Sunday, May 5, 2024

පළිගැනීම් කොමිසමට විරුද්ධව රාජ්‍ය මුදල් අවභාවිතය ගැන ජනතා නීතිඥයෝ අල්ලස් කොමිසමට පැමිණිළි කරති

2020 ජනවාරි 09 වන දින නිකුත් කරන ලද අති විශෙෂ ගැසට් පත්‍රය අනුව 2020 ජනවාරි 08වන දින සිට 2020 නොවැම්බර් 11 වනදා දක්වා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්යෙන් පරීක්ෂා කර වාර්තා කිරීමට පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශන කොමිෂන් සභාවේ කොමසාර්ස්වරුන්ට විරුද්ධව අද ජනතා නීතිඥයෝ සංවිධානයට අයත් නීතිවේදන් සහ නීතිවේදිනයන් කණ්ඩායමක් අල්ලස් සහ දූෂන කොමිෂන් සභාවට පැමිණිළි කරන ලදී.

එම ගැසට් නිවේදනය අනුව කොමිෂන් සභාවට බලය පවරා තිබුණේ පහත සඳහන් පුද්ගලයින්ට වීයැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමට පමණක් බව එම පැමිනිල්ල සදහන් කරයි.

රජයේ නිලධරයන්

රාජ්‍ය සංස්ථාවල සේවකයින්

සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින්

ශ්‍රී ලංකා පොලීසියෙහි සාමාජිකයින්

එසේ නමුත් එම කාන්ඩයන්ට අයත් නොවන පුද්ගලයින් විසින් කරන ලද පැමිණිළි සම්බන්ධයෙන්ද එම කොමිෂන් සභාව කටයුතු කර ඇති හෙයින් එම පරීක්ෂන සඳහා වැය කරන ලද මුදල් රාජ්‍ය මුදල් අවභාවිතයක් බව පැමිණිල්ල සදහන් කරයි.

එවැනි විභාග 22ක් එම පැමිණිල්ලේහි සදහන් කර තිබේ.

ස්වකීය බලතල ඉක්මවා යමින් එසේ කරන ලද එම පරීක්ෂන අනුව අල්ලස් සහ දූෂන කොමිෂන් සභාවේ 70 වන වගන්තියට අනුව වරදක්කර ඇති බැවින් ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස එම සඳහන්නීතිඥ පිරිස සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටී

මේ පිළිබඳව ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා පැවසූයේ කුමන තර්ජන ගර්ජන බාධක පැමිණියද රටෙහි නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් ජනතා නීතිඥයෝ දිගටම ක්‍රියා කරන බවයි..

 

එම පැමිණිල්ල මෙසේය‍:

Archive

Latest news

Related news