Friday, March 29, 2024

නව මිලිටරි පත් කිරීම් සංක්‍රමණික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන් නැත්තටම නැති කරයි – යස්මින් සූකා

යුද සමයේ සිටි පොලිස්පති වරයකු වන ජයන්ත වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරයකු ලෙස පත් කිරීම විසින් පසුගිය ආණ්ඩුව විසින් ස්ථාපිත කරන ලද සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයන්  මිලිටරීකරණය කිරීම සම්පූර්ණ කරන්නේ යැයි නිවේදනයක් නිකුත් කරන යස්මින් සූකා ප්‍රකාශ කරයි.

යස්මින් සූකා යනු සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය නම් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාව වේ. ඇය ශ්‍රී ලංකාවේ සිදු වූ බවට කියවෙන යුද අපරාධ පිළිබඳ විමර්ශනය කර උපදෙස් දීම පිණිස එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්  වූ බැංකි මූන් විසින් 2010 ජූනි මාසයේ දී පත් කරන ලද ත්‍රි පුද්ගල විද්වත් කමිටුවේ සාමාජිකාවක වූවා ය.

පසු ගිය මැයි 20 වැනිදා ජයන්ත වික්‍රමරත්නගේ පත් කිරීම  හුදු බොඩ් ලෑල්ලක් වන පාර්ලිමේන්තු කමිටුව මගින් අනුමත කරන ලදී. මෙම අනුමතයට විපක්ෂ දේශපාලනඥයින් සහාය දැක්වූවේ ද යන්න පැහැදිලි නැත.

“යුද්ධාවසානයේදී සමූහ අතුරුදහන් කිරීම් සම්බන්ත්‍ධයෙන් වගකිය යුතු බවට යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන මගින් නම් කරන ලද ඒකක තුනක ප්‍රධානියා වූ ජයන්ත වික්‍රමරත්න දැන් අතුරුදහන් කිරීම් පිළිබඳ විමර්ශනය කරමින් සිටී” යැයිද එම නිවේදනයේ සඳහන් වේ.

ජයන්ත වික්‍රමරත්න යනු විදේශකදී සර්ව භෞමික අධිකරණ බලය යටතේ නඩු පවරනු ලැබීමේ අවධානම ඇති නිලධාරියකු බවද එහි දැක්වේ.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති වශයෙන් පළිගැනීම් කොමිසමේ සභාපතිවරයා වූ උපාලි අබේරත්න පත් කිරීම “ වින්දිතයින්ට කරන ලද ඍජු අවමානයක් සහ ප්‍රචන්ඩත්වයක් යැයිද ඇය තවදුරටත් සඳහන් කරයි.

පසුගිය රජය යටතේ පිහිටුවන ලද අනෙක් සංක්‍රමනීය යුක්ති යන්ත්‍රණය වන හානි පූර්ණ කාර්යාලයට පත්කරන ලද විශ්‍රාමික ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජනාධිපති රාජපක්ෂගේ මිත්‍රයකු ලෙස හඳුන්වා දෙන යස්මින් සූකා එමගින් එම යන්ත්‍රණය ද මිලිටරි කරණය කර ඇතැයි චෝදනා කරයි.

අවන්ගාඩ් පාවෙන අවිගබඩා පිළිබඳ චෝදනා ලබා සිටි ජෙනරාල් පාලික ප්‍රනාන්දු රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසු එම චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී.

තවද අල්ලස් දූෂන විමර්ශන කොමිෂන් සභාවට පත් කරන ලද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ වන්ද්‍රා වාකිශ්ඨ ජයන්ත වික්‍රමරත්නගේ සගයකු බව ප්‍රකාශ කරන එම නිවේදනය 2009-2010 වකවානුවෙහි ඔහු යටතේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත විමර්ශන ඒකකයද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් වගකිය යුතු බවට නම් කර ඇතැයිද එය කියා සිටී.

එම සම්පූර්ණ නිවේදනය පීඩිඑෆ් ගොනුවක් ලෙස කියවන්න:ITJP on Jayantha W

 

Archive

Latest news

Related news