Wednesday, April 24, 2024

වෛරී දේශපාලනය වැපුරුවොත් අත්අඩංඟුවට ගන්නවා – ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි.

එසේ නමුත් දැනට දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ සහ මුස්ලිම් ජනයාට විරුද්ධව වෛර දේශපාලනයක් කරන මඩකළපුවේ අම්පිටියේ සුමන හිමි ට විරුද්ධව ජෙනරල් ගුණරත්ව කිසිදු පියවරක් ගෙන නැත. එපමණක් නොව යුදහමුදාපති පවා එහිමි සමඟ ජායාරූපවලට පවා පෙනී සිටින්නේ ඔහුගේ දේශපාලනය අනුමත කරන්නා සේය.

යුද හමුදාපති සුමන හිමි සමඟ

මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතුය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි” බව පවසමින් ඔහු තවදුරටත් පැවසා ඇත්තේ “ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකිය”, යනුවෙනි.

තවද “සාධාරණීකරණය කළ නොහැකි දේවල් කිසිවෙකුට සාධාරණීකරණය කළ නොහැකියි. එසේම ජනතාව සහ ආගම් අතර සහයෝගීතාවයට සහ සංහිදියාවට අහිතකර ඕනෑම දෙයකට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීමට අපි සූදානම්”, බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)  මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාර්තු 14 ෙ මහරගම මහමේඝාරාමයේදී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

Archive

Latest news

Related news