Friday, May 3, 2024

බැන්ස්කිගේ “තීරකාවිය” සිතුවමෙන් ලද ඩොලර් මිලියන 20ම සුව සේවිකාවනට

කොවිඩ්  19 සමඟ සටනෙහි නිරත හෙදිය වීරවරියක ලෙස නිරූපිත බැන්ස්කිගේ සිතුවම ඊයේ ඩොලර් මිලියන 20කට අලෙවි විය.

එම සිතුවමෙහි පිරිමි ළමයෙකු  සුපිරි වීරවරියක ලෙස හෙදියක නිරූපිත බෝනික්කියක සමඟ සෙල්ලම් කරයි. අතින් අදින ලද ලද එම කළු-සුදු චිත්‍රයෙහි පිරිමි ළමයා ඇගේ අත දිගු කර ගත් හිස් පළදනාවක් සහිත හෙදියක් ඔසවා සිටින අතර සාම්ප්‍රදායික සුපිරිවීරයන් වන බැට්මෑන් සහ ස්පයිඩර් මෑන් කසළ බදුනක වැතිර සිටී. එම හෙදිය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ලාංචනය පැළද සිටී.

බැන්ස්කි යන අර්වර්ථ නාමයෙන් පෙනී සිටින චිත්‍ර ශිල්පියා අප්‍රසිද්ධ චරිතයකි.

ැන්සකි වීදි සිතුවම්කරුවකු වන අතර ඔහු සිය සිතුවම් අදින්නේද අප්‍රසිද්ධියේය. ඔහු සමාජ සාධාරණය පිළිබඳ සිතුවම් සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් උසුළයි.

කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) පෙරටුගාමී සේවිකා සේවකයනට පිදුමක් ලෙස 2020 මැයි මාසයේ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාල රෝහලෙහිදී එළිදක්වන ලද එම සිතුවම නම් කර තිබුණේ “ගේම් චේන්ජර්” නොහොත් “තීරකාවිය” ලෙසය.

සවුත්හැම්ප්ටන් රෝහලේ පුණ්‍යායතනය හරහා, විකිණීමෙන් ලද ආදායම “ රෝහල් කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ යහපැවැත් ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනය කිරීම සඳහා පාවිච්චි වනු ඇත.

සිතුවමේ අනුරුවක් රෝහලේ එතැනම එල්ලනු ඇත.

මෙම සිතුවම ඇස්තමේන්තු ගත කර තිබුණේ ඩොල්ර් මිලයන5 පමණ.

ක්‍රිස්ටි හි යුරෝපයේ පශ්චාත් යුධ හා සමකාලීන කලාවේ සම ප්‍රධානී කැතරින් ආර්නෝල්ඩ් ප්‍රකාශයක් කරමින් “බැන්ස්කි යනු රටපුරා මනෝභාවයේ නිරන්තර මිනුම් දණ්ඩක් වන අසාමාන්‍ය කලාකරුවෙකි.

මෙම වෙන්දේසිය සිදු කරන ලද්දේ බ්‍රිතානය මුලවරට අඟුලු දමා වසරත් ගතවූ දාය. එදිනම එරට වෛරසයෙන් ජීවිත අහිමිවූ 126,000 කට වැඩි පිරිසක් අනුස්මරණය සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් රට පුරා පවත්වන ලදී.

එතරම් මිලකට එම සිතුවම මිලට ගත් පුද්ගලයාද අප්‍රසිද්ධය.

(රොයිටර් වාර්තාවක් ඇසුරෙනි)

Archive

Latest news

Related news