Tuesday, September 14, 2021

අසමත් ගෝටා දේශපාලනය, බැසිල් පැතීම සහ අවසන් රාජපක්ෂ තුරුම්පුව – රජිත් කීර්ති තෙන්නකෝන්

බැසිල් රාජපක්ෂ කාගේ බලාපොරොත්තුව ද? බැසිල් රාජපක්ෂ ඇමති හෝ අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි.

පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් වසර තුනක් දිනපතා, අඛණ්ඩව සැලසුමකට වැඩ කළේය (ධනසිරි අමතුරංග වර්ගය).  එයින් බහුතරයකට අද ප්‍රතිලාභයක් තබා ඇගයීමක් හෝ ලැබී නැත. ඔවුන් සිටින්නේ දැවැන්ත බිඳවැටීමක ය. මේ පිරිස ‘පොහොට්ටුවේ අරටුව‘ යි.  දුෂ්කරතා හා අවමන්/නොතකා හැරීම් පමණක් ලැබූ  ඔවුහු දැන් බැසිල් ට තනතුරක් ලැබුනු පසුව තමන්ට සෙතක් වේ යැයි සිතති, පතති.   

දෙවනුව, බැසිල් තමන්ට හිතවත් පිරිසක් පසුගිය ඡන්දයෙන් පාර්ලිමේන්තු ගෙනාවේය.  තවත් පිරිසකට පලාත් සභා බලාපොරොත්තු ඇත. ඔවුන්ට දිස්ත්‍රික්ක මට්ටමින් දැඩි තරඟයක් ඇත. ජාතික මට්ටමින් අභියෝග රැසක් ඇත. ආණ්ඩුව තුල පිළිගැනීමක් තවම නැත.  තමන්ට ආණ්ඩුවේ බලවතුන් වන්නට කෙටිම පාර තමන් ඔසවා තැබූ බැසිල් ය. බැසිල් ඇමති -අගමැති වූ පසුව තමන් යුව රජවරුන් වෙතැයි මේ පිරිස සිතති, පතති.

මේ දෙපිරිසගේම හඬ දැන් දැන් ඝෝෂාවකි.  අධ්‍යාපනය, කෘෂිකර්මය, හොර කොන්ත්‍රාත්, සීනි – පොල්තෙල් වංචා, සල්ලි අච්චු ගැසීම, ණය බර, නීතියේ ආධිපත්‍යය වැනි සැබෑ ප්‍රශ්න හඬ නොඇසෙන තරමේ ඝෝෂාවකි!  දුමින්ද, කුසල් මෙන්ඩිස් – දික්වැල්ල, පියුමී හංසමාලී ද අමතක වන තරම් සැණකෙළියකි !!

තෙවනුව, පලාත් සභා (හිටපු) හා ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරුන් ය.  2019 ආරම්භ යේ සිට පොහොට්ටුව පළාත් සභා ඡන්දය පවත්වන ලෙස ඉල්ලා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය.  ගෝඨාභය ප්‍රමුඛ ජාතිකවාදීන් පළාත් සභා විරෝධීන් ය.  දැන් බැසිල් ඇමති – අගමැති වූ පසුව පළාත් සභා ඡන්දය ලැබෙනු ඇතැයි ද, දැන් තමන්ට නොලැබෙන බොහෝ (සම්පත්) ලැබෙනු ඇතැයි ද මේ පිරිස සිතති, පතති.  

සිව්වනුව, බැසිල් හා ගණුදෙනු කරන විපක්ෂයේ පිරිසකි.  බැසිල් අගමැතිවන්නේ නම්, 2024 ජනාධිපතිවරණයට නාම යෝජනා ගත හැකි නම් තමන්ට අනාගත ආණ්ඩුවක කොටස්කරුවන් විය හැකි බව ඔවුන් සිතති, පතති.  

