Tuesday, July 16, 2024

සුජීව ගමගේ පැහැර ගැනීම: නඩුව පූලි මාසයට; TID ඉල්ලීම යළි අහකට

පසුගිය 25දින යළි කැදවන ලද මාධ්‍යවේදී සුජීව ගමගේ පැහැර ගැනීම සහ වධහංසා පැමිණවිම පිළිබඳ නඩු විභාගය ලබන ජූගි මාසය දක්වා කල් තබන ලද බව නීතිඥ නාමර් පෙරේරා සඳහන් කරයි.

නඩුව යළි කැඳවන අවස්ථාවෙහිදී ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිත්‍රස්ත විමර්ශන ඒ්කකයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිවරයාද පැමින සුජීව ගමගේ ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බැවින් අත් අඩංඟවට ගෙන රිමාන්ඩ් කර ලෙස ඉල්ලා සිටියේය.

නමුත් එම ඉලිලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

සුජීව ගමගේ විසින් පුවත්පත් සාකච්ජාවක් පවත්වා ඇති බැවින් තවදුරටත් මාධයට කතා කිරීම වළක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිත්‍රස්ත විමර්ශන ඒ්කකය විසින් කරන ලද ඉල්ලීමද අධිකරණය විසින් බැහැර කරන ලදී.

තමා පැහැරගත් කණ්ඩායම මාසයක් පමණ කාලයක් තාමා පසුපස පැමිණ තිබූ බවත් සිය පුතා ඇද සිටි ටී ෂර්ට් එක පවා දැන සිටි බවත් ස්‍රජීව ගමගේ ඒම පුවත්පත් සාකච්ජාවෙහිදී ප්‍රකාශ කළේය.

සිය පුත කෑලි කෑලිවලට කපා දමන බවත් සිය බිරිඳගේ ගෙල කබා මරා දමන බවටත් තර්ජනය කළ බවත් ඔහු එහිදී කියා සිට අතර අධිකරණය හමුවෙනි සියළු විස්තර හෙළිකරව් කරන බවත් කියා සිටියේය.

සුජීව ගමගේ වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ පෙනී සිටී.

Archive

Latest news

Related news