Wednesday, May 1, 2024

මෙරට අලුත්ම කොවිඩ් ගොදුර දරුවන්: ළදරුවන්ට මුහුණු ආවරණ පැළදවීමට මඟ පෙන්වීම් මෙන්න

ඡායාරූපය: ඔබේ දරැවාගේ ප්‍රියතම සෙල්ලම් සතකුට මුහුණු ආවරණයක් පළදවා පෙන්වන්න.

මෙරට දරුවන් කොවිඩි වසංගතයේ නවතම ගොදුරක් වී ඇති බැවින්  වසය අව්රුදු දෙකේ සිට ඉහළට දරුවන් සියලු දෙනාම බහැර යන අවස්ථාවලදී  මුහුණු ආවරණ පැළදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියි.

මෙරට දිනකට කොවිඩ් අසාදිත ප්‍රමාණය දස දහසකට වැඩි බව සෞඛ්‍ය ඇමතිනියක් වන විශේෂඥ වෛද්‍ය සුර්දර්ශනී පුල්ලේ ප්‍රකාශ කර තිබේ. ඉදිරි සති කිහිපය තුළ මෙම තත්වය තවත් උත්සන්න වනවා ඇත.

දැනටමත් දරුවන් දහසකට වැඩි ප්‍රමාණයකට රෝගය සාදනය වී තිබේ. ළමා රෝග රොහලෙහිද සෑහෙන ප්‍රමණයක් දරුවන්ට දැනටමත් රෝගය අසාදනය වී ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

දරුවන් රැක ගැනීම සමාජයේම වගකීමක් වේ.

එබැවින් දරුවන්ට මුහුණු ආවරණය පැළඳවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ළමාරෝග විශේෂඥ සංගමය ඉදිරිපත් කර ඇති මඟ පෙන්වීම් කිහිපයක් මෙසේ පළ කරමු.

මන්ද යත් බලහත්කාරයෙන් නොව දරුවාට එය තේරුම් කර දී මුහුණු ආවරණයක් පැළද වීම මානුෂික ක්‍රමය වන නිසාය. මෙම මඟ පෙන්වීම් මගින් අපට පෙන්වන්නේ දරුවකු සම්බන්ධයෙන් අප කොතරම් වගකීමෙන් සහ ඔවුන් ගේ ආත්ම ගරුත්වයට හානි නොවන ලෙස ප්‍රශ්ණය අවබෝධ කරදීමේ වැදගත් කමයි.

එම මඟ පෙන්වීම් මෙසේය:

මුහුණු ආවරණයක් පැළඳීමට මගේ දරුවාට උදව් කරන්නේ කෙසේද?

  • ඔබේ දරුවා මුලින් මුහුණු ආවරණයක් ඇඳීමට බිය වන්නේ නම් එය ප්‍රශ්ණයක් කර ගන්න එපා.  සුවපහසුවෙන් එය කර ගැනීම සඳහා කිරීමට උපකාරී වන අදහස් කිහිපයක් මෙන්න:
  • මුහුණු ආවරණ සහිතව කැඩපත දෙස බලා ඒ ගැන දරුවා කතා කරන්න.
  • දරුවා කැමතිම ටෙඩි බෙයා කෙනෙකු වැනි සෙල්ලම් සතකුට  මුහුණු ආවරණයක් දමන්න.
  • මුහුණු ආවරණ වඩාත් පෞද්ගලික හා විනෝදජනක වන පරිදි ඒවා අලංකාර කරන්න.
  • මුහුණු ආවරණ පැළඳ සිටින අනෙක් දරුවන්ගේ පින්තූර ඔබේ දරුවාට පෙන්වන්න.
  • ඔවුන්ගේ පොතක එන ප්‍රියතම චරිතයක්  මත මුහුණු ආවරණයක් අඳින්න.
  • ඔබේ දරුවාට පුරුදු වීමට උපකාර කිරීම සඳහා නිවසේදී මුහුණු ආවරණ පැළඳීමට පුරුදු වන්න.

වසය තුනට  අඩු ළමයින් සඳහා, ඔවුන්ගේ ප්‍රශ්න වලට ඔවුන් තේරුම් ගන්නා  සරලව පිළිතුරු සැපයීම වඩාත් සුදුසුය. මිනිසුන් මුහුණු ආවරණ පැළඳ සිටින්නේ මන්දැයි ඔවුන් ඇසුවොත්, සමහර විට නිරෝගීව සිටීමට මිනිසුන් ඒවා පැළඳිය යුතු බව පැහැදිලි කරන්න.

