Saturday, April 20, 2024

ලංකාවේ වසංගත තත්වය සහ වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය: අප දන්නේ මොනවාද?

නව කොරෝන වයිරසියේ ඩෙල්ටා ප්‍රභේදය දැන් රට පුරාම පැතිර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ ප්‍රකාශ කළේය. ලොව පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධාන රෝග කාරකය බවට පත්වෙමින් ඇති බැවින් එයම මෙරටද සිදුවනු  ඇති බවට ඔහු පූරෝකතනය කරයි.

දැනට මෙම ප්‍රභේදය රටවල් 100කට වඩා පැතිරී තිබේ. එමගින් නව ලොක් ඩවුන් කිරීම්ද  ඇති වී තිබේ. මෙම නව වර්ධනයන් නිසා ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය සහ යුරෝපා/ ශෙශෙන් රටවල්  සංචාර තහනම් ලැයිස්තුවට ඇතුල් කිරීම දිර්ඝ කළේය.

ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතානයය තුළද දරුණු ලෙස පැතිරෙයි. පසුගිය අප්‍රේල් මාසයේ බ්‍රිතාන්‍ය සහ ඉන්දියව අතර 40,000කට වඩා පිරිසක් ගුවනින් ගමන් කළහ. ගුවන් කොටපල වසා දැමීම හෝ සෑම මගියකුම පරීක්ෂනයට ලක්කිරීම අත්‍යවහ්‍ය බව පසුගිය ජනවාරියේ බ්‍රිතාන්‍ය රාජය සෞඛ්‍ය අධිකාරීන් ප්‍රකාශ කළද ආන්ඩුුව එය නොසළකා හැරියේය.

ලෝකයේ බොහෝ රටවල් මෙම නව හතරවන රැල්ලට සූදනම් වන අතරවාරයේ ශ්‍රී ලංකාව යෙදී සිටින්නේ දේශපාලනය මගින් වසංගත තත්වය පාලනය කිරීමේ ඇන්දීමකය.

මෙරට කොවිඩ වසංගතය දිගින් දිගමෙ වසා දැමෙන්නේ දේශපාලන කඩතුරා මගිනි.  ඒ සඳහා දැන් පීසිආර් පරීක්ෂන කිරීම පහත දමා තිබේ.

2021 පෙබරවාරි මාසයේදී දිනකට  කළ පීසීආර් පරීක්ෂනයන්හි සමාන්‍ය   23,000ක් විය. එම මාසයේ එකී පරීක්ෂන වලින් දිනකට 2500 සිට 3,000ක් තරම් අසාදිත පුද්ගලයින් සොයා ගැනුණ බව සෞක්‍ය සමිති වන නායකයකු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කරයි.

මේ ගතවන ජූලි මාසයේ දිනකට කැරෙන පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 12,000ක් තරම්ය. එමගින් සොයා ගැනෙන අසාදිත පුද්ගලයන් ගණන 1750ත් තරම්ය.

සරළ අංක ගණිතය අනුව බැලූවද වසංගත තත්වයෙහි අඩුවීමක් නැත.  අඩුවීම ඇත්තේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන වල පමණි.

මෙම අසාදිත පුද්ගලයින් අතරින් කොපමණ ප්‍රමාණයක් ඩෙල්ටා වයිරස වාහකයින්දැයි අප දන්නේ නැත. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් කියන්නේ නව කොරොන වයිරස ප්‍රභේද හදුණා ගැනීමට අවශ්‍ය උපකරන මෙරට නැති බවයි.

දැන් ඩෙල්ටා වයිරසය ලෙස හදුන්වන මෙම ප්‍රභේදය මුලින්ම හදුණා ගන්නා ලද්දේ 2020 ඔක්තෝබරයේදී ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රදේශයෙනි. දැන් එය  ‌ලොව පුරා  ව්‍යාප්ත වී තිබේ.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම අනෙක් ප්‍රභේදයන්ට වඩා  සියයට 50-60ත් අතර ගුණයක් බව  බ්‍රිතාන්‍ය සමීක්ෂන වාර්තා දක්වයි. මුල් කොරෝන වයිරසය ැඅසාදිත වූ අයකුගෙන් තවත් 2.5කට බෝ විය හැකි වූ අතර ඩෙල්ටා ප්‍රභේදය අසාදිතයකු වෙතින් තවත් 3.5-4ත් අතර පිරිසකට එය බෝ වීමේ විභවතාවයක් තිබේ.

