Wednesday, May 1, 2024

කොවිඩ් නීති කැඩුවයි යාපනයේ 5ක් දවස් 7කට රිමාන්ඩ්! ෂැං ග්‍රිලා හා පොලිස් පාටි දැමූ අය නිදහස්

ශ්‍රී ලංකාවේ ක්‍රිියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් ලොකු ලොක්කන් හමුවේ නීතිය බලුවන බවත් පෙන්වන උදාහරණයක් යාපනයෙන් වාර්තා වෙයි.

යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින් පිටතට පැමිණයයි පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ එනම් මැයි 31වනදා දින හතකට රිමාන්ඩ් කරන ලදී.

මේ අතර කුරුණෑගල පොලීසිය තුළ සෙත් පිරිත් සංජායනාවක් පැවැත්වෙත්දී කුරුනෑගල නගරාධිපති වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත් වූ කිසිවකු අතුඅඩංගුවට ගත්තේ නැත. එම සාදයේදී පොලිස් නිලධාරියකු ඇතුලු දේශපාලනඥයාගේ පිරිස මුහුණු ආවරණ රහිතවය.

එම නගරාධිපතිවරයාගෙන් පොලීසිය අඩුම වශයෙන් ප්‍රශ්ණ කරන ලද්දේවත් නැත.

එමෙන්ම කොවිඩ් නීති කෙළෙසමින් තරු හතේ ෂැං ග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ නිරෑපන ශිලිපයකි සහ ශිල්පිනියකද ඇප පිට නිදහස් කරන ලද අතර ඊට සහභාගි සලල්කාර විසිදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙනද නැත. අනතුරුව ඔවුන් නිරෝධායනය පිනිස යවන ලදී.

කොවිඩ් නීතිය බලපවත්වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් බවත් දේශපාලන පංතියට සහ සල්ලිකාරයිනට ඒවා බල නොපවත්නා බවත් මෙමගින් යළිත් තහවුරු වී තීබේ.

මේ අතර කොවිඩ් නීති කැඩු බවට සාමන්‍ය ජනයා සිය ගණනින් අත්අඩංවට ගැනීම පොලීසිය දිගටම කරගෙන යයි.

 

Archive

Latest news

Related news