Monday, May 20, 2024

අපටම ප්‍රශ්ණයක්: තරුණ කිවිවර අහ්නෆ් ජසීම් මුස්ලිම්ද? – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: අහ්නෆ් සහ සත්කුමාර

ලේඛක ශස්තික සත්කුමාර කෙටි කතාවක් ලිවීම නිසා අත් අඩංඟුවට ගත් විට මෙරට මාධ්‍ය සංවිධානද සමාජ ජාල ක්‍රියාකාරී පිරිස් ද ඔහු වෙනුවෙන් පෙළ ගැසුණි. ඔහුට සහාය ලබාදීමට මානව හිමිකම් ක්‍රියාදර පිරිස් ලොව වටා ලිපි යැවූහ. මමද එම ලිපිවලට සහාය වීමි.

දිගුකළක් සිරගතකර සිටි ශස්තික අවසානයේදී නිදොස් කර කිදහස් කරනු ලැබූයේ එම උද්ඝෝෂනයන්ටද ස්තුති වන්නටය.

ශස්තික මුස්ලිම් හෝ දෙමළ අයකු වී නම් ඔහුට මෙම සහාය සිංහල කතා කරන මෙරට මාධ්‍ය සංවිධාන වලින් සහ සමාජ ජාල ක්‍රියාධර පිරිස් වලින් ලැබෙන්නට තිබුණිද? කිසිසේත්ම නැත.

ඊට හොදම උදාහරණය මේ වන විට කිසිදු චෝදනාවක් නැතිව සිරගත මාස 10ක් තරම් කාලයක් සිරගත කර සිටින අහ්නාෆ් ජසිම්ය.

යමකුගේ ඇත්ත දේශපාලනය තේරුම් ගැනීමට නම් කුඩුහම සූරා බැලිය යුතු යැයි කියනු ලැබේ. එබැවින් මෙරට මාධය නිදහස සඳහා පෙනී සිටින අප කව්රුත් දැන් අපේ කුඩුහම සූරා, අහ්නෆ් ජසීම් සම්බන්ධයෙන් ඇති බියකරු නිශ්ශබ්බදතාවය තේරුම් ගැනීමට වෙර දැරීම වැදගත්ය.

විසි පස් හැවිරිදි අහ්නෆ් ජසීම් තරුණ කවියෙකි. ඔහු මන්නාරම් වැසියකු වූ අතර පුත්තලම පාසලක ඉගැන්වීමේ යෙදී සිටියේය.

ඔහු අත් අඩංගුවට ගන්න‌ා ලද්දේ 2020 මැයි මාසයේදී 19දාය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. එම 22 දිනම ඔහුගේ පියා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ කාර්යාලයට පැමිණිල්ලක් කරන ලද නමුත් මාස 10ක් ගතවීත් තවම කිසිදු පිළිතුරක් ලැබි නැත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධ පරීක්ෂනයේ කොටසක් ලෙස යැයි කියනු ලැබේ. ඔහු විසින් කරන ලද වරද ලෙස දක්වන ලද්දේ කවි මගින් ළමා මනස ප්‍රචන්ඩත්වය සඳහා යොමු කිරීමය. බෝම්බ ප්‍රහාරකයින් සමඟ කිසිදු ඍජු සම්බන්ධයක් ඔහුට තිබූ බවට කිසිදු සාක්ෂියක් නැත.

ඔහුට චෝදානා එල්ල කරන ලද්දේ “නවරාසම්” යන මැයෙන් ඔහු ප්‍රකාශයට පත් කළ කවි එකතුවක් සඳහාය. එය දෙමළ බසින් ලියන ලද කවි එකතුවකි. මෙම කවිවල “අන්තවාදී” පණිවිඩ අඩංගු වේයැයි දෙමළ බස නොදන්නා සිංහල භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් අධිකරණයට පවසා තිබේ

ඔහුට විරුද්ධව විඩියෝ පෙන්වා දේශන පවත්වා දරුවන් ප්‍රචන්ඩත්වයට යොමු කළැයි ද චෝදනා නගා තිබේ. මේ සියල්ල අදහස් ප්‍රකාශ කිරීම්ය. 

දෙමළසින් ලියන ලද ඔහුගේ කවි  මෙම පොලිස් නිලධාරීන් සඳහා පර්වර්ථනය කරන ලද්දේ අධිකරණ තෝල්ක පරිවර්තකයින් විසිනි.