වයස තුනට වැඩි ළමුන් සඳහා, විෂබීජ කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න. විෂබීජ ඔබේ ශරීරයට අදාළ බව පැහැදිලි කරන්න. සමහර විෂබීජ  හොඳ ඒවාය. සමහරක් නරක ය. නරක විෂබීජ වලට ඔබව ලෙඩ කළ හැකිය. හොඳ හෝ නරක කුමක්දැයි අපට සැමවිටම පැවසිය නොහැකි බැවින්, මුහුණු ආවරණ මඟින් එම විෂබීජ ඔබේ ශරීරයෙන් ඈත්කර තැබීමට වග බලා ගැනීම යහපත් බව කියන්න.

ශුභාරංචිය නම්, රටෙහි ජනයා  දිගින් දිගටම මුහුණු ආවරණ පැළඳ සිටින හෙයින්, ළමයින් එය දැකීමට පුරුදු වී සිටීමය. ඒවා පැළඳීම ගැන තනිකමක් හෝ අමුතු හැඟීමක් ඇති වීමට ඇති ඉඩකඩ අඩුය. එය ඉක්මනින් අප සැමට “නව සාමාන්‍ය” බවට පත්ව ඇත.

විශේෂ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඇති දරුවන් ගැන කුමක් කිව හැකිද?

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති හෝ රෝගී සෞඛ්‍ය තත්වයන් ඇති දරුවන්ට ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බැවින් ආරක්ෂාව සඳහා N95 මුහුණු ආවරණයක් පැළඳීමට උනන්දු කරවීම වැදගත්ය.

සංජානන හෝ පෙනහළු ක්‍රියාකාරිත්වයට බාධා කරන වෛද්‍ය තත්වයන් ඇති දරුවන්ට මුහුණු ආවරණයක් ඉවසීමට අපහසු විය හැකිය. මෙම දරුවන් සඳහා විශේෂ පූර්වෝපායන් අවශ්‍ය විය හැකිය.

මුහුණු ආවරණයක් පැළදීමට “නිවැරදි ක්‍රමයක්” තිබේද?

ඔව්. මුහුණු ආවරණයක් මුඛය සහ නාසය මත ආරක්ෂිතව තබා කණ සිට කණ දක්වා දිගු කරන්න. එය හිඩැස් නොමැතිව මුහුණේ දෙපැත්තට මඳක් ගැලපිය යුතුය. එය පැළඳීමට පෙර සහ පසු අත් සේදීමට මතක තබා ගන්න. ආපසු නිවසට පැමිණෙන විට, මුහුණු ආවරණයේ පිටුපස ස්පර්ශ කිරීමෙන් වළකින්න.

වරක් පාවිච්චි කිරීමෙන්  පසු රෙදි වලින් සකස් කළ වියළි මුහුණු ආවරණ සෝදන්න.

සටහන: ආහාර ගැනීමේදී හෝ පානය කිරීමේදී මුහුණු ආවරණ පැළඳිය යුතු නැත. එසේම, මුහුණු ආවරණය නිසා කුඩා දරුවන්ට හුස්ම හිරවීම හෝ ගෙල සිර වීමේ අවදානමක් නැති බවට වග බලා ගන්න.

කුමන ආකාරයේ මුහුණු ආවරණයක් වඩාත් සුදුසු ද?

රෙදිපිළි ස්ථර කිහිපයක් සහිත මුහුණු ආවරණ බොහෝ අයට ඇඳීමට සුදුසුය. ඔබේ දරුවාගේ මුහුණ සඳහා නිවැරදි ප්‍රමාණය සොයා ගැනීමට උත්සාහ කරන්න. වැඩිහිටි මුහුණු ආවරණයක් සාමාන්‍යයෙන් අඟල් 6×12 ක් වන අතර, කුඩා ප්‍රමාණයේ අඟල් 5×10 ආවරණයක් පවා කුඩා දරුවන්ට වඩා විශාල විය හැකිය.

එබැවින් දරුවාගේ මහුණට සරිළන පරිදි එය සකස් කර ගැනීම ඉතා වැදගත්ය.

 

 

 

Archive

Latest news

Related news