Monday, May 20, 2024

නීතිඥ හිජාස් හිබුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම ගැන මානව හිමිකම් තානාපතිවරු කනස්සල්ල පළ කරති.

නීති හිජාස් හිස්බුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපීය මානව හිමිකම් තානාපතිවරු සහ තානාපතිවරියන් අට දෙනෙක් ඊයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

නීතිඥ හිස්බුල්ලා මානව හිමිකම් ක්‍රියාධරයකුද වෙයි.

මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ඒම ප්‍රකාශය මගින් යුරෝපීය මානව හිමිකම් තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

2020 අපේ‍්‍රල් මාසයේ දස මාසයක් රඳවා තබා ගැනීමෙන් පසු හිස්බුල්ලාට දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වෙනත් නීති යටතේ කථන ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා කර තිබීම ගැන අපි කණගාටූ වෙමු යැයි ද එම ප්‍රකාශ සදහන් වේ.

හිජාස් හිස්බුල්ලා යනු මුස්ලිම් ඇතුළු ද ඇතුළුව ශ්‍රී ලංකාවේ සුළුතර ජන කොටස්වල, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ අයෙකු බවත් වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි විවේචකයෙකු බවත් එම ප්‍ර‍කාශය සදහන් කරයි.

රටක මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂායිනගේ කාර්යභාරය ඉතා වැදගත් බව සදහන කරන ප්‍රකාශය මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට නඩු පැවරීම් වැළැක්වීම සඳහා රජයන්ට විශේෂ වගකීමක් ඇති බවද එහි දක්වයි.

හෙජාස් හිස්බුල්ලා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම සදහා තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියේජිතයින් සමග එක්වන බවද යුරෝපීය තානාපතිවරු සහ තානාපතිවරියන් ප්‍රකාශ කරති.

මෙම ප්‍රකාශයට බ්‍රිතානය, පින්ලන්තය, ජර්මනිය, නෝර්වේ, ලිතුවේනියාව. නෙදර්ලන්තය, එස්තෝනියාව, ස්වීඩනය යන යුරෝපීය රටවල මානව හිමිකම් තානාපතිවරු අත්සන් කර තිබේ.

 

Archive

Latest news

Related news