මෙයට පනස් වසරකට තරම් පෙර එවැනි පරිවර්තකයකු අප රඳවා සිට්න්නේ I වාට්ටුවේ යැයි ලොක අතුල කී විට එය ඉංග්‍රිසියට පරිවර්ථනය කලේ “අප රඳවා සිටින්නේ ඇස් වාට්ටුවේ” යැයි කියාය!

බසකින් බසකට කවි පරිවර්ථනය කිරීම ලෙහෙසි පහසු වැඩක් නොවේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම කවි පොත ඇසූ පිරූ තැන් ඇති දෙමළ සහ සිංහල බස හොදන් දන්නා වියතකු ලවා මෙම කවි සමාලෝචනය කරන ලදී. එහි නිගමනය වූයේ අහ්නාෆ්ගේ කවි අන්තවාදයට, ප්‍රචණ්ඩත්වයට හා යුද්ධයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන බවයි.

අද මෙරට සිටින ප්‍රධාන පෙළේ දෙමළ සිංහල කවියකු වන මහාචාර්‍ය නුහුමාන්ට අනුව අහ්න‍ෆ්ගේ කවිවල ප්‍රචන්ඩත්වයට උසිගැන්වීමක් නැත. අහ්නෆ් ගේ කවි ගැන තවත් සාක්ෂි අවහ්‍ය වන්නේ කෝදුරු තෙල් හත්පට්ටකුත්තවත් ටිකක් ඕනෑ අයට විය හැකිය.

ේඛක තිසෙයිනායගම් අත් අඩංඟුවට ගෙන රඳවා තිබුණේ යුද සමයේය. ඔහුට විරුද්ධ චෝදනාව වූයේ ත්‍රස්තවාදයට අන්බල දෙන ලිපි ලිවූ බවටය. එසේ නමුත් අපි එකල ඔහුගේ නිදහස වෙනුවෙන් දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගියෙමු. අධිකරණයෙහි පවා වාඩිවී සිටියෙමු පෝස් කාඩ් මුද්‍රණය කළෙමු. පොස්ටර් ගැසුවෙමු. 

ඉතිහාසයේ සරදම නම් එවැනි අයටත් එම ව්‍යාපාරය ගෙන ගිය සංවිධාන වලටත් අද අහ්නෆ් වැනි කවියකු සිරගත කර සිටීම එතරම් දෙයක් නොවීමයි.

ශස්තික සත්කුමාර සිරගෙදර රඳවා සිටි සමයේ ඔහුග් පවුලේ අයටත් යහලු මිත්‍රාදීන්ටත් ඔහු බැහැදැකීමට තහනමක් තිබුණේ නැත. නමුත් අහ්නෆ් ජසීම්ගේ මාපියන්ට ඔහු බැලිීමට මාස පහක්ම අවසර ලැබුණේ නැත.

ශස්තික සත්කුමාර සිංහලය. අහ්නාෆ් ජසිම් මුස්ලිම්ය.

අහ්නෆ් ජසීම්ට සිය නීතිඥයින් හමුවීමට පවා 2021 මාර්තු 08දා වන තුරු අවසර ලැබුණේ නැත. එම අවසරය ලැබුනේ ඔහුගේ නීතිවේදීයා වූ සංජය විල්සන් ජයසේකර විසින් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු. එනමුත් එම අවස්ථාවට පැමිණි ප්‍රතත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීහු තමන්ට එම කතා බහ අසා සිටීමටත් පටිගත කර ගැනීමටත් අවශ්‍ය බව කියා සිටියහ.

නීතිවේදී ජයසේකර ඊට විරුද්ධ වූ නමුත් එම නිලධාරිහු කතාබව පටිගත කර ගත්හ. මේ අවස්ථාවට නීිතිඥ ජයසේකර සමඟ නීතිඥ ස්වස්තිකා අරුලිංගම් ද සහභාගි විය. මෙම පට්ගතකර ගැනීම නීතිවේදීන් සතු අයිතිය සහමුලින්ම කෙළෙසීමකි. එසේ තිබියදීත් මෙම කතාබහට ලැබුණේ විනාඩි 19ක් පමණි.