පස්වනුව, අද රජයේ ගජමිතුරු ව්‍යාපාර කරන බහුතරයක් ගෝඨාභය සමීපතමයින් ය.  සංඛ්‍යාවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් වැඩිම පිරිසක් බැසිල් හිතවතුන් ය.  දිලිත් ජයවීර, නිශ්ශංක සේනාධිපති ට අද ඇති තැන, බැසිල් ඇමති – අගමැති වූ විට තමන්ට ගන්නට පුළුවන් යැයි මේ පිරිස සිතති, පතති.

හයවෙනුව, බැසිල් උතුරු – නැගෙනහිර – මැදරට දෙමළ හා මුස්ලිම් ජාතිකයින් පිරිසක් තම දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවන් කර ගත්තේය.  2/3 ලබාගන්නට, ඔවුන්ගේ සහාය ගත්තේය.  ‘සිංහල – බෞද්ධ‘ රාජ්‍යයක් යැයි කියන ජනාධිපතිවරයෙකුට යටතේ තමන්ට සමීප බැසිල් ට ඇමති – අගමැති වීම යහපත් බව, තමන්ට සුරක්ෂිත බව ඔවුහු සිතති, පතති.  

හත්වෙනුව, රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු සඳහා යන්නට බලාපොරොත්තු වින පරිපාලන හා සමගාමී සේවාවල පිරිසක් ද, විශේෂඥයින් පිරිසක් ද බැසිල් හා සිටී.  මධ්‍යගත නියෝගදීමක් නොමැතිවීම නිසා රාජ්‍ය පරිපාලනය බිඳවැටී ඇතැයි සිතීම තාර්කික ය.  බැසිල් රාජ්‍ය පරිපාලනයට නියෝගදීමේ මධ්‍යගත සාධකය බවට පත්වනු ඇතැයි ද, ඒ තුල තමන්ට ද තැනක් ලැබෙනු ඇතැයි මේ අය සිතති, පතති.  

අටවෙනුව, බැසිල් ට දක්ෂ කළමනාකරුවෙකු යැයි ප්‍රතිරූපයක් තිබේ.  එය ආර්ථිකයට ද අදාල යැයි සිතන පිරිසකි.    දවසකට රු.බිලියන 200 ක් අච්චු ගසන්නට වූ රටක්, බංගලිදේශයෙන් ණය ලබා ගෙන දුවන, රටවල් 4 කින් ණය අරගෙන ණය වාරිික ගෙවන්නට සැලසුම් කරන රටක ආර්ථිකය බැසිල්ට ගොඩනදන්ට හැකි යැයිි ඔවුන් සිතති. එහි ප්‍රතිලාභ තමන්ට – රටට ලැබෙනු ඇතැයි සිතති, පතති.  

 නවවෙනුව, රටේ සෑම තැනකම කියන්න කෙනෛක්  – අහන්නට කෙනෙක් නැති ප්‍රශ්න රැසකි.  පොහොර ප්‍රශ්නය,  සැපයුම් ජාල බිඳවැටීම ලෙසින් ඒ ලැයිස්තුව දිගය.  මේ ප්‍රශ්න සියල්ල හෝ ටිකක් හෝ බැසිල් පැමිණ විසඳණු ඇතැයි මේ පිරිසක් සිතති, පතති.

දස වෙනුව, බැසිල්ට අගමැති – ජනාධිපති තබා ඇමතිවත් නොවිය යුතු යැයි සිතන (උදා – විමල් – ගම්මන්පිල – ඩලස් – වාසුදේව) පිරිසක් හා සමාජ මාධ්‍ය යේ සිටින ඔවුන්ගේ අනුගාමිකයින් රැසකි. මේ පිරිසට තරහාකාරයෝ ද (ජවිපෙ – අලි – ටෙලිපෝන් – සිවිල්) රැසකි. සතුරාගේ – සතුරා, තමන්ගේ මිතුරා න්‍යාය අනුව බැසිල් ඇමති-අගමැති නොව ජනාධිපති වෙනවාට මේ අය කැමතිය.  තමන්ට බැරි නමුත්, කවුරුන් හෝ තම සතුරා පරදන හැටි ගැන ඔවුහු සිතති, පතති. 

