Thursday, October 21, 2021

රාජපක්ෂ මිත්‍ර බෙලරුස් අඥාදායකයා ගුවන් යානයක් බලෙන් බස්සවා මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගනී! 

ඡායාරූපය: 2017 වසරෙහිදී රොමාන් පෙට්රොසොවිච් අත්අඩංගුවට ගැනීම.

රාපක්ෂවරුන්ගේ අන්තර් ජාතික මිත්‍රයකු සැළකෙන බෙලරුස්හි ජනාධිපති ලුකෂෙන්කෝ විසංවාදී මාධ්‍යවේදියකු ගමන්ගත් ගුවන් යානයක් බලයෙන් බස්සවා ඔහු අත් අඩජගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කළඹවන සිදුවීමක් බවට පත්ව තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයෙහි ඔහු බෙලරුසියාවට ගොස් ලුකෂෙන්කෝ හමුවී ගිවිසුම් කිහියපක්ම අත්සන් කළ අතර ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනයක්ද කළේය.

පසුගිය පෙබරවාරි-මාර්තු මාසයන්හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුනුසිල සැසැවාරයේදී ශ්‍රී ලංකාවට පක්ෂව කල රටවල් අතලොස්ස අතරින් එකක් වූයේද ලුකෂෙන්කෝගේ බෙලරුසියාවයි.

රොමන් පෙට්රොසොවිච් නම් මෙම තරැණ මාධ්‍යවේදියා ලුකෂෙන්කෝගේ අඥාදායක පාලනයට විරුද්ධව දැන දෙවසරක් තරම් කාලයක් සටන් කරන බෙලරුසියානු ජනතාවට  නෙස්ටා නම් අන්තර් ජාල නාලිකාවක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේය. ඔහු එම නාලිකාව පවත්වා ගෙන ගියේ ටෙලිග්‍රෑම් නම් සංනිවේදන මෘදුකාංගය හරහාය.

බෙලරුසියාව තුළ නිදහස් ජනමාධ්‍ය සහමුලින්ම වාගේ මර්දනය කර ඇති තත්වය තුළ මෙම නෙක්ස්ටා නාලිකාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැරෙන මහජන අරගලයට වේදිකාවක් සපයයි.

රොමන් පෙට්රොසොවිච් ශ්‍රීසියේ පැවැති සමුළුවකට සහභාගි වී දැන් ඔහු ජීවත්වන ලිතුවේනියාව කරා ලයන් එයාර් ගුවන් යානයකින් ගමන් කරමින් සිටියේ පසුගිය ඉරිදා එනම් 25වනදාය. එම ගුවන් යානය ලිතුවේනියානු ගුවන් සීමාවට ආසන්නවත්ම බෙලරුස් ගුවන් හමුදාවේ මිගි 29 යානා පැමිණ එයන් එයාර් ගුවන් යානය වහාම ළගම ඇති මින්ස් ගුවන් තොටුපළට බස්සවන ලෙද දැනුම්දෙන ලදී.

මෙය සම්පූර්ණයෙන්ම ගුවන් ගමන් නීති උල්ලංඝනය කිරීමක් වන අතර යුරෝපා සංගමය සහ එහි යුද හවුල වන නැටෝව මේ ගැන සාකච්ජා කීරීමට රැස්වීමක්ද කැඳවා තිබේ. මෙළෙස කවර හෝ රටකකට ගුවන් යානාවක් බලයෙන් බස්සවා ගත හැති නම් ලෝකයෙහි අන්තර් ජාතික ගුවන් ආරක්ෂාව නැතිවනු ඇත.

මෙය සැළකෙන්නේ ගුවන් යානාවක් පැහැර ගැනීමක් ලෙසය.

ඒ අනුව බස්සවන ලද ගුවන් යානයේ සිටි රෙමාන් පෙට්රොසොවිච් අත්අඩංගුවට ගැනුනි. ඔහුට විරුද්ධව බොරු නඩු අටවා අත්අඩංඟුවට ගැනීමට 2019 වසරෙහි දරන ලද ප්‍රයත්න නිසා ඔහු ලිකුවේනියාවට පැන ගියේය. දැන ඔහු ජීවත්වන්නේ එරටය.

මේ වන විට  නෙක්ස්ටා නාලිකාවට මිලියන 1.5ක් අනුගාමිත්වයක්  තිබේ. එහි ආම්භක කතුවරයා වූ රොමාන් දැන් එහි සේවය නොකරන මුත් බෙලරුසියානු ආණ්ඩුව ඔහු සළකන්නේ ත්‍රස්තවාදියකු ලෙසය. විසිවසරක් සර ගතකළ හැකි චෝදවා ඔහුට විරද්ධ්‍ව නගා තිබේ.

ඔහු සමඟ ගමන් ගත් ඔහුගේ පෙම්වතියද අත්අඩංඟුවට ගන්නා ලදී. ගුවන් යානය බලයෙන් මින්ස් කරා ගොඩ බස්සවන බව දැනගත් වහාම ඔහු සිය ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ඇයට දී තිබේ. නමුත් ගුවන්යානයට මගීන් ලෙස ගොඩවී සිටි බෙලරැස් කේජීබී ඔත්තුකරුවන් ඔවුන් දෙස ඇහැ ගසාගෙන සිටි බැවින් ඇයද එම උපකරණ සමඟ අත් අඩංඟුවට ගන්නා ලදී.

බෙලරුසියානු ගුවන් යානාවන්ට යුරෝපීය ගුවන සහ ගුවන් තොටුපල තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගනු ඇතැයි විශ්වාස කැරේ.

අඥාදායක මියන්මාරයේ සහ උතුරු කොරියාවෙහි ආරක්ෂකයා බවට චීනය පත්ව ඇති සැටියෙන්ම ආඥාදායන ලුකෂෙන්කෝගේ ආරක්ෂකයා වන්නේ රුසියානු නායක පුටින්ය.

Archive

Latest news

ත්‍රිකුණාමලය සහ මට්ටක්කුලිය බුද්ධි අංශ නිලධාරීන්ට දෙවිදියක සැලකිලි මහ මොළකරු නිසාද?

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන් සයිට් ගුහාවෙහි රඳවා තබා අතුරුදහන් කරන ලද තරුණයින් 11 දෙනා අත්අඩංඟුවට ගත් බවට චෝදනා ලැබූයේ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ය. ලසන්ත...

හෙළිදරව්ව: උසාවි ආ ශානි අබේසේකරට බුරා පැන්න සුමල් ලක්මනආරච්චි, රාජපක්ෂ- ඥණසාර  හෙංචයියෙක්

රාජපක්ෂ ආණ්ඩුව විසින් තනතුරින් පහ කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  පසුගිය 18වනදා තමාට පවරා ඇති නඩුවකට ගම්පහ...

චීන සමාගම රුපියල් ඩොලර් කර වරාය නගරයේ මස් රාත්තලම ඉල්ලයි.

කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ‍්‍රී ලංකා රුපියල් ඩොලර්වලට මාරුකර ලබාදෙන ලෙස කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම විසින් ඉල්ලීමක් කර...

කොවිඩ් වැය බිලියන 171 බිලියන 700ක් කළ මහ බැංකු අධිපතිගේ මහ බොරුව පතුරු යයි!

මහ බැංකු අධිපති විසින් කරන ලදුව, ආණ්ඩුවේ ඩේලි නිවිස් පුවත් පතෙහි පළ වූ පහත සඳහන් ප්‍රකාශය ව්‍යාජයක් බව FactCheck.lk* ප්‍රකාශ කරයි: "කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම...

Related news