Saturday, November 23, 2024

ලංකාවේ ආගමික සුළුතරයන්ට අතිශයින්ම අභියෝගාත්මක හා බියජනක කාලයක් – නීතිඥ අමීර් පයිස්

නීතිඥ පායිස් 2017 වසරෙහි මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සමාන්තර රැස්වීමකදී අදහස් දක්වයි. (c)සුනන්ද දේශප්‍රිය.

මෙය ශ්‍රී ලංකාවේ ආගමික සුළුතරයන්ට අතිශයින්ම අභියෝගාත්මක හා බියජනක කාලයකි. ජනවාර්ගිකජාතිකවාදී වෛරයේ භයානක රැල්ලක් විසින් රට ග්‍රහණයට ගෙන සිටී.

ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට එරෙහි හිංසනය ඔවුන්ගේ සාමකාමී හා ගෞරවනීය පැවැත්මට බරපතල තර්ජනයකි.

කිතුනුවන්, හින්දු භක්තිකයන් සහ මුස්ලිම්වරුන් තර්ජනයට ලක්ව ඇති ආගමික සුළුතරයන් අතර වේ.

වසංගතයේ උච්ච අවස්ථාවට පැමිණි අවස්ථාවේදී පවා රට අගුලු දමා තිබියදී, බෞද්ධ මුහුදු මහා විහාරය සහ එහි භූමිය ආරක්ෂා කිරීම සඳහා ගිනිකොනදිග වෙරළබඩ නගරයක් වන දෙමළ සහ මුස්ලිම් ජනයා ජීවත්වන පොතුවිල්හි හි නාවික බලකායක් පිහිටුවන ලදී. මෙය ද්‍රවිඩයන් සහ මුස්ලිම්වරුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස පුළුල් ලෙස සලකනු ලැබීය.

පුරාණ හින්දු කෝවිල්හි හින්දු බැතිමතුන් වන්දනාමාන කිරීම සහ ආගමික වත්පිළිවෙත් වලක්වාලීම මෑත කාලීන ප්‍රවණතාවක් දක්නට ලැබේ. නැඟෙනහිර නගරයක් වන කන්නියාවේ, අලුත්වැඩියා කටයුතු සිදු කරන විට, එම ස්ථානය මුලින් බෞද්ධ තැන්පත් කරන ලදී.

උතුරු නෙදුක්කුනාරි හි පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීමට උත්සාහ කරන බව පවසමින් වාර්ෂික චාරිත්‍රයක් කිරීමට ගිය අවස්ථාවේදී හින්දු පූජකයෙකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. උතුරේ කුරුන්තූර් කඳුගැටයෙහි හින්දු ත්‍රිත්වයක් බලහත්කාරයෙන් ඉවත් කර ඒ් බුදු පිළිමයක් වෙනුවට ආදේශ කරන ලදී.

මේවා හින්දු භක්තිකයන් ඔවුන්ගේ පූජනීය ස්ථානවලින් නෙරපා හැරීමේ උත්සාහයන් ය.

2015 සිට කිතුනුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා 513 ක් වාර්තා වී තිබේ. ඉන් සිදුවීම් 184 ක් තර්ජන හා බිය ගැන්වීම් සිදුවීම් වන අතර සිද්ධීන් 276 දී පැහැදිලිවම හෝ වක්‍රාකාරයෙන් රාජ්‍ය නිලධාරීන් ඒම ක්‍රියාවන්ට සම්බන්ධ වී තිබේ.. 2020 දී, දේවගැතිවරුන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත්, පල්ලි ලියාපදිංචි කිරීමේ තත්ත්වය සහ ඔවුන්ගේ දායකයින්ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව ප්‍රශ්න කරන ලදී. ආගමික හැරීම් තහනම් කිරීම සඳහා වූ නව ඉල්ලීම් සමඟ මෙය සම්බන්ධ වී තිබේ. නීතියක් නොතිබුණද සුළුතර ආගම්වල නමස්කාර ස්ථානයන්හි අලුතින් ඉදිකිරීම් නිලධාරිවාදී තහංචි පනවා ඇත.

2009දී යුද්ධවෙසානයෙන පසු මුස්ලිම්වරු වෛරයෙහි, රාජ්‍ය අනුග්‍රහයෙන් කැරෙන අසාධාරණයන්හි සහ ප්‍රචණ්ඩත්වයේ ඉලක්කය බවට වැඩි වැඩියෙන් පත්ව ඇත. හලාල් සහතික කිරීම, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම්, මුස්ලිම් නිවාස, ව්‍යාපාර, දේපළ, පූජනීය ස්ථාන සහ මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එරෙහිව ප්‍රචණ්ඩ වාචාල කථන මුදා හැරිණ. මුස්ලිම්වරුන්ට එරෙහිව සිය ගණනක් ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල වී තිබේ.

2015 නොවැම්බර් සිට 2016 ජුනි දක්වා කාලය තුළ අවම වශයෙන් මුස්ලිම්වරුන්ට පහරදීම් 64 ක් වාර්තා වී තිබේ. 2017 අප්‍රේල් සහ මැයි මාසවලදී මුස්ලිම් සතු ව්‍යාපාරවලට පහරදීම් රැල්ළක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත් විජිත ඉතිහාසයේ දරුණුතම මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය 2018 දී මධ්‍යම මහනුවර දිස්ත්‍රික්කයේ නගරවල සිදුවිය.

