Tuesday, July 16, 2024

ආණ්ඩුවේ වෙබ් හැක් කර ඇතැයි කියූ  තාක්ෂන සංගමයේ සභාපති රිමාන්ඩ්!

අගමැතිවරයාගේ  නිල වෙබ් අඩවිය ඇතුලු ආණ්ඩුවේ වෙබ් අඩවි ගණනාවකට හැකරුන් ඇතුලු වී ඒ්වා විකෘති කර ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂන සංගමයේ සභාපති වශයෙන් හදුන්වා ගන්නා රජිව් යසිරු කුරුවිටගේ මැතිව් (23) ‌09වනදා ඒනම් හෙට දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද  එනම් 08දා නියෝග කර තිබේ.
ඊයේ ඔහුගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් ඔහු අත් අඩංඟුවට ගනු ලැබූයේ ඔහු විසින් වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිකුත් කරන ලද පහත සඳහන් ප්‍රකශය නිසාය.

 

රජිව් යසිරු  වෙනුවෙන් නීතීඥ ඩිලාන් නාලක, සංජය ආරියදාස, මිගාර ඩොස් සමඟ තිෂ්‍ය වේරගොඩ යන මහත්වරු පෙනී සිටි බව මීඩියාඒල්කේඩොට්කොම් වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශයක් ලබා ගන්නා ලදී. ඒම වෙබ් අඩවි ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින ලෙස ඔහුට රහස් පොලීසිය දන්වන ලදැයි අනුමත නොකළ වාර්තා සඳහන් කරයි.
රජිව් යසිරු එවැනි සමාව යැදීමක් කළේ නැත.
මෙවැනි නිවේදනයක් පළ කිරීමට ඇති අයිතිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විමසීමක් කළ අතර නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේ තරුණයා පුරවැසියෙක් වීමම ප්‍රමාණවත් බව ද ඉහත කී වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ වනාහී විවේචනාත්මක අදහස් දැරීම බිය වැද්දවීමට දැරෙන ප්‍රයත්නයක් බව ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත අදහස් දැක්වූ  හිමිකම් ක්‍රියාකාරිනියක ප්‍රකාශ කළාය.

එම තොරතුරු තාක්ෂන සංගමයේ වෙබ් අඩවියෙහි එම සංගමයේ අනෙක් නිලධාරීන් හෝ ක්‍රියාකාරිත්වය ගැන කිසිවක් සදහන් නොවේ. වෙබ් අඩවි පිළිබඳ තාක්ෂනික ලිපි ගණනාවක් එහි පල වී තිබේ.

Archive

Latest news

Related news