මේ තාක් ඒය බෝ වී ඇත්තේ එන්නත් නොලැබූණූ හෝ ලබා නොගත් පිරිස් වලටය. ඒ තරුණ පිරිස් බහුල වන අතර  අතර ළමුන්ද වෙති. තවමත් කිසිදු කොවිඩ් ඒන්නතක් වයස 5 -12 අතර දරුවන්ට නිර්දේශ කර නැත.

ඩෙල්ටා ප්‍රභේදයෙහි පැතිරීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ අය පවා ප්‍රසිද්ධ ස්ථානයන්හිදී  මුහුණු ආවරණ පැළදිය යුතු නිර්දේශ කිරීමට සූදානමක් පෙන්වයි.

ඩෙල්ටා ප්‍රභේදය අනෙක් නව කොරොන වයිරස් ප්‍රාභ්දයන්ට වඩා මාරාන්තිකද යන්න පිළබඳ නිගමනයක් දීමට බටහිර රාජ්‍ය සෞඛ්‍ය ආයතන මැලිවෙති. ඒ පර්යේෂන නිගමන අප්‍රමාණවත් නිසාය. ඒ මගින් වඩා බරපතල දීර්ඝ කාලීන විපාක ඇති කරනු ඇත්ද යන්න තවම පර්යේෂන මට්ටමෙහි පවතී.

එසේ නමුත් ඩෙල්ටා ප්‍රභේදය  විසින් රොගීන් රෝහල් ගතවීම අසාමාන්‍ය ලෙස ඉහළ යවන බව වාර්තා වී තිබේ. බ්‍රිතාන්‍යයෙහි නව කොව්ඩ් රොගීන්ගෙන් සියයට 90ක්ම අයත් වන්නේ ඩෙල්ටා ප්‍රභේදටය.

මෙම වයිරස ප්‍රභේදය සෑදී ඇත්තේ විකෘති ගණනාවක් මගිනි. එම විකෘතීන් මගින් මිනිස් සිරුරෙහි ඇති ප්‍රතිශක්ති පද්දතිය මඟහැර යාමට එය සමත් වෙතැයි අදහස් පළ වී තිබේ. මෙම විකෘතීන්හි විපාකයන් තවම හරි හැටි දන්නේ නැත.

වයිරසයක් විකෘති මගින් වෙනස්වීම් වලට භාජනය වීම සාමාන්‍ය දෙයකි.

එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ ඉතා සුලු ප්‍රමාණයකට ඩෙල්ටා ප්‍රභේදය මගින් කොවිඩ් වැළදී තිබේ. ඔවුන් බාහිර රෝගී ලක්ෂන නොපෙන්වයි.

මේ සියලු කරුණූ පෙන්වා දෙන්නේ රෝග වැලැක්වීම මුල්තැන තබා කටයුතු කිරීමේ වැදගත්කමය. එනනත්කරණය ඩෙල්ටා ප්‍රහේදයට මුුුුහුණ දිය හැකි හොදම ක්‍රමයයි. ඩෙල්ටා එන්නතට වඩාම පලදායි එන්නත පයිසර්-බයොන්ටෙක් යැයි ද කියැවේ. සයිිිිිිිනොපර්ම් හැර අන් ඒන්නත් තුනම ගැන කරන ලද පරීක්ෂන යහපත් ප්‍රතිපල පෙන්වා තිබේ. සයිනොපර්ම් ගැන කරන ලද පර්යේෂන වාර්තා වී නැත.

මෙම වසර අගවන විට ශ්‍රී ලංකාවේ අසාදිත ජන ප්‍රමාණය මිලියනයක් වනු ඇතැයි දෙමසකට තරම් පෙර නව කෙරෝනා දත්ත විහ්ලේෂනයන් මගින් කරන ලද පූරේකතනය දැන් සැබෑ වෙමින් තිබේ. ඒ වාර්තා වන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ආසාදිත වන්නේ යැයි සෞඛ්‍ය ඇමැතිනියක වන ප්‍රනාන්දු පුල්ලේ විසින් කරන ලද ප්‍රකාශයට අනුවය.

මේ අනුව අවම වශයෙන් ඔක්තෝම්බර් මාසය වන තුරු එනම් එන්නත් කරණය තීරනාත්මක කඩඉම් පසු කරන තුරු ශ්‍රී ලංකාවෙහි වසංගත තත්වය පහව යනු ඇතැයි සිතිය නොහැකිය

Archive

Latest news

Related news