ඡායාරූපය: ජෙඩීඑස් අඩවියෙනි.
මබුලාගේ දිනෙත් මෙලන් මබුලා පසුගිය 10වැනි දින අඟුණකොළපැලැස්ස සිරගෙදරින් නිදහස් වූයේ අට වසරකට පසුය.
දිනෙත් මෙලන්ට ඌරු ජුවා ලෙස පටබැදුනු නමක්ද තිබේ.
ඔහු නිදහස් වූ වහාම පොලීසිය ඔහු අත්අඩංඟුවට ගන්නා ලදී. අතු අඩංුවට ගත් ඔහු ගෙන යන ලද්දේ නවගමුව පොලීසියටය.
ඔහු බැලීම පිනිස කනිශ්ක නම් නීතිවේදියකු සමග ඔහුගේ පවුලේ අය ඊට පසුදා එනම් 11වැනි දින සවස නවගමුව පොලීසියට ගියෝය.
ඔහු අත්අඩංඟුවට ගත්තේ සඟවා ඇති ආයුධ සොයා ගැනීමට යැයි පොලීසිය නීතිවේදියාට කීවේය.
මෙම පුවත දැන ගන්නට ලැබුණූ සිරකරු අසිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධානී මානව හිමිකම් නීතිඥ සේනක පෙරේරාට නියත බියක් දැනුනි.
ඔහු ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30ට සිය ෆේස් බුක් පිටුවෙහි මෙවැනි සටහනක් තැබීය:
බුස්ස බන්ධනාගාරයෙන් ඊයේ ඇප මත නිදහස් වු දිනෙත් මෙලාන්(ඌරැ ජුවා)යන සැකකරු නැවත අත්අඩංගුවට ගෙන මෙිවන විට නවගමුව පොලීසියේ රදවා තබාගෙන සිටී.ඔහුගේ නීතිඥයා පොලිසිය විමසීමෙිදී විමර්ශන සදහා ගෙනයාමට තිබෙන බවත් ආයුද සොයා ගැනීමට තිබෙන බව දැනුම් දී තිබෙි. ආයුධ සොයන්න රැගෙන ගිය බොහෝ සැකකරුවන් අවසන් ගමන් ගිය හැටි අපට අමතක නැත.නීතිය කිුයාත්මක කරන වගකිව යුතු ආයතනය කැලෑ නීතිය අනුව කටයුතු කලහොත් අප පුදුම වන්නේ නැත.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙි කමිටුව/ 2021.05.11 රාත්‍රි 10.30 ට
නීතිඥ සේනක පෙරේරා එම සටහන තැබීමට විනාඩි 30කට පෙර ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දුරකතන ඇමතුමක් ගත්තේය. ඔහුට අවශ්‍ය තිබුණේ එදින රාත්‍රියේ ආයුධ පෙන්වීමට යැයි ගෙන ගොස් දිනෙත් මෙලන් ඝාතනය කිරීමට ඉඩ ඇති බැවින් මේ ගැන යමක් කළ හැකිද යන්න සෙවීමටය. නීතිඥ කනිශ්ක සම්බන්ධ කරගත හැකි නම් ඔහු මූලාශ්‍රයක් වශයෙන් ඇතිව මෙම අනතුර ප්‍රසිද්ධ කළ හැකි බවට අදහසක් ඉන් අනතුරුව අප අතර ඇති විය.
නමුත් ඉන් පැයකට පමණ පසු කතා කළ නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දිනෙත් මෙලන් නොහොත් ඌරු ජුවා මරණයට පත්ව ඇති බවයි.
නීතිඥ සේනක පෙරේරාගේ බියකරු අනතුරු හැඟවීම සැබෑ විය. ඔහුගේ ඊළග සටහන මෙසේය,
දැන් වෙලාව රාත්‍රි 12.50 .ආරංචියක් ආව එයාව මරල
“ඊයේ දිනයේදී මෙම සැකකරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවත් පසුව නවගමුව, වඳුරාමුල්ල ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිදුවීමකදී පොලිසිය විසින් වෙඩි තබා බලය පාවිච්චි කිරීමෙන් පසු රොහල් ගත කළ ද ඒ් වනවිට මරණයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වහාම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.
ඒ වනාහී පරණ තැටියමය. මෙම තැටිය කි වරක් නම් පොලීසිය මෙරට ජනමාධ්‍ය සහ ජනතාව හමුවේ වාදනය නර ඇත්ද?
දිනෙත් මෙලන් අපරාධකරුවකු නම් ඒ් බව සනාථ කළයුතු වූයේ අධිකරණයක් හමුවෙහිය. නමුත් දැන් ඔහු මරා දමා තිබේ.
මේ මරණය කල් තබා කිව හැකිවූ එකකි. මන්ද යත් ආයුධ සෙවීමට ඔහු ගෙන යන බවට පොලීසිය කියන විටම එහි යටි අරැත වන්නේ එළෙස ගෙන ගොස් ඝාතනය කිරීම බව පසුගිය කාලය පුරාම සිදුවූ එවැනි මරණ අනුව අදහස් වන බැවිනි.
නීතිඥ සේනක පෙරේරාගේ අනතුරු හැඟවීමේ පදනම වුයේ එයයි. නමුත් එම අනතුරු හැඟවීම නොසළකා දිනෙත් මෙලන්ට වෙඩි තබා ඝාතනය කෙරැණි.
ඇත්ත වශයෙන්ම නම් ඔහු ඝාතනය කරන බව සැඟවීමට පොලීසියට උවමනාවක් තිබී නැති බව ආයුධ සෙවීමට ඔහු අත්අඩංඟුවට ගත්බව කියා සිටීමෙන්ම පෙනේ.
ඉන් පෙනෙන්නේ තමන් විසින් ඝාතනය කළ යුතුයැයි තීරණය කරන පුද්ගලයින් එළෙස ඝාතනය කරන බව ඇඟවීමට පවා දැන් පොලීසියට බලයක් තිබෙන බවයි.
මේ අනුව දිනෙත් මෙලන් ඝාතනය කිරීමට තීරණය කළ ඒ්කකයක් තිබිණිද? එසේ නම් එම ඒකකය බාරව සිටින්නේ කව්ද? යනාදී ප්‍රශ්ණ ගණනාවක් මතුවෙයි. මෙැවැනි ඒ්කකයක් තිබෙන්නේ නම් යම් දිනෙක එහි ක්‍රියාකාරිත්වය විරුද්ධ මත දරණ දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාධරයන් කරාද දිගුවනු ඇත්ද?
විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීමේ මෑත කාලීන ඉතිහාසයක් ඇති රටක මෙවැනි ඝාතක ඒ්කකයක් යළි පිහිටුවා ඇත්නම් එය අතිශය භයානත වර්ධනයක් නොවේදැයි මදකට කල්පනා කර බලන්න
දිනෙත් මෙලන් මෙළෙස නීතියට පිටින් ඝාතනය කරන ලද පළමුවන්නා නොවන සේම අන්තිමයාද නොවන්නේය..