Monday, May 20, 2024

දරුවන් ලක්ෂ 43න් 12ක් සියයට 88ක් වීමේ ජී.එල්.පිරීස් මහාචාර්ය තර්කය නොහොත් කොවිඩ් අධ්‍යාපන ඛේදවාචකයට සුදුහුණු ගෑම

ඡායාරූපය: කුරුණෑගල හෙට්ටිආරච්චිගම දරුවන් මාර්ගත අධ්‍යාපනය ලබව හැටි. මහ ගලක් උඩ දෙන්නාටම එක ස්මාට් ෆෝන් එකයි!
අධ්‍යාපනය අහිමි වූ පාසල් දරුවන්ට විකල්පයක් ලබාදීමේ අසමත්භාවය වසා ගැනීමට ආණ්ඩුව ප‍්‍රචාරක ව්‍යාපෘතියක

කොවිඩ් වසංගතය අධ්‍යාපන වසංගතයක් බවට පත්ව තිබීම වසං කිරීම පිනිස අද දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිජිටල් පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හා කෙහෙළිය රඹුක්වැල්ල යන පිරිස සාමුහික මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ඇද බැ  බේගල්  නිවේදනයක් නිතුක් කරන ලංකා ගුරු සංගමය විසින් හෙළිදරව් කර තිබේ.

ජී.එල්.පීරිස්ගේ මහාචාරය තර්ක අනුව ආණ්ඩුවේ ඊ තක්සලාවෙන් දිනකට ඉගෙන ගන්නා දරුවන් සහ දැරියන් සංඛයාව ලක්ෂ දෙකකි. මෙරට පාසැල් ඉගෙනුම ලබන ශිෂ්‍ය  – ශිෂ්‍යා  සංඛ්‍යාව ලක්ෂ 45ක් වේ. එසේ තිබියදී පිරිස් ප්‍රකාශ කරන්නේ ආන්ඩුවේ මාර්ගගත අධ්‍යාපනය අහිමි වී ඇත්තේ සියයට 12කට බවයි. ඒ අනුව ලක්ෂ 45කින් ලක්ෂ 12ක් යනු සියයට 88කි!

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලින් විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ:

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ වසරකුත් මාස 3 කට වැඩි කාලයක් පාසල් දරුවන්ට අධ්‍යාපනය අහිමි වී තිබියදී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ එකම විකල්පය වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනයයි. එහෙත් ඒ තුළ 60% කට වැඩි දරුවන් පිරිසකට මුළුමනින්ම අධ්‍යාපනය අහිමිව ඇත. එසේ තිබියදී මාර්ගගත අධ්‍යාපන පහසුකම් නොමැති ප‍්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙලක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය 2021.06.17 දින පරිගණක හෝ ටැබ් පරිගණ 10 කින් යුත් ප‍්‍රාදේශීය අධ්‍යාපන මධ්‍යස්ථාන සකස් කිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ඒ සම්බන්ධයෙන් අද (2021.06.21) දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිජිටල් පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හා කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වන ලදී. එහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප‍්‍රකාශ කර සිටියේ කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අධ්‍යාපනය අහිමිව ඇති පිරිස 12% ක්    බවයි. අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම සංඛ්‍යා දත්ත සම්පූර්ණයෙන්ම අසත්‍ය දත්තය. අසත්‍ය තොරතුරු අධ්‍යාපන අමාත්‍යවරයාට ලබාදෙමින් අධ්‍යාපන ලේකම් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි.

මෙවැනි රැවටිලි සහගත විජ්ජා පසෙක තබා, අසාර්ථක මාර්ගගත අධ්‍යාපනය මතම එල්ලී නොසිට වෙනත් දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද වෙත යොමු වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීම තුළ අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගේ අසමත් භාවය හා වගකීම් විරහිත භාවය මනාව පැහැදිලි වේ.

ඊ තක්සලාව ඔස්සේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය පවත්වාගෙන යන බව සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ මගින් මේ වන විට පාඩම් 65000 ක සිදුකර ඇති බව සඳහන් කරයි. එසේම ඔහු සඳහන් කරන්නේ දිනකට ඊ තක්සලාවට සිසුන් දෙලක්ෂයක් සහභාගි වන බවයි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් ලක්ෂ 43 ක් පමණ පාසල් පද්ධතියේ සිටින අතර, ඉන් ලක්ෂ 2 ක් පමණක් ඊ තක්සලාව ඔස්සේ අධ්‍යාපනය ලබන බව පැවසීමෙන්ම එහි අසාර්ථක භාවයත්, දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමත් මනාව පැහැදිලි වේ.

දැනටමත් මාර්ගගත අධ්‍යාපනය මෙතරම් අසාර්ථ වී තිබියදීත් අධ්‍යාපනය අහිමි වූ දරුවන්ට තවදුරටත් අධ්‍යාපනය ලබාදීමට ආණ්ඩුවේ විකල්පය වී ඇත්තේ පරිගනක 10 කින් සමන්විත ප‍්‍රාදේශීය අධ්‍යාපන මධ්‍යස්ථාන ගොඩනැගීමයි.  මාර්ගගත අධ්‍යාපනයට අවශ්‍ය උපාංග හෝ අන්තර්ජාල සම්බන්ධතා හා අන්තර්ජාල ආවරණ නොමැති දරුවන්ට පරිගණක 10 කින් සමන්විත මෙවැනි මධ්‍යස්ථාන ඔස්සේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳ උත්කර්ශවත් ප‍්‍රචාරයක් ගෙනයාම ආණ්ඩුවේ තවත් රැවටිල්ලකි.

මෙවැනි රැවටිලි සහගත විජ්ජා පසෙක තබා, අසාර්ථක මාර්ගගත අධ්‍යාපනය මතම එල්ලී නොසිට වෙනත් දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද වෙත යොමු වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීම තුළ අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගේ අසමත් භාවය හා වගකීම් විරහිත භාවය මනාව පැහැදිලි වේ. මාර්ගගත අධ්‍යාපනය දුරස්ත අධ්‍යාපන ක‍්‍රමවේදයන්ගේ එක් ක‍්‍රමවේදයක් පමණි. එමෙන්ම එය මේ වන විට ආසර්ථක ක‍්‍රමවේදයක් වී ඇති අතර, දරුවන් දැඩි පීඩනයකට හා විවිධ රෝගාබාධවලට ලක් කර ඇත. මෙවැනි තත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ වෙනත් දුරස්ත අධ්‍යාපන ක‍්‍රමවේද වෙත යොමු වී අධ්‍යාපනය අහිමි වූ සිසුන්ට අධ්‍යාපනය ලබාදීමට කඩිනම් වැඩපිළිවෙලකට යාම බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

එසේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කරන ලද්දේ ගුරුවරුන්ට පරිගණක මිල දී ගැනීමට බැංකු ණය ලබාදීමට බැංකු සමග සාකච්ඡුා කරමින් සිටින බවයි. එහෙත් පසුගිය රජය සමයේ උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමට අයවැයෙන් මුදල් වෙන් කරන ලදී. රු.26,000/- ක මුදලකට එක් පරිගණකයක් ලබාදීම සඳහා එසේ වෙන් කරන ලද මුදල්වලට වූයේ කුමක් ද යන්න ගැටලූ සහගතය. එසේ නොමිලේ ලබාදීමට නියමිත පරිගණක ලබානොදී ගුරුවරුන්ට පරිගණක සඳහා ණය මුදල් ලබාදීමට අවධානය යොමු කිරීමෙන් ම වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන අඩු සැලකිල්ල ප‍්‍රදර්ශනය වේ.

Archive

Latest news

Related news