Thursday, April 25, 2024

දෙමළ මාධ්‍යවේදීන්ට කොවිඩ් මුවාවෙන් තහංචි!

ඡායාරූපය: මුලතිව්හි හමුදා මුරපොලක්.( ටැමිල් ගාර්ඩියන්)

මුලතිව් වෙත යන දෙමළ මාධ්‍යවේදීන්ට ගමන් බලපත්‍ර ලබා දී තිබියදීත්, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් විසින් මුරපොලවල් වලදී දිගින් දිගටම ඔවුනට හිරිහැර කිරීම්, බිය ගැන්වීම් සහ අවහිර කිරීම් සිදු කරන බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ හිරිහැර හා බිය ගැන්වීම් සිදුවීම් තීව්‍ර වී තිබේ. කොවිඩ් පාලනය සදහා පනවන ලද සංචරණ සීමා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමට යොදා ගන්නා බවට දෙමළ මාධ්‍ය වේදීහු චෝදනා කරති.

විශේෂයෙන් මුලතිව් නගරයට යන මාධ්‍යවේදීන් මුරපොලෙහි රඳවාගෙන ඔවුන්ගේ වෘත්තීය කිරීමට ඉඩ නොදී හරවා යවා තිබේ. මෙම සතියෙහි පැවත්වෙන යුද්ධයේදී මියගිය දෙමළ ජනයා සිහිකිරීම් වාර්තා කිරීම වැළැක්වීම මෙම මර්දනකාරී පියවරයන්හි අරමුණ බයට අනුමාන කරනු ලැබේ.

වර්තමාන තත්ත්වය පිළිබඳව බ්‍රහස්පතින්දා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකු මුලතිව් මුරපොලක රඳවා ගන්නා ලදී. තමන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි කතාවක් වාර්තා කිරීමට යන බව  ඔහු පැවසුවද, හමුදාව මාධ්‍යවේදියාට මුලතිව් වෙත යාමට අවසර දුන්නේ නැත. මුල්ලිවයික්කාල් පොලිසියට තමන් මාධ්‍යවේදියෙකු හදුන්වාදීමෙන්  පසුවද හමුදාව මාධ්‍යවේදියාට අවසර දුන්නේ නැත.

ඇඳිරි නීතිය ආවරණය කිරීම සඳහා 23 වන දින උදෑසන මුලතිව් වෙත ගිය තවත් මාධ්‍යවේදියෙකු රඳවාගත් හමුදා භටයන් විසින් ආපසු යන  ලෙස ඔහුට දන්වන ලදී.

කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මුවාවෙන් පසුගිය දින කිහිපය තුළ යාපනය, වවුනියා, මන්නාරම සහ මුලතිව් වැනි දිස්ත්‍රික්ක පුරා ශ්‍රී ලංකා හමුදා සහ පොලිස්  බලපෑම වැඩි වී තිබේ. මෙහි ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශවාසීන් බිය ගැන්වීමේ හා හිරිහැර කිරීමේ සිදුවීම් වැඩි වී ඇතැයි ටැමිල් ගාර්ඩියන් වාර්තා කරයි.

Archive

Latest news

Related news