Tuesday, July 16, 2024

විදේශයකින් පාලනය වන මෙරට ප්‍රථම අධිවේග මාර්ගයත් චිනයට

විදෙස් සමාගමක් මගින් ආදායම් ලබා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය ලබා ගැනීමේ වාසනාව චීනයට හිමිවී තිබේ.

ඒ අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගයයි.

එය ඉදි කොට පවත්වාගෙන ගොස් පවරාදීමේ  පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමට දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වසර 15ක් ඒම මාර්ගයේ ආදායම් ලබා ගැනීමෙන් පසු එය ශ්‍රී ලංකාන්ඩුට බාර දීමට ඒම සමාගම එකඟ වී තිබේ. එතෙක් ඒය පාලනය කරනු ඇත්තේ වීන සමාගම විසිනි.

බැසිල් රාජපක්ෂගේ බිරිදට රුපියල් ලක්ෂ 200ක ප්‍රදානයක් ලබා දී තිබුණේ ද මෙවැනි චීන  සමාගමක් විසිනි.

මෙම තීරණයට මූලික අනුමැතිය දී ඇත්තේ 2020 අප්‍රෙල් 08වැනි දින පැවැති අමාත්‍ය මංඩල රුස්වීමේදීය. මෙම අධිවේගී මාර්ගය වයිනා හාබර් ඉංජිනියරින් කොපරේෂන් සමාගමට දීම‌ට තීරණය ගෙන ඇත්තේ 2021 අප්‍රෙල් 24වන දින පැවැති අමාත්‍ය මංඩල රුස්වීමේදීය. මෙම තීරණ දෙකම රාජපක්ෂ ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණ වේ.

බලයට පැමිණීමෙන් පසු ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේ මින් මතු මහාමාර්ග යනාදිය ගොඩ නැගීම් දේශීය සමාගම් වලට ලබා දෙන බවයි.

මෙම සමාගම මගින් මුදල් අය කරනු ලබන්නේ කුමන පදනමකින්ද යන්න දැන ගන්නට නොමැති නමුත් එහි පාලනය වීන ජාතිකයින් විසින්ම කරනු ඇතැයි අපේක්ෂා කැරේ.

Archive

Latest news

Related news