මේ කණ්ඩායම් 10 ම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ගමන සිතති, පතති.  පොහොට්ටුවේ මහ ලේකම්වරයා කියන විදිහට පාවඩ එළමින්, ජය සක් බෙර සකසමින් ‘මහා මංගල්‍යයට‘ සුදානම් වෙමින් සිටින්නේ ඒ පිරිස ය.

ජූලි මාසයේ දී මේ සිතුම් – පැතුම් ‘ඝෝෂාවක්‘ බවට පත්වනු ඇත්තේය.  රසවත්ම කොටස එන්නේ එතැන දී ය.

බැසිල් ඇමතිවරයෙකු වී අගමැති – ජනපති පුටුවට යන්නේ නම් අද තමන්ට ඇති තත්වය, පිලිගැනීම, අවස්ථා අහිමි වී තමන් විනාශ වේ යැයි සිතන පිරිසක් ද වෙති. දැන් බැසිල් විරෝධය නගන්නේ ඒ පිරිසය. බැසිල් හිතවතුන් හා ගැටෙන්නේ ඒ පිරිස ය.

මේ දෙපිරිසගේම හඬ දැන් දැන් ඝෝෂාවකි.  අධ්‍යාපනය, කෘෂිකර්මය, හොර කොන්ත්‍රාත්, සීනි – පොල්තෙල් වංචා, සල්ලි අච්චු ගැසීම, ණය බර, නීතියේ ආධිපත්‍යය වැනි සැබෑ ප්‍රශ්න හඬ නොඇසෙන තරමේ ඝෝෂාවකි!  දුමින්ද, කුසල් මෙන්ඩිස් – දික්වැල්ල, පියුමී හංසමාලී ද අමතක වන තරම් සැණකෙළියකි !!

ගෝඨාභය ජනාධිපතිතුමා පේන්නට බැරි, මේ රජය බලයට ගෙන එන්නට කටයුතු කළ භික්ෂුන්වහන්සේලා සංගායනා පවත්වන නමුත් තවම බැසිල් ගැන කතා කරන්නට පටන් ගත්තේ නැත! හෙටින් ඇරඹෙන්නේ ඒවන් සතියකි.

රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වේ. 

Archive

Latest news

වසංගතය අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ; KNDU) පනත අහෝසි කරනු! ක්‍රියාධර පිරිස් නිදහස් කරනු!!

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ...

ජේ.ආර්. ව්‍යවස්ථාවෙන් පසු මුල් වතාවට අල්ලස්කාර මංත්‍රීවරයකුට අසුන අහිමි වෙයි.

1978 ව්‍යවස්ථාවෙන් පසු ප්‍රථඹ වතාවට මැතිවරණ සමයකදී අල්ලස් දීම සනාථ වීම නිසා අධිකරණය මගින් මහජන නියෝජිතයකු අසුනින් පහ කර තිබේ. 1978 ව්‍යවස්ථාව මගින් සියයට සියයක...

කබ්රාල්ගේ අනීතික මහ බැංකු පත්වීම නතර කිරීමට රජිත් කීර්ති තෙන්නකෝන් උසාවි යයි. (පෙත්සම සම්පුර්ණයෙන්)

බැඳුම්කර, සේවක අර්ථසාධක අරමුදල් වංචාකල ලබැඳියාවන් අතර ගැටුම් සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩමූස් ආඥාවක් (Writ of...

“යුදකරණය සහ වගවීමක් නැති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දිගටම සෝදා පාලු වෙයි” – මානව හිමිකම් මහ කොමසාරිස්වරිය (සම්පූර්ණ කතාව)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන සමාජ, ආර්ථික හා ආන්ඩුකරණයේ අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීමක් නොමැතිකම විසින්  රටෙහි මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී...

Related news