Wednesday, May 1, 2024

දොස්තර සංගමය ඇස්ට්‍රා සෙනකා මාත්‍රා 13,000ක් කොල්ල කෑවා; උපුල් රෝහණ මඩ ගැසීම්වලට පිළිතුරු දෙයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා විසින් තම Facebook ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

GMOA කණ්ඩායම් තුල පසුගිය දින කිහිපයේ පහත POST එක සංසරණය වූ අතර එය දැන් සාමන්‍ය කණ්ඩායම් තුලද සංසරණය වෙමින් පවතින නිසා සහ බොහෝ හිතවතුන්ගේ ඉල්ලීම පරිදි පහත කරුණු නිවැරිදි කර දක්වමි.මෙම post එක සම්පුර්ණ අසත්‍යකි.

මගේ නිවසේ වාසය කරන මගේ පවුල මගේ බිරිඳ,, අවුරුදු 17 ක් වූ පුතා සහ අවරුදු 13 ක් වූ දියණියයි.මගේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය වන අතර ඇය COVID 19 පාලනය වෙනුවෙන් හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ PCR සාම්පල ගනු ලබයි මම පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වන අතර සෘජුවම COVID 19 ආසධිතයින් සමග කටයුතු කරමි. ඒ නිසා නියමිත දෙපාර්තමේන්තු චක්‍රලේඛ ප්‍රකාරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දෙන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද එන්නත් ලබාගන ඇත. ඕනෑම අයෙකුට එය පරීක්ෂා කල හැකිය.

මගේ මව සහ බිරිඳගේ මව පමණක් ජීවත්ව සිටින අතර ඔවුන් දෙදනාම මේ වනතුරු කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගන නොමැත. පියවරුන් දෙදනාම අප අතහැර ගොසින් වසර ගණනාවකි. මගේ මවගේ නම A.M නන්දා අධිකාරි වන අතර ඇය ගුරුගොඩ වීරපොකුණ ලිපිනයේ පදිචිව සිටි. ඇය අයත් වනුයේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයටය. බිරිඳගේ මව W.A මියුලට් නෝනා ය. ඇය කුලියාපිටිය නගර සීමාවේ වාසය කරයි.ඕනෑම අයෙකුට මෙහි සත්‍ය අසත්‍ය තාව පරීක්‍ෂා කල බැලිය හැකිය.

ලක්‍ෂ 5 1/2 ක් වූ අස්ට්‍රසේනිකා එන්නත් ලබාගත් ප්‍රජාව අතරින් මරණය වැළඳ ගැනීමට තරම් අවධානමක් වූ 13000 කගේ ජීවිත රකහැනීම සඳහා භාවිතා කල හැකිව තිබු අවසනන මාත්‍රා 13000 කොල්ල කෑ වෘත්තීය හොරුන් එය වසා ගැනීමට සාවද්‍ය පෞද්ගලික මඩගැසීම කනගාටුදායකය.

විශේෂයෙන් GMOA යනු අතීතයේ සියලු දෙනා ගරු කල අභිමානවත් නායකයින් නායකත්වය සපයන ලද අභිමානවත් වෘත්තීය සංගමයකි.නමුත් අද එය එක් දේශපාලන පක්ෂයක අනු ශාඛාවක් බවට පත්කොට තම නියෝජිතයන් මවු පක්ෂයෙන් පාර්ලිමේන්තු යවා දේශාපාලනයට නිර්වස්ත්‍රව කඩේ යන ගමන් අනිත් එකාගේ අමුඩයේ පාට හොයන තැනට පත් කර ඇත. වචන කිහිපයක් ප්‍රකාශ කළහොත් එයින් ඔවුන්ට හැකි පමණ මඩගහන තැනට පත්ව ඇත.

අප නිහඬව සිටියත් ඔය නායකයින්ගේ කෙරුවාවල් සියල්ලම අප සතුව ඇතත් අප එවැනි පෞද්ගලික මඩ ව්‍යාපාර නොකරනුයේ අප තවමත් ශිෂ්ඨ සම්පන්න වෘත්තීය සමිති ක්‍රියාවලියක නිරත වන නිසා සහ අප අදටත් ගරු කරන වෛද්‍ය වෘතිකයින් රාශියක් තවමත් ඔය වෘත්තීය නියෝජනය කරන නිසාවෙනි.

උපුල් රෝහණ –
සභාපති
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය .

Archive

Latest news

Related news