තමා අත් අත්අඩංගුවේ සිටියදී පුටුවකට මාංචු දමා සිටි බවත් රැයෙහි නිදා ගත්තේ පවා එළෙස පුටුවකට ඈදා තිබියදී බවත් අහ්නෆ් සිය නීතිවේදීන්ට කීවේය. මේ වනාහී කුරිරු සහ අමානුශික වධ බන්ධනයකි.

එපමණත් නොවේ. අහ්නෆ් දෙමළ බසින් දෙන ලද කට උත්තරය ලියා ගත්තේ ද සිංහල බසිනි. ඊට ඔහුගෙන් අත්සන් ගත්තේය. පසුගිය පෙබරවාරියේදී ප්‍රතිත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීහු වරද පිළිගන්නා ප්‍රකාශයකට අත්සන් කරන්නැයි අහ්නෆ්ට බල කළහ. ඔහු ඊට එකඟ නොවූ විට ඔහුගේ පියා හමුවට ගිය එම නිලධාරීහු වරද පිළි නොගත්හොත් අහ්නෆ්ට දිර්ඝ තාලයක් සිරගතව සිටීමට සිදුවනු ඇතැයි බිය වැද්දවූහ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද දෙමළ තරුණයින් දැන් වසර දහ පහලොව  සිරකරගෙන සිටින්නේ නඩු අවසන් නොවන බව කියමිනි.

හ්නෆ් ජසීම්ගේ නීතිවේදියා වන සංජය විල්සන් ජයසේකර  අහ්මෙනෆ්ම ජසිම්ගේ මෙම තත්වය ගැන ශ්‍රී ලංකා නිතිඥ සංගමයටද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිළි කර තිබේ.

ඩේලි මිර්ර් සහ ඩේලි එෆ් ටී යන පුවත්පත් අහ්නෆ් ජසිම් අසාධාරණ ලෙස සිරගත කර ගෙන සිටිම ගැන සවිස්තරාත්මක ලිපි පළ කර තිබේ.

එනමුත් සිංහල කතා කරන මාධ්‍ය නිදහසේ සංවිධානත් දෙමළ ජනයාගේ ප්‍රශ්ණ ගැන උන්නදු වන සිංහල කතා කරන මානව හිමිකම් ක්‍රියාධර පිරිස්ද අහ්නෆ් ජසීම් ගැන සිය තීන්දුව දී තිබෙන බවත් පෙනේ

ැහැරගෙන ගොස් වධයට පමුණුවන ලද සුජීව ගමගේ නම් සිංහල මාධ්‍යවේදියා ගැන කොළඹ සිවිල් සමාජය ප්‍රතිචාර දැක්වූ ඉක්මන සසදා බලන්න.

ඔවුන් මේ තරුණ කවියා යදමින් බැද සිරගත කර සිටීම ගැන නිහඩය. ඒ ඔහුට නැගී ඇති ව්‍යාජ ත්‍රස්තවාදී චෝදනා නිසාද?

අහ්නෆ් ජසිම් ධනවත් සමාජ පංතියට අයත් වූවෙක් ද නොවේ. ඔහු මන්නාරමේ සාමාන්‍ය තරුණයෙකි.

ඔහු ගැන සිංහල සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අතර ඇති නිහඩතාවය වාර්ගික පමණක් නොව පංතිමය අසාධාරණයේ පිළිඹිබුවකි.

ඒ සඳහා සන්සන්දය හෙජාස් හිස්බුල්ලාය. නැත්නම් අසාද් සාලිය.

මුරුගුරුපිල්ලයෙි කෝකිලදාසන්

දෙමළ අනුස්මණයන් සම්බන්ධ පින්තූර පළ කළැයි දැනට මාස හතරක් තරම් සිර ගත කර සිටින මඩකලපුවේ ජනමාධ්‍යවේදී මුරුගුරුපිල්ලයෙි කෝකිලදාසන්ද මෙවැනිම සිංහල ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ භයංකර නිශ්ශබ්දතාවයට හසුව සිටී. ඇත්ත ඔහු දෙමළය. ප්‍රභාකරන්ගේ පින්තූරයක් පළකළැයි සිංහල මාධ්‍යවේදියකු අත් අඩංඟුවට ගෙන රඳවා තැබී නම් මේ නිහඩතාවය නොතිබෙනු බව නිසැකය.

අප අපේ කුඩුහම සූරා බලා ගත් යුත්තේ මේ නිසාය.

 

Archive

Latest news

Related news