Saturday, April 20, 2024

පළිගැනීම් කොමිසමත් සෙට්ට පෝච්චි: ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමෙන් පසු ජනධිපති නීතිඥයෝත් අවි ඔසවති; විජේදාස රාජපක්ෂත් විරුද්ධයි! 

මානව හිමිකම් සම්බන්ධයෙන් කටයතු කරන නීතිවේදිනයක සහ නීතිවේදීන් තිදෙනෙකු විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සමින් පසු රටෙහි ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරුන් 12 දෙනෙකු විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් වරයාට ලිපියක් යවමින් පළි ගැනීම් කොමිසමේ වාර්තාව උග්‍ර විවේචනයකට ලක්කර තිබේ.

පසුගිය 01 දින සේනක පෙරේරාඅචලා සෙනෙවිරත්නනාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා විසින් එකී මුල් පැමිනිල්ල ඉදිරිපත් කරන ලදී. 

මෙම ලිපිය යවා ඇත්තේ ඊට පසුදා, එනම් මාර්තු දෙවැනිදාය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන දැනට මාධ්‍ය මගින් හෙළිකරන ලද තොරතුරු අනුව එය රටේ නීතියේ පාලනය අවතක්සේරු කර ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කර ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ විධිමත් සහ අපක්ෂපාතී රාජකාරිය ඛාදනය කර ඇති බවත් හිටපු අධිකරණ ඇමැතිවරයා ද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ද, අලුතින් පත්වූ සභාපති ද ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥවරුන් 11 දෙනෙකුගෙන් යුත් පිරිසක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් වරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.

කොමිසම ඉදිරියේ කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සහිතව කොමිසම ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ සහතික කළ පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් ලබා ගන්නා ලෙසත් එය තමන් ඇතුළු සියළු නීතිඥ සංගම් සාමාජිකයන්ට පරිශීලනය සඳහා ලබා දෙන ලෙසත් ඔවුන් නීතිඥ සංගම් ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ  මෙම කොමිසම් වාර්තාවට විරුද්ධව මෙම ලිපියට අත්සන් තබා තිබීම රාජපක්ෂවරුන්ගේ සැළසුම්වලට සෛාහාන් ළකුණු පහළවීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.. රාජපක්ෂවරැන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙක් වන රොමේෂ් ද සිල්වා ද මෙම ලිපියට අත්සන් තබා තිබේ.  ෙ

කේ. කණගීෂ්වරන්, ඉක්රම් මොහොමඩ්, ෆයිස් මුස්තාපා, උපාලි ඒ ගුණරත්න, ජෙෆ්ර් අලගරත්නම්, රොමේෂ් ඩි සිල්වා, විජයදාස රාජපක්ෂ, යූ.ආර්. ද සිල්වා, නිහාල් ජයමාන්න, උපුල් ජයසූරිය සහ සාලිය පීරිස් යන පුමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරුන් ඊට අත්සන් තබා තිබේ.

Archive

Latest news

Related news