Thursday, March 28, 2024

කොවිඩ් සහනාධාර බිලියන 30ක් රුපියල් 5000 ගණනේ ලක්ෂ 60කට වරකට බෙදු බව කියන ගෝටාගේ කතාවේ මහ හිලක්!

ජනාධිපතිවරයා සිය ජාතිය ඇමැතීමේ කතාවේදී මෙසේ කීවේය:

“කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000ක  දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30 ක් පමණ වැය කරනවා.”

රු. බිලියන 30ක් එනම් රු 30,000,000,000ක්, රු 5000 බැගින් බෙදු බවයි!

එවිට අපට ලැබෙන උත්තතරය 6,000,000,000කි එනම් මිලියන 06කි.  ඊට අනුව වරකට මෙරට ලක්ෂ 60කට කොවිඩ් සහනාධාරය ලබා දී තිබේ.

අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් ඒකක ප්‍රමාණය  මිලියන 5.1කි.

ආණ්ඩුවට පකෂපාතී හිරු නාලිකාවට අනුව කොවිඩ් සහනාධාරය ලද පවුල් ගණන ලක්ෂ 20කට අඩුය. එනම් මිලියන දෙකකි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව මෙරට  කොවිඩ් සහනාධාර බෙදන ලද්දේ පහත සඳහන් පරිදිය:

මේ අනුව සමෘද්ධි දීමනා, ජේෂ්ඨ පුරවැසි දීමනා, අබාධිත දීමනා සහ සුවකළ නොහැකි රෝගී දීමනා ලබන අයවලුන් මිලියන 3.2කට මෙම දීමනා ලබා දී තිබේ. එනමුත් එම පිරිසට ලැබුණේ ඒ වනවිටත් ලබමින් සිටි දීමනාවද ඇතුලත් රුපියල් 5,000කි. එබැවින් එම පිරිස්වලට ජනාධිපති රාජපක්ෂ කියන රු.5000  එහෙම පිටින්ම ලැබුණේ නැත.

ඊට අමතරව ගොවි විශ්‍රාම වැටුප් ලබන 160,679 දෙනෙකුටද ධීවර විශ්‍රාම වැටුප ලබන 4,600කටද එම අකාරයෙන්ම ලබන දීමනාවද ඇතුලත්ව රුපියල් 5000 ලබා දී තිබේ.

රැකියා නැති උපාධිදාරීන් 40,000ටද ස්වයං රැකියාව්හි නියුතු වූවන් මිලියන 1.9කටද  පෙරසාසැල් ගුරුවරියන් 39,984කටද එකී රුපියල් 5,000 සහනාධාරය ලබා දී තිබේ.

මෙම සංඛ්‍යා නිවැරදි නම් කොවිඩ් සහනාධාර ලද පිරිස 5,343,894. එනම් ශ්‍රී ලංකාවේ සෑම පවුලකටමත් එස සහනය ලබා දී තවත් ලක්ෂ දෙකකට පමණ ලබා දී තිබේ. නැතනම් එක පවුලත දෙතුන් දෙනෙකුට මෙම සහනය ලැබී තිබිය යුතුය. මෙය කොතරම් ගල් පැලෙන බොරුවක්ද යන්න මෙරට ජනයා දනිති. ඕනෑම ගමක නගරයක වතුකරයක ජීවත්වන ජනයා ඒ බව හොඳටම දනිති.

2020 මැයි මාසයේදී නිකුත් කරන ලද එම වාර්තාවෙන් පෙනෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බවා ඇන්දී සිටින හැටිය. අප එම සංඛ්‍යා ලේඛන නිවැරදි යැයි සිතූවද තවත් මිලියනයකට පමණ ජනාධිපති රාජපක්ෂ කොවිඩ් සහන ලබා දී තිබේ.

එසේ නමුත් ජනාධිපති රාජපක්ෂ කියන්නේ සෑම වාරයකම මිලියන හයක් පවුල් වලට රු.5000 සහනාධාරය බෙදා දෙන ලද බවයි. ප්‍රශ්ණය ඉතිරි පවුල් ඒකක  සිටින්නේ මැදමූලන වලව්වේද යන්නය.

ජනාධිපතිවරයාගේ කතාවෙහි කියැවෙන මෙම කොටසින් පෙනෙන්නේ මුල්‍ය විනය ගැන කිසිම තැකීමක් ඔහුට නැති බවයි.

මෙයට පෙර ඔහුගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද ඉටුකම කොව්ඩ් අරමුදලේ ගණන් හිලව්හි සඳහන් වු මෙතෙක් ගෙනැවිත් නැති ගිලන් රථවලට රුපියල් මිලයන 194ක් වැය වන බව දක්වා තිබීමද මෙවැනි කරුණකි. ඒ ගිලන් රථ10ක් ගැනීමටය!

දැන් හෝ ජනාධිපති කියන බිලියන 30 බෙදී ගිය ආකාරය කවරකු විසින් හෝ පැහැදිළි කරන්නේ නම් වැදගත්ය.

Archive

Latest news

Related news