න් පහළ අයට ඇස්ට්‍රා සෙනකා ලබා දීම නතර කළේය. ඒ වන විටත් ඇස්ට්‍රා සෙනකා පළමු මාත්‍රාව ලබා ගෙන සිටි අයට අනතුරුව දෙවැනි මාත්‍රාව වශයෙන් පයිසර්-බයොන්ටෙක්  ලබා දෙන ලදී.

ඒ අනුව කරන ලද පර්යේෂන මගින් පෙනී ගොස් ඇත්තේ එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීම මගින් වඩා ප්‍රතිදේහ නිපදවී ඇති බවයි.

ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වූ 663 දෙනෙකු යොදා ගෙන ස්පාඥයේදී කරන ලද පර්යේෂනය CombivacS  යැයි හදුන්වන ලදී. එමගින් ලද ප්‍රතිපල පෙන්වූයේද ඇස්ට්‍රා සෙනකා සහ පයිසිර්බ-යොන්ටෙක් එන්නත් මිශ්‍ර කිරීම වඩා හොඳ ප්‍රතිඵල පෙන්වන බවයි.

එසේ නමුත් මාත්‍රා දෙකම ඇස්ට්‍රා සෙනකා එන්නත මගින් ලබා ගැනීම වරදක් යැයි මෙම කිසිදු පර්යේෂන වාර්තාවක් කියන්නේ නැත. දැන් ජර්මනියද සෑම වයසකම ( වයස 12ට අඩු අයට හැර) අයට ඇස්ට්‍රා සෙනකා එන්නත ලබා දීම අනුමත කර තිබේ.

ජර්මනියෙහි සහ ස්පාඥයෙහි කරන ලද පර්යේෂනයන්හි අවසන් වාර්තා තවම ඉදිරිපත් කර නැත.

ඇස්ට්‍රා සෙනකා සහ පයිසර් බයොන්ටෙක් යනු දෙවිදියක එන්නත්ය.

ඇස්ට්‍රා සෙනකා පැණි තාලයේ එකකි. එය අප්‍රාණික කරන ලද වයිරස් ශරීරයට ඇතුල් කර ප්‍රතිදේහ ගොඩ නංවා ගැනීමට මිනිස් ශෛලවලට මඟ පෙන්වයි.

පයිසර් බයොන්ටෙක් සහ මොඩර්නා යනු MRNA යනුවෙන් හදුන්වන ක්‍රමයකි. එමගින් ප්‍රතිශක්තිය ඉහළ නංවා ප්‍රතිදේහ නිපදවන පෝටීනයක් නිපදවා ගැනීමට ශෛලවලට මෙහෙයවයි.

එබැවින් මෙම ක්‍රම දෙකෙහි සංයෝජනය විසින් ඇති කරන ප්‍රතිපලය ගැන තවමත් නිශ්චිත පැහැදිළි කිරිමක් නැත.

එමෙන්ම මෙම පර්යේෂන මගින් කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම අනුමත කිරීමට ප්‍රමාණවත් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. නමුත් ජර්මනිය දැන් එන්නත් මිශ්‍ර කිරීමට අවසර දී තිබේ. කැනඩාවෙහිද එන්නත් මිශ්‍ර කිරීම අනුමත කරයි.  ඇමෙරිකා එක්සත් ජනපදය තවම මේ ගැන සළකා බලමින් සිටී. එරට ඇස්ට්‍රා- සෙනකා එන්නත පාව්ච්චි වූයේ නැත.

යුරෝපයෙහි කරන ලද මෙම කිසිදු පර්යේෂනයකට සයිනොපර්ම් එන්නත යොදා ගෙන නැත.

 

 

Archive

Latest news

Related news