Tuesday, July 16, 2024

ලංකාවට ජීඑස්පී පල්ස් සහනය නතර කළ යුුතුදැයි සොයා පියවර ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරයි

ජූනි 10දා ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව දීර්ඝ යෝජනාවක් සම්මත කළ යුරෝපා පාර්ලිමේන්තුව, අවසාන පියවරක් වහයෙන් ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවෙන් තාවකාලිකව ඉවත් කළ යුතුදැයි සොයා බලා වාර්තා කරන සේ යුරෝපා කොමිසමට දන්වන ලදී.

ඊට ප්‍රධාන හේතුව වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව සංසෝධනය නොකිරීම වන අතර මරණ දන්ඩනය පැනවීම දිගින් දිගටම සිදුවීමද යෝජනාව සැළකිල්ලට ගෙන තිබේ.

ජීඑස්පී පල්ස් සහනය ලබා දීමේදී ශ්‍රී ලංකාන්ඩුව ගිවිස ගත් මානව හිමිකම් පොරෙන්දු ඉටු කර නැතැයි යෝජනාව සඳහන් කරයි.

2009 දී අවසන් වූ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධයෙහි දී දෙපාර්ශ්වයම බරපතල මානව හිමිකම් උල්ලංනයක් කළ බව යෝජනාව ආරම්භයේදීම සදහන් කරයි.

අනතුරුව එය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවත් නව රජය යටතේ පෙර පැවති ප්‍රගතිය පසුබසිමින් ඇති බවත්ය.

සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යට ක්‍රියාත්මක වි හැකි අවකාශය වේගයෙන් හැකිලෙමින් තිබෙන බවද එය සඳහන් කරයි.

තවත් වැදගත් කරුණක් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූලව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද යෝජනාව ශ්‍රී ලංකා රජයට බල කර සිටීමයි.

තවත් එවැනි වැදගත් කරුණක් නම් ‘ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය වීම’ යන ඉන්ටර්පෝල් ව්‍යාපෘතියට යුරෝපා සංගමය ලබා දෙන ආධාර පිළිබද වහාම අගැයීමක් කිරීමට වන යෝජනාවයි. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ කඩතුරාවට මුවා වී ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට සහ සිවිල් සමාජයේ සාමාජික සාමාජිකාවනට පීඩා කිරීම් සිදුවන බවට වන චෝදනාවයි.

යෝජනාව නීතිඥ හිස්බුල්ලා සහ කිවිවර අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් රඳවා ගෙන සිටීම ගැනද සඳහන් කරයි.

යොජනාවේ දළ පරිවර්ථනයක් බලාපොරොත්තු වන්න.

 

Archive

Latest news

Related news