Thursday, July 18, 2024

මවක් පොලිස් අත්අඩංඟුවේ සිටින සිය පුතාගේ ජීවිතය රැක දෙන ලෙස පොලිස්පති සහ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි!

ඡායාරූපය: කොස්ගොඩ තාරක

කොස්ගොඩ තාරක නමින් හැදින්වේන ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර යන සිය පුත්‍රයා කොලඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒ්කකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය රැක දෙන ලෙස ඔහුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී. ඔහු මෙළෙස ගෙන ‌ගොස් ඇත්තේ හදිසියේය.

ජනමාධ්‍ය මගින් කොස්ගොඩ තාරක පතාල අපරාධකරුවකු ලෙස සදහන් කර තිබේ.  “කොස්ගොඩ තාරක” යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කර ඇති අයෙකි.

මෙයට පෙර සැකකරැවන්ට සිදුව ඇති පරිදි සිය පුතාද අහම්බ මරණයකට ලක්වනු ඇතැයි එම මව බයට පත් සිටින බව නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මේ සම්බන්ධධයෙන්  ජනකී සොයිසාගේ උපදෙස් මත   නීතිඥ  අනෝජ් හෙට්ටිආරච්චි විසින් අද සවස මානව හිමිකම් කොමිසමට යවන  ලද ලිපිය පහත  දැක්වේ.

නීතිඥ  අනෝජ් හෙට්ටිආරච්චි විසින් පොලිස්පතිවරයාටද මේ සම්බන්දයෙන් ලිපියක් යවා තිබේ.

නීතිඥ  අනෝජ් හෙට්ටිආරච්චි විසින් අපරාධ විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති වෙතද මේ සම්බන්දයෙන් ලිපියක් යවා තිබේ.

Archive

Latest news

Related news