Tuesday, July 16, 2024

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති දිලුම් අමුණගමගේ හිට්ලර් වන්දනාවට ප්‍රතිචාර දක්වයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන් 69 ලක්ෂයේ අපේක්ෂාව වූයේ ඔහු හිට්ලර් කෙනෙකු වීම බවත් අද මෙරට ඇති ප්‍රශ්නවලට හේතුව ඔහු හිටිලර් වැනි ඒ්කාධිපතියකු නොවීම බවත් එබැවින් දැන් හෝ හිට්ලර් කෙනෙකු විය යුතු බවටත් රාජපක්ෂ දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමු‌ණේ පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණගම විසින් කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකවේ ජර්මානු තානාපති Holger Seubert ට්වීටයක් මගින් ප්‍රතිචාර දක්වා තබේ.

ඔහු මෙසේ කියයි.

“හිට්ලර් කෙනෙක්” අද ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් විය හැකි බවට වන ප්‍රකාශ මට ඇසේ. මිලියන ගණනක් මරණයට පත්කරමින් පරිකල්පනයෙන් ඔබ්බට යන මිනිසුන්ගේ දුක් වේදනා සහ බලාපොරොත්තු සුන්කිරීම වෙනුවෙන් ඇඩොල්ෆ් හිට්ලර් වගකිව යුතු බව එම අදහස් ප්‍රකාශ කරන අයට මතක් මම කර දෙමි. නිසැකවම කිසිම දේශපාලනඥයෙකුට හිට්ලර් ආදර්ශයක් නොවේ!

මෙයට පෙර “ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් හඳුන්වල තියෙනව. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ,” යනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමි විසින් ප්‍රකාශ කර තිබුණි.

හිට්ලර් සිය පාලන කාලය තුළ අවම වශයෙන් ලක්ෂ 600 ක ජනතාවක් ඝාතනය කළේය. ලෝකය අත්දැක ඇති මෙම දරුණූ ඒකාධිපතියා වර්ණනා කිරීම දේශපාලන පරිහානිය ළකුනක් බවත් ආන්ඩුව මුහුණ දී තිබෙන අතෝරක් ප්‍රශ්ණ හමුවේ ඒකාධිපති පාලනයක් මගින් හෝ බලය තහවුරු කර ගැනීමට රාජපක්ෂවරුන් සූදානම්දැයි තවම කිව නොහැකි බව දේශපාලන අංශ සඳහන් කරති.

එසේ නමුුත් ඒකාධිපති පාලනයක් ගෙන යනු වීනයේ ක්‍රමය අනුගමනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ දක්වන කැමැත්ත රහසක් නොවන බවත් එම පිරිස් පෙන්වා දෙති. රාජපක්ෂ ආන්ඩුව ගතවන සැම දිනක් පාසාම මර්දනකාරී පියවරයන් මගින් විසංවාදය සහ අයිතීන් යටපත් කරමින් සිටින බවත් ඔව්හු පෙන්වා දෙති.

Archive

Latest news

Related news