මෙම මෑත (වසරයන්හි) මුස්ලිම් විරෝධී මැර ප්‍රහාරවලින් අවම වශයෙන් මුස්ලිම්වරුන් 6 දෙනෙකු මිය ගොස් ඇති අතර මේ දක්වා ඊට වගකිව යුතු කිසිවකුට දඩුවම් කර නැත.

විශ්වාස කිරීමට අපහසු තරමට, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනිසි ලෙස භාවිතා කර මුස්ලිම්වරුන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතික අයිතිය ක්‍රියාත්මක කිරීම නිසා ඔවුන් අත් අඩඟුවට ගෙන සිරගත කරනු ලැබේ. ඊට හාත්පසින්ම වෙනස්ව, අන්තවාදී වෛර භාෂක භික්ෂූන්, මැරයන් සහ මාධ්‍ය දුර්විපාක අත්විදීමෙන් නිදහස්ය.

වසංගතය පවා මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය පැතිරවීමට භාවිතා කරන ලදී. වෛරසය ගෙන ආ අය බවටත් එහි වාහකයන් බවටත් මුස්ලිම්වරුන්ට චෝදනා එල්ල විය. රජය සමඟ පෙලගැසී ඇති බලගතු මාධ්‍ය ආයතන, මුස්ලිම්වරුන් දේශද්‍රෝහී හා විනයගරුක නොවන අය ලෙස පින්තාරු කරන කථා ප්‍රවර්ධනය කළේය.

ගිනි අවුලුවනසුළු භික්ෂූන් වහන්සේලා මුස්ලිම්වරුන්ව පත්කර ඇති දැඩි, නින්දා සහගත තත්වය හා බිය තවත් ඉහළ නංවමින් රජය විසින්  මළවුන් භූමදාන කිරීමේ ව්‍යවස්ථාමය වශයෙන් සුරක්ෂාකර ඇති ඇති මූලික අයිතිය කොවිඩ් 19ට ගොදුරු වූවන්ගගෙන් උදුුුුරා ගත්තේය.

මර්තු 01දා වන විට, අවම වශයෙන් කොවිඩ් අසාදිතව මියගිය බවට සැක කෙරෙන මුස්ලිම්වරුන් 250 කට වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල්හි කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ආදාහනය කරන ලද්දේ කිසිදු විද්‍යාත්මක හේතුවක් නොමැතිව ය.

පෙබරවාරි 24 වන දින මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයෙන් පසුව, කොවිඩ් 19 වින්දිතයින් භූමදානය කිරීම සඳහා වූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ඉවත් කරන ලදී. සමහර විට මෙය සිදු කරනු ලැබුවේ මුස්ලිම් සාමාජික රටවල සහාය ලබා ගැනීමේ උත්සාහයක් වශයෙනි.

අලුත්ම වර්ධනය නම් ආරක්ෂක හේතූන් මත, පොදු ස්ථානවල සහ ප්‍රසිද්ධ රැස්වීම්වල නිකාබ් (මුහුණු වැස්ම) පැළඳීම තහනම් කළ යුතු බවට අධිකරණ අමාත්‍යවරයා නිර්දේශ කර තිබීමයි. (කොවිඩ් වසංගතය නිසා) මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන රටක, මුහුණු වැස්ම තහනම් කිරීමේ මෙම උත්සාහයට කිසිදු තර්කයක් තබිය නොහැක. ඊට මුස්ලිම් විරෝධී අන්තවාදය සහ වෛරය හැර වෙනත් හේතුවක් තිබිය හැකිද? අයිතිවාසිකම් ඉවත්කර දීම, අන්තවාදීන් සහ ඉස්ලාම් භීතිකාවන් සමනය කිරීමේ ක්‍රමයද?

එබැවින්, මෙම තර්ජන හා අපයෝජනයන්ට මුහුණ දී සිටින, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුළුතරයන් සහ ඔවුන්ගේ මානව හිමිකම් සමාන සුරැකීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය හැකි සෑම පියවරක්ම ගැනීම අත්‍යවශ්‍ය වේ. වගවීම, සත්‍යයට සහ යුක්තියට ප්‍රවේශය සහ සාක්ෂි එක්රැස් කිරීම පිළිබඳ යෝජනාවක් මගින් මෙම මෙම සැසිවාරයේදී මෙය කළ යුතුය. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ පැවතිය යුතුය.

මානව හිමිකම් කවුන්සිලයේ දැන් පැවැත්වෙන සැසිවාරය අතරතුර “ශ්‍රී ලංකාව: මානව හිමිකම් පිළිබඳ පසුබැසීම් නැවැත්වීමට සහ වගවීම සහතික කිරීමට පියවර ගත යුතු කාලය” යන තේමාව යටතේ මාර්තු 1 වන දින පැවැති සාමන්තර රැස්වීමකදී නීතිඥ එම්. අමීර් ෆායිස් විසින් කරන ලද ප්‍රකාශයෙහි සංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Archive

Latest